(තරිදු ජයවර්ධන)
තොරතුරු දැනගැනීමේ පනත අනුව කරන ඉල්ලීම් වලදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නම් කළ නිලධාරියා වන අධ්‍යාපන ලේකම්වරයා එම පනත සහ ඊට අදාළ ගැසට් පත්‍රය උල්ලංඝණය කරන බව තොරතුරු කොමිසම නිරීක්ෂණය කර තිබේ.
කොමිසම එලෙස නිරීක්ෂණය කර ඇත්තේ තොරතුරු කොමිසමට ලැබුණු පැමිණිලි කිරිපයක් විභාග කිරීමෙන් පසුවය.
කොළඹ විශාඛා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම ගැන වෛද්‍යවරුන් පිරිසක් කළ අභියාචනයක් විභාග කළ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාව වහාම එම තොරතුරු මුදා හරින ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට නියෝග කර තිබේ.
මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් පිරිස කොමිසමට අභියාචනා කර ඇත්තේ එම තොරතුරු ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රතික්ෂේප කළ නිසා බව පාසල් ආරංචි මාර්ග කියයි. පැමිණිලි විභාගයට පැමිණෙන ලෙස තොරතුරු කොමිසම සිතාසි නිකුත් කර ඇතත් අධ්‍යාපන අමාත්‍යංශය පැමිණ නැතැයි ද, නොපැමිණීම ගැන හේතු දක්වා නැතැයි දැනගැනීමට තිබේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම අධ්‍යාපන අමාත්‍යංශය තොරතුරු කොමිසමේ නියෝග උල්ලංඝණය කර ඇතැයි නිරීක්ෂණය කර ඇති කොමිසම යළි නියෝග කැඩීමක් සිදු කළහොත් පනතේ ඇති ආකාරයට නඩු පැවරීමට තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු පනත ගෙනාව කට්ටිය දැන් දුක් වෙනවා ඇති. ඔය වගේම තමයි අල්ලස් පනත. පාර්ලිමේන්තුවේ 225 ම අත් උස්සල සම්මත කළා. ඒත්, අපොයි මොකට අත ඉස්සුවද කියල දැන් හිතනවා ඇති.
ඒ ගොල්ලො ටැබ් බෙදනවා ඇති...