(අමල් වික්‍රමරත්න)
දැනට ලැබෙන වාර්තාවලට අනුව මෙම තත්වය ලොකු උල්කාශ්මියක් විය හැකියැයි කොලඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා තහවුරු කළා.
කොලඹ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ඉතා වේගයෙන් ගමන්ගන්නා ආලෝකයක් පමණක් දැක ඇති අතර ආලෝකය සහ ශබ්දය දකුණු පළාතේ බොහෝ ප්‍රදේශ වලට අසන්නට සහ දක්නට ලැබුණු බව තමන්ට වාර්තාවූ බවද ජයරත්න මහතා පැවසීය.
මෙවැනි උල්කාශ්මියක් තත්පරයකට කිලෝමීටර 65 ක් පමණ වේගයකින් පොළොවට ගමන්කරන බවත් එහිදී වායුගෝලයේ ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවන රත්වීමෙන් ඔක්සිජන් සමග ගැටී ගිනිගන්නා බවත් එම එලිය අපට දක්නට ලැබෙන බවත් ජයරත්න මහතා පැවසුවා.
එම පොලව දෙසට වේගයෙන් එනු ලබන උල්කාශ්මියේ වේගය අනුව ඉදිරි කොටසේ පීඩනය වැඩිවන අතර පිටුපස කොටසේ පීඩනය අඩුවන බවත් එම හේතුවෙන් උල්කාශ්මිය පුපුරා යනබවත් එම ශබ්දය විශාල ශබ්දයක් ලෙසින් පොලවට ඇසෙන බවද ජයරත්න මහතා පැවසුවා,
මේ අතර හැලී ගේ දුමකේතුවේ කක්ෂය හරහා පෘතුවිය ගමන් කිරීම සිදුවන නිසා එමගින් උල්කාපාත වර්ෂාවක් ඇතිවීමටද නියමිත බවත් සමහර විට එම සිද්දිය නිසා ඇතිවූ තත්වයක්දයි සැකකලහැකි බවද ජයරත්න මහතා පැවසුවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ වාර්තාවට තාම මොකවත් කීවේ නැ. මම හිතන්නේ ජනේලෙන් මේක පෙනිලා නැතිව ඇති.
උල්කාෂ්මයක් නෙවෙයි ගුවන් යානයක් බාලලු කොග්ගලට
උතුරු කොරියාවට සම්බාධක දැමීෙම් ප්‍රතිඵලයක් සම්බාධක ඉවත් කෙළ් නැත්නම් ඊළඟ මිසයිලය ඒවාවි. මේ අනතුරු අැගවීමක් ..............
වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද ? උල්කාපාතයක් වැටීම කාලගුණ අනාවැකියක් හෝ කාලගුණයට අදාළ දෙයක් නොවෙයි. එය එන බව දැනගත හැකි ක්‍රමයක් නෑ. දැනගත්තත් කොතැනට වැටෙයිද කියන්නත් බෑ. කොතැනට වැටෙයිද දැනගත්තත් වැටීම නවත්වන්නත් බෑ, මිනිස්සු එතනින් ඉවත්කරන්නත් බෑ. එන්නේ ඉතා වේගයන්. මේවා තේරුම් ගන්න. නිකරුනේ කාටහරි බනිනවට වඩා යමක් ඉගෙනගන්න.
ශ්රිපාදයෙන් පෙරලුන කුණු කන්ද වෙන්න බැරිද?
කොයි එකටත්, අර උතුරු කොරියාවේ එක්කෙනාගෙනූත් අහල බැලුවොත් හොඳ නැත්ද?
කාලගුණයට මේක අදාළ නැහැ
අනේ අපෝ කෝ මෙ අපේ සාත්තර, ජෝතිෂ්‍ය අය මේක ගැන මොනවත් කියන්නේ නැත්ද?
බණ්ඩාරවෙල වැනි සුන්දර ප්‍රදේශයක් විනාශ කරපු දකුණු පැත්තේ ඉන්නා කට්ටියක් සොයා ආ වැහි නැති හෙණයක් වෙන්න බැරිද?
චන්දන ජයරත්න මහතා බොරු කියන්න එපා , එය චීනය අභ්‍යවකාශයට 2011 දී යවා මේ වන විට පාලනයෙන් ගිලිහී ගොස් තිබෙන ‘ටියැන්ගොන්ග් 1‘ (Tiangong-1) නමැති අභ්‍යවකාශ විමන (space station) මිස උල්කාෂ්මයක් නොවේ , මෙය දැන් තහවුරුකරලා තියනවා
මේ වගේ එකක් දියවන්නාවට කඩාවැටුනොත් මොනතරම් වටිනවාද?
මම මෙය කොට්ටාව මත්හෙගොඩ මගේ නිවසේදී දැකීමට වාසනාවන්ත වීමි. මම සිටියේ උඩු මහලේ විවෘත ප්‍රදේශයක දකුණු ප්‍රදේශයට මුහුණලා ය . ඉතා විශාල රිදී වන අාලෝක ගණයක් ඉතා වේගයෙන් බටහිර පැත්තේ සිට නැගෙනහිර පැත්තට යන බව දුටිමි. එහි ගිනි වලිගය ඉතා දිගු වූ අතර ගමනේ අඩකින් පසු කෑලි ගැලවෙමින් පසු පසට විහිදෙනු දුටිමි. මම මෙහි අවසානයද දකිනු කැමැත්තෙන් දිව්වෙමි. කෙමෙන් කුඩා වී ගිය ගිනි ජාලය රිදී පහන් ගින්දර පැහැයට හැරී නිවී ගියේය. මම ඒ අතරම ගෙදර අනෙක් යට කෑ ගසා මාර දෙයක් වෙනවා යයි කියමින් සිටියෙමි. වෙන අයෙකුට එන්නට වෙලාවක් නැත. රාත්‍රී විස්තරයෙන් පසු එය විශේෂ දෙය බව දුටුවේ පත්තරවලින් උදයේය. තවත් බොහෝ ය එය දකින්නට ඇති යයි මට සිතී තිබිණි
පැයට කිලෝමීටර 234,000 වේගයකින් වැටෙන උල්කාශ්මයක්. ඒක නම් හිතා ගන්න අමාරුයි..........
පුදුමයි නසා ආයතනයට කලින්ම මේ සිදුවීම පිළිබඳව පැවසීමට නොහැකි වීම ගැන.......
මම නම් දැක්කා....හැබැයි කටාර් අහසෙහි..... video තියනවා
ඇති යන්තම් පත්තර බලලා වගේ