ශ්රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතය.
විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.
අධිවේගී මාර්ග ඉදිකිරීමේදී සිදුවන වංචා,දූෂණ පිළිබඳ රට තුළ විශාල සංවාදයක් මතුව ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම කථානායකවරයාගෙන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ දී විවාදයක් ඉල්ලා ඇත.
ඒ අනුව ලබන 19 වැනිදා එම විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් මුන්දැලාට හීනෙන් බයවෙලා වගේ හදිස්සියේම අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳ කතා කරන්න උත්සාහ ගන්නේ " හරක් මඩුවේ "ඇතුලේ මොකද..?
කොහොමද පසුගිය රජය කාලේ මෙහෙම විවාදයක් ඉල්ලුවානම් ලැබෙන ප්රතිඵල ??
ඉඩම් සඳහා සාධාරණ වන්දියක් ගැනත් විවාද කරවීයැයි සිතමු .
මෙන්න මෙයයි අපගේ පැතුම වුයේ යහපාලන රජය පත් කිරීමේදී. සියල්ල විනිවිද බාවයකින් විය යුතුය යන්නයි. ජනපති තුමනි ඔබට ජය.
ඊයේ දුම්රිය වර්ජනය නිසා මහජනයාට සිදුවුණු අපහසුතාවය ගැනත් විවාදයක් ගන්ට බැරිද? මේ වර්ජන වලින් ඔය මන්ත්රී වරුන්ට අපහසුවක් නැති නිසාද ඒවා ගැන කතා නොකරන්නේ?
අනුර මහත්තයෝ, දැන් සනීපද?