(ටී.කේ.කපිල,ප්‍රසාද් මුතුකුඩ)
රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවකයකු අද (19) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු 50 හැවිරිදි ගුවන් යානා කාර්යය මණ්ඩල සුපරීක්ෂකවරයකු ලෙස සේවය කරන අතර සෞදි අරාබියේ ජෙඩා සිට පැමිණ ඇතැයි වාර්තා වේ.
ඔහු කිලෝ ග්‍රෑම් 5 යි ග්‍රෑම් 300 ක් බර මෙම ස්වර්ණාභරණ තොගය විශේෂිත පටි වර්ගයක් භාවිතා කර තම උදර ප්‍රදේශයේ සහ කකුල්වල බැඳගෙන සිටියදී රේගු අත්අඩංගුවට පත්ව ඇත.
මොහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය විනය පියවර ගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයකු පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කස්ටම් කාරයන්ට පගාව දෙන්නේ නැතිව බඩු පන්නන්න ගියාම ඔහොම වෙනවා. නිකමට හරි ඔය කස්ටම් කාරයෙක්ගේ ගෙදරක එහෙම ගියොත් උන්ට තියෙන වත්කම් දැක්කම හිතෙයි උනුත් ජනතාවට සේවය කරන්න ඉන්න කෝටිපති දේශපාලක හොරුද කියලා
වළලු ටිකට නම් හිත ගිහින් වගේ
අසෝක ඔය හරියටම හරි , ඔය කස්ටම් කාරයන්ගේ බැංකු ගිණුම් ඉඩ කඩම් ගැන හොයන්න වෙනම කොමිසමක් දාන්න ඕන , බැංකු හොරකම වගේ හොඳ හොඳ දේවල් අල්ල ගන්න පුළුවන් එතකොට..........
ලංකාවේ තියෙන ජරාම රජයේ ආයතනය කස්ටම් එක
ශ්‍රී ලංකා රේගුව කියන්නේ බඩුවක් ගෙන්නන්න කලින් කතා කරලා විස්තර ඇහුවට කිසිම දෙයකට ගහන බද්දක් පැහැදිලිව කියන්නේ නැති ආයතනයක්.. ඒ වගේම රේගුවේ වෙබ්ස යිට් එකට ගිහින් පරික්ෂා කලත් කිසිම බද්දක් පැහැදිලිව පෙන්නුම් කරන්නේ නැහැ.. ඔවුන්ට පුළුවන් කබරගොයෙක් ගෙනාවොත් නෑ මේ ඉන්නේ තලගොයෙක් කියල වෙනම බද්දක් ගහන්න.. මොවුන් සමග හිතවත් වුණ වෙනම මහාපරිමාණ බඩු ගෙන්වන පිරිසක් හැම අංශයේම ලංකාවේ ඉන්නවා .. ඔවුන්ට ඉතාම අඩු බද්දක් ගහන ගමන් නොදන්නා කෙනෙක් ගෙනාවොත් ඉතාම වැඩි බද්දක් ගහනවා .. ඇඳුරුම්කමට නිකන් වගේ බඩු නිදහස් කරගන්න ආනයනකරුවෝ ගොඩක් ඉන්නවා.. මේක කරලා තියෙන්නේ මොවුන් සමග ඇඳුරුම්කමක් නැති කෙනෙක් ..
කස්ටම් එකේ අය වැඩ ඇරිලා ගෙදර යනකොට චෙක් කරන්නේ කවුද.
කස්ටම් එක තරම් හොර ගුහාවක් ලන්කාවෙ වෙන කිසිම තැනක නැහැ.