(බුද්ධික කුමාරසිරි)
කඩුවෙල සහ පානදුර ප‍්‍රදේශවල කොකේන් මත් කුඩු විකිණීමේ නිරත වූ එකම පවුලේ බාප්පා සහ පුතා රුපියල් ලක්ෂ හයහාමාරක් පමණ වටිනා කොකේන් මත් කුඩු ග‍්‍රෑම් පනස් හයක්ද සමගින් අද(18) සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
කොකේන් මත් කුඩු අලෙවියෙන් ලද මුදලින් මිලට ගත් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ලියාපදිංචි නොකළ යතුරු පැදියක් රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා ලියාපදිංචි නොකළ ති‍්‍ර රෝද රථයක් රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා රන් මාලයක් රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා නවීන රූපවාහිනියක් සහ මුදලින් රුපියල් පක්ෂ පහකට ආසන්න මුදලක්ද මෙම සැකකරුවන් ළඟ තිබී සොයා ගත් බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd