රැන්සම්වෙයාර් නමැති වෛරසය ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට ද බලපෑම් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
ඒ අනුව ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන් විශේෂ අවදානයකින් පසුවන ලෙස එම සංසදය ඉල්ලීමක් කරයි.
ලොව පුරා මෑත කාලයේදී වේගයෙන් පැතිර ගිය වෛරසයක් ලෙස මෙම රැන්සම්වෙයාර් පරිගණක වෛරසය හැඳින්විය හැකිය. මේ හේතුවෙන් ලොව පුරා පරිගණක රැසක් සයිබර් ප්‍රහාරයන්ට ලක්කර කප්පම් ඉල්ලීම සිදුකෙරිණි. බ්‍රිතාන්‍ය, ඇමරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය වැනි රටවල් රැසක පරිගණක විශාල සංඛ්‍යාවක් මෙම වෛරසය හේතුවෙන් අකර්මන්‍ය වූ බව වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙත් ඉන්නවා දැන් හොඳ කට්ටියක්... එයාලා කප්පම් ඉල්ල ඉල්ලා ඉන්නේ නෑ. කෙලින්ම මෙහාට සල්ලි ඇද ගන්නවා කෑෂ් වලින්.. ඇන්ඩ්‍රොයිඩ් වෛරස් කැලේ දැන්.. මේ මොළ සද්භාවයෙන් වැඩ කරනවා නම් සාමාන්‍ය මිනිසාට කොතරම් වටිනා සේවයක් කරන්න පුළුවන්ද? සියලුම ආගමික නායකවරුනි, තම ශ්‍රාවකයිනට යහපත් දේම ආයේ ආයේ කියාදී ඔවුන් නිවැරදි කරනු මැනවි....