(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැඳුම්කර කොමිසමේ කටයුතු විවේචනය කරමින් එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වු වැඩසටහනට එරෙහිව පියවර ගැනීමට බලාපොරොත්තු වන බව බැඳුම්කර කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද (13) කොමිසමට දැනුම් දුන්නේය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු නමැත්තාගෙන් හරස් ප්‍රශ්න විමසන අතරතුර කොමිසම ඇමතූ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය.
පසුගිය දිනෙක එක්තරා රූපවාහිනී නාළිකාවක වැඩසටහනක් ප්‍රචාරය වු බවත් එම වැඩසටහනට සම්බන්ධ වු ඇතැම් අය කොමිසමේ කටයුතු විවේචනයට ලක් කරමින් විවිධ ප්‍රකාශ කළ බවත් විනිසුරුවරයා පැවසීය.
එම වැඩසටහන හා එහිදී කොමිසමේ කටයුතු විවේචනයට ලක් කරමින් කළ විවිධ ප්‍රකාශ පිළිබඳව කොමිසමේ අවධානය යොමු වී ඇතැයි කී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා එයට එරෙහිව සුදුසු පියවර ගැනීම සම්බන්ධයෙන් සළකා බලන්නේ යැයිද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසම ට්‍රැක් එක පනින්න වගේ
අරයගේ බාප්පාගේ චැනල් එක වෙන්න ඇති....
තමන්ගේ වැඩේ හරියට කලානම් නේද හොඳ? ඕනෑම දේකට විවේචන කරන්න අයිතිය පුරවැසියන්ට තියෙනවා. නීතිඥයෝ විතරයි සර්ව සාධාරණ කියල හිතාගෙන ඉන්නේ.
කොමිසමේ සමහර දේවල් ගැන දැන් මහජනයාටත් ප්‍රශ්නයක්.
කොමිසමේ විනිසුරු තුමාගේ කතාව මහජනතාව අනුමත කරනවා. මොකද බැඳුම්කර ප්රශ්නයේ විභාගය කොමිසම නීත්‍යානුකූලව කරගෙන යනවා. මොකද මේ රුපවාහිනී චැනෙල් එක බැඳුම්කර ප්රශ්නය ගැන හැමදාම නිව්ස් වලට ඒ ගොල්ලෝම නඩු අහලා රාජ්‍ය නිලධාරින්ට කැත විදියට අවමන් කරනවා. කොහොමද මේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවට මෙතරම් බලයක් ලැබෙන්නේ කියලා වහාම හොයලා දඬුවම් කරන්න කියලා අපි කොමිසමේ විනිසුරුතුමාට කියනවා. මේ පෞද්ගලික රුපවාහිනී නාලිකාව දැන් මහජනතාවට එපා වෙලා තියෙන්නේ...
මොකක්ද චැනල් එක හැබෑටම?
ජයවර්දන මහතානනී වැඩේ වැරදීබව තේරෙනවා නීති මගින් කළහැකි දෙයක් කරන්න.