(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් ඇමැති රවී කරුණානායකට දුන් බව කියන ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මිය හිටපු මුදල් ඇමැතිගේ සමීප ඥාතියකු බව කියන පුද්ගලයකුගෙන් එල්ල වු තර්ජන නිසා ජීවීත ආරක්ෂාව පතා ඇය විදේශ රටකට ගොස් ඇතැයි කොමිසමට සහය වන අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා බැඳුම්කර කොමිසමට අද (17) දැනුම් දුන්නේය.
2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනි දාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි (සභාපති) ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කැරිණි.
කොමිසමේ සාක්කි විමසීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා කොමිසම රැස්වු අවස්ථාවේදී කොමිසම ඇමතූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අනිකා විජේසුරිය මහත්මිය මෙම කොමිසම හමුවේ සාක්කි දුන් සාක්කිකාරිය කැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉදිරි කාලයේදී දේශ පාලනයට එන්න කරන දෙයක් වෙන්න බැරිද.
මෙය යහපාලනයට කැළලකි. තර්ජනය කිරීමේ අයිතිය වෙනුවෙන් සටන් වදිමු.
අපේ රටේ නීතිය කෝ? සදාචාරය කෝ? පොලීසියට මේ තර්ජන ගැන සොයා බලන්න බැරි ඇයි? දැන් රටේ වෙන දේවල් දැක්කම ලාංකිකයෙක්වීම ගැන කණගාටු හිතෙනවා. නීතිය සහ සදාචාරය ස්ථාපිත වෙන්නෙ උඩ සිට පහළට කියල කියමනක් තියෙනවා.
ධම්ම මොනවා කලත්, මම නම් සටන් වදින්නේ....."තර්ජනය කිරීමට එරෙහිවයි " ! ! !
ඔය සියල්ලම බොරු. ඔය තර්කයන් හදල දෙන්නේ නීතිවේදියෝම තමයි. මෙමගින් අපිට පසක් කරවන්නේ මුදල් බලය තිබෙන කෙනාට රටේ අධිකරණය, නීතිය දෙකට නවන්න පුළුවනි කියලයි.
මේ කතාව දැනුම් දීමෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ?
ප්‍රවේසම් වෙනු.
දැන්වත් මේ සිද්ධියට අධාල සැක කරුවෝ අත්අඩංගුවට ගෙන නඩු පවරන්න , නැත්නම් සාක්ෂි කාරයන්ට තර්ජන කරනකොට ඔවුන් ඉදිරියේදී සාක්ෂි දෙන්න බිය වේවි එතකොට නඩු පැවරුවත් නඩුව නිකන්ම විසිවේවි......ජනාධිපති තුමනි වහාම ක්‍රියාත්මක වන්න..... නැත්නම් ජනතාවට සාධාරණ සැකයක් ඇති වෙනවා අනිකුත් දේශපාලකයෝ මෙන් ඔබතුමාත් මේ හොරු ආරක්ෂා කරනවා කියල , එහෙම වුනොත් ඉදිරි මැතිවරණ වලට මේ ප්රශ්නය තදින් බලපාන බව සිතට ගන්න.....
ධම්ම ඔයාලා තාමත් විස්වාස කරනවද අපේ රටෙ පාලකයන් ඉදිරිපත් කරන සංකල්ප. මමනම් ඉස්කෝලේ කාලෙමමයි තේරුම් ගත්තේ මේවා ඡන්ද ටික කඩා ගන්න කාලෙන් කාලෙට එන සංකල්ප විතරයි.
මෙහි පිටපත, තිර රචනය කාගේද කියල කව්රු හහි දන්නවා නම් කියන්නකෝ.
අනිකා ලු මේකා ලු අපිට හැමදාමත් කොකා ලු.
ඒ වුණාට අර අනිත් කෙනා යහතින් ඉන්නේ...! අපිට ඉතින් කොකාගේ හෙවනැල්ල තමයි ...!
රටේ ආරක්ෂක තත්වය ගැන මේකෙන් හොඳට තේරුම් ගන්න පුළුවන්...
යහපාලකයෝ කොච්චර සිල් ගන්න හැදුවත්, පරණ පුරුදු ඉඳලා හිටලා එළියට එනවා.