(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත අතීතයට බලපාන අන්දමින් සංශෝධනය කිරීම මඟින් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ඇතුළු දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (13) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
පළාත් පාලන ආයතනවලට ඡන්ද ඉල්ලීම සඳහා අයැදුම් කරන ක්ෂේත‍්‍ර නිලධාරීන් එම පළාත් පාලන ආයතන බල ප‍්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතනවලින් අවම වශයෙන් වසරක කාලයකට පෙරදී ඉවත් වු අයවලූන් විය යුතු බව සඳහන් කරමින් පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත අතීතයට බලපාන අන්දමින් සංශෝධනය කිරීම මඟින් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් පළාත් සභා මන්තී‍්‍ර ජගත් කුමාර සහ බත්තරමුල්ලේ කේ.එච්.ජී. කිත්සිරි යන මහත්වරුන්ය.
එහි වගඋත්තරකරුවන් වශයෙන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා, සහ එහි සාමාජිකයින් සහ නීතීපතිවරයා නම් කොට ඇත.
මෙම පෙත්සම විභාගයට ගැනීමට නියම කරන ලෙසත් පෙත්සම විභාග කර තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප‍්‍රකාශයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කීරීම හේතුවෙන් තමන්ට වන්දි අයකර දෙන ලෙසද ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව කොහොමද පොහොට්ටුව පුප්පන්නේ නේද?
1994 ට පසු ජනසවිය සමෘද්ධිය බවට පත්කළාට පසු එය ක්‍රියාත්මක කරවීමට වසමක් ගානේ පත් කල එකම දේශපාලන පක්ෂයේ අය ඉන් පසු පැවැත්වූ සෑම මැතිවරණයකදීම සමෘද්ධි සහනාධාර හැසිරවීම තුලින් දිළිඳු ගම්වැසියන් වෙත කරන ලද බලපෑම් හා මැතිවරණ අකටයුතුකම් හා නොමනා ක්‍රියාකාරකම් ගැන රටේ ජනතාව මැනවින් අවබෝධ කරගෙන තිබෙන නිසා පළාත් පාලන ආඥා පනතට ඇතුල් කර ඇති සංශෝධන ඇත්ත වශයෙන්ම සාධාරණ බව කිව යුතුමය. මහජනතාව තුල ගොඩනැගී ඇති මෙම ආකල්පය නැති කිරීම උගහට බව මේ අය තවමත් තේරුම් ගෙන නැතිවීම කණගාටුවට කරුණකි. මේ බොහෝ දෙනෙක් හැසිරුනේ හා ක්‍රියාකළේ ග්‍රාම නිලධාරි කෙනෙකුටත් ඉහල මට්ටමේ සිටින , " අශ්වයින්ට අං ලැබුන " ආකාරයෙනි. ඒ බැවින් , මෙම සංශෝධන නිසා ඊට ඉඩ කඩ ඇහිරේ.