(විනීතා එම් ගමගේ)
දේශපාලන පවුල් ගස් ඉදිරියේ දී මේ රටේ දේශපාලනය තුළ බිහි නොවනු ඇතැයි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා පවසයි.
ඉදිරියේදී පැවැත්වෙන සියලූ මැතිවරණයන්ට ඉදිරිපත් විය හැක්කේ එක් පවුලකින් එක් අයකු පමණයි යන සදාචාරාත්මක එකඟතාවට මේ රටේ දේශපාලන පක්ෂ හුරු කිරිමේ භාරදූර වගකීම තමන් ඉදිරියේ ඇතැයි ද අමාත්‍යවරයා කියයි.
කවර අභීයෝග පැමිණියත් එම වගකීම ඉටු කරන්නේ යැයි ද අමාත්‍යවරයා කීය.
“නුවරඑළිය සහ අඹන්ගමුව කියන ප‍්‍රාදේශීය සභාවල ජනගහනය ලක්ෂ දෙකකට වඩා ප‍්‍රමාණයක් තියෙන නිසා ඒ ප‍්‍රාදේශීය සභා දෙක ප‍්‍රාදේශීය සභා හතරකට, පහකට කැඞීමේ කටයුත්ත අද වතුකරයේ දෙමළ පක්ෂ එක්ක අපි කතා කරගෙන යනවා. මේ ඉරිදා සෙනසුරාදා අපි වතුකරයේ පක්ෂ සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රිවරු එක්ක සාකච්ඡාවක් කරන බව පොරොන්දු වෙනවා. ඒ කර්තව්‍ය සිදුකළ වහාම අපි එන සතියේ එය ගැසට් කිරිමට බලාපොරොත්තුවෙනවා.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මේ බව පැවසුවේ සභාවක අන්තර්ගත විය යුතු බල ප‍්‍රදේශ සහ කොට්ඨාශ පදනමින් සහ පොදු ලැයිස්තුව තුළින් තේරී පත්වි යුතු මන්ත‍්‍රීන් සංඛ්‍යාව ඇතුළත් සංස්ථාපන නියමයන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රීය මහතා වෙත පෙරවරුවේ භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අනුමැතිය හිමිවීම හරහා නව මැතිවරණ ක‍්‍රමය යටතේ ඒ ඒ සභාවල සිටිය යුතු මන්ත‍්‍රී සංඛ්‍යාව නිශ්චය කිරීම සඳහා එම සංශෝධන පනත්වලින් අමාත්‍යවරයා වෙත ලැබුණු බලය අනුව සකස් කෙරුණු නියමයන් මෙලෙස අද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා වෙත භාර දෙනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට බදූර්දීන් ගැන මොකද කියන්නේ... ?
මේ දේශපාලකයන් මොකටද එන්නේ කියන එක ජනතාව තේරුම් ගත යුතුව ඇත.
පිච් එක හරි දැන් මැච් එක ගහමු හැබැයි නො බෝල් බැ හොර අවුට් බැ ටීම් එකේ නැති අයට පස්සේ රින්ගන්නත් බැ ජයවේවා !
මෙතුවක් කෑවේ සිරිලක අප පවුල් පිටින්.... නැතිවෙනු හැඩයි එය නම් හෙට දිනයේ... කවුරුන් ගෙනාවද අනුමැතියට ගිනිගෙඩිය..... මොනදේ ගෙනාවත් අප වැනි " හිවලුන්ට ".... කන්නෙමු ලක්මව අප කොනක සිට.....
එතකොට චතුර, කාවින්ද, දුමින්ද වගේ තාත්තලා පස්සෙන් ආපු පුත්තුන් ගැන මොකද කරන්නේ? රාජපක්ෂ පවුලට ගහනකොට අනික් කට්ටියටත් වඳිනවානේ.
මහින්ද, බැසිල්, ගෝඨාභය යන තුන් සහෝදරයන් ත්‍රිවිධ හමුදා නායකයිනුත් සමග යුරෝපිය රටවල් සහ ඉන්දියාව, පකිස්තානය සමතුලනය කරමින් යුද්ධය දිනා දෙනකොට සහෝදරයෝ හොඳයි. ඒ පවුල් වාදය තුලින් රටට සෙතක් වුන බව කාටත් අමතක වෙලා. දැන් ඉන්න අනෙක් දේශපාලන පවුල් රටට කල සෙතේ මොකක්ද? නමුත් කියන්නෙම මහින්දගේ පවුල් දේශපාලනය විතරමයි.
බැඳපු අයට පුළුවන්. නොබැඳපු අයට බෑ කියමු. එතකොට නාමල් අවුට්.
රාජපක්ෂ රාජපක්ෂ, අනේ වැඩ කරන්න., එවිට රාජපක්ෂලාට බයවෙන්න ඕනෑ නැහැනේ....