(ප්‍රසාද් රුක්මල්)
රිමාන්ඩ් කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු කැඳවුම්කරුවන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය අද (14) බදුල්ලේදී විරෝධතාවක් පැවැත්වීය
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ,අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි සහ වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් නිදහස් කරන්නැයි ද මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන්නැයි ද ඉල්ලා එම විරෝධතාව පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගරයෙන් ගමට..... විරෝධතා අලුත්ම සංකල්පය...
මේ අයට නිදහස් අධ්‍යාපනය රැක ගන්ට මතක් වෙලා තියෙන්නේ සයිටම් එක ඇරියට පස්සෙයි. මේ තාක් කල් කළමනාකරණය, ගණකාධිකරණය, නීතිය වැනි රටේ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍ර වලට පුද්ගලික අංශයෙන් උපාධි දෙනකොට මේ උද්ඝෝෂකයෝ නිදි. මේ උද්ඝෝෂණ ඔක්කොම දොස්තර මාෆියාවෙයි, පෙරටුගාමියෝ කියාගන්නා අයගේ උසි ගැන්වීම් පමණයි. මේ "උද්ඝෝෂණ" සත පහකට ගණන් ගත යුතු නැත....
ගමට අවොත් ....ගු ටි පුජාවක් ලැබෙයි.ගමත් කන්ඩ හදන්ඩ එපා.
ඔය රිමාන්ඩ් කර සිටින රංචුව එහේම හිටපු දෙන් ! මොකක් හෝ කොස්සක් අල්ලාගෙන පෙළපාලි ගිහින් පොදු සහ මහජන දේපලවලට හානිකර කුඩු පට්ටම් කරන මේ ටිකට, රටේ නීතිය අනුව දඬුවම් දී, කරපු අලාභ හානි වෙනුවෙන් වන්දි ලබාගන්නා තුරු, රජයේ බෝඩිමේ රඳවාගෙන පිනට කන්න බොන්න දීමට අධිකරණය ගත් තීරණය අගය කල යුතු වෙනවා !
වෙනත් වෘත්තීයමය ක්ෂේත්‍ර සඳහා රටේ වෙනත් ආයතනවලින් උපාධි හෝ සුදුසුකම් හෝ ලබාගෙන ඉහල මට්ටමේ රැකියාවන්හී නිරතවන්නන් හා සසඳන විට මේ අය කාගේදෝ උසි ගැන්වීමකට බමුණු කුලය කරපින්නාගෙන ඉන්නා නුගත් පහත් කුලයක අය බව රටේ වැඩි දෙනෙකුට තේරුම් ගොස් ඇති බව නම් නොඅනුමානය. නැවතත් මේ ළමයින් බාලාංශ පන්තියේ ඉගෙන ගන්නවා වාගෙයි පෙනෙන්නේ. රටේ සංවර්ධනයට හෝ විනාශයට හෝ ඉවහල් වන කාරණා ගැන මාතෘකා කොතෙක් තිබුණත් මේ සයිටම් මස්කටුවම ලෙවකකා ඉන්න පෙළගැහෙන්නේ ඇයි? ඔය උසිගන්නන කවුරුවත් ඔතැන ඉන්නවාද ? මොකක් වුණත් අපරාදේ මේ අය වෙනුවෙන් වැය කරන අපේ ධනය.
දහම් ඔයා නම් මහා මෝඩයෙක්නේ...
පාසල් අධ්‍යාපනය , උසස් අධ්‍යාපනය , රජයේ රස්සාව විතරක් නෙවෙයි පරස්තාවත් රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් කරලා දෙනකන් බලන් ඉන්න කොට්ටාශයක් තමයි මේ. හැම දෙයක්ම නිකම් ලැබෙනකොට ඊළඟට ඇති වෙන්නේ අනෙක් කෙනාට එක ලැබෙන්න ඕනා නැහැ අපිට විතරයි කියන කුහකකම . මේ උන්දලා සයිටම් නෙවෙයි තමන්ගේ නැදයෙකුගේ ළමයෙක් ඉගෙන ගන්න ටියුෂන් ගියොත් ඒ පන්තිය වහන්න කියලා උද්ගෝෂණය කරන කුහකයෝ. !
පොදු දේපල විනාශ කල උදවියගේ හතර වරිගයටම රජයේ රැකියා ලැබෙන්න හොඳ නැහැ. අපි මහන්සියෙන් හම්බු කරලා බදු ගෙවන්නේ බාල තරුණ පරම්පරාව නිසි විදියට අධ්‍යාපනය හමාර කොට රටට වැඩක් කරනවා දකින්නයි . එහෙම නැතිව සරසවියේ ඉගෙන ගන්න කෙනෙකුටවත් ඒ කටයුත්ත කරගන්න ඉඩ නොදී පිස්සු නටන එක බලන් ඉන්න නෙවෙයි.
හොඳයි තවත් කට්ටියක් උද්ගෝෂණ කලොත් මේ අය උල හිදුවා මරා දමන්ඩ කියා එතකොට මොකද කරන්නේ මහදනමුත්තේ?