නිමල් විතාරණ
අස්ගිරිය පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහා නාහිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය අද (20) සවස ලන්ඩනයට වැඩම කළහ.
මහා නාහිමිවරුන් පැමිණ ඇත්තේ හෙට ලන්ඩනයේ ශ්‍රී සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකමට සහභාගී වීම සඳහාය.
එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල හිමි, කිංග්ස්බරි විහාරාධිපති ගලයායේ පියදස්ස හිමි ඇතුළු එක්සත් රාජධානියේ බෞද්ධ හිමිවරුන් ද කඨින පිංකමට වැඩම කිරීමට නියමිතය.
බ්‍රිතාන්‍ය ජාතික පුස්තකාලයේ ගබඩා කර ඇති ශ්‍රී ලංකාවේ ලේඛන පිරික්සීම සඳහා නාහිමිවරුන් වැඩම කිරීමට නියමිතය.
මහ නායක හිමිවරුන්ගේ පැමිණීම එක්සත් රාජධානියේ බෞද්ධ ප්රබෝධයට හේතුවන බව ලන්ඩනයේ ශ්‍රී සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරී මඩුගල්ලේ මහානාම හිමියෝ පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේලාගේ පැමිණීමෙන් ලන්ඩනයේ බෞද්ධ ප්රබෝධයක් ඇත්තටම ඇතිවීමට නම් තම සම්බෝධි විහාරයම ප්‍රවර්ධනය නොකර අවට අනෙකුත් පන්සල් වලටද වැඩ එම පන්සල් වලට එන බැතිමතුන්ටද ධර්මය දේශනා කරනසේක්වා.
බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අල්පේච්ඡ තාවය පිළිපදින්න කියල නේද . සංඝයා වහන්සේ සහ ගිහියන් දෙගොල්ලටම මෙය පොදුයි .
මෙම අසනීපයෙන් ඉන්නවා වාගේ පෙනෙන ස්වාමින් වහන්සේ මොකට මෙච්චර කරදර වෙනවද? වෙනත් හාමුදුරු කෙනෙක් යවන්න තිබුණා නේද?
අවට අනෙකුත් පන්සල් වල බැතිමත්හු ද මෙදිනට ලන්ඩනයේ ශ්‍රී සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ මෙම පුණ්‍ය කර්මයට දායකවෙත්වා! වයස්ගත අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමි මෙහි වැඩමකර සිටින්නේ පංගුපේරුවකින් තොරව ඔබට ධර්මය දේශනා කිරීමටයි.
ලන්ඩන් වැනි නගර වලත් කඨින පින්කම් පැවැත්වීමේ අවශ්‍යතාවය නොතේරේ .
කඨින පින්කම් කරන්නේ වර්ෂ කාලයට පිණ්ඩපාතේ යන්න බැරි නිසා නේද? එතකොට මේ හාමුදුරුවෝ ඒ පින්කමට ලංකාවේ ඉඳම්ම ගොහින්? වැස්සේද? මට නිකන් කැරකෙනවා වගේ...
මම නරකක් කියනවා නෙමෙයි , මෙහෙ ඩුබායි වලත් ස්වාමින්වහෙන්සේලා වැඩමකරලා කඨින පින්කමක් තිබුණා ඉතා ලස්සනට තිබුණා .අරාබි ජාතිකයින් එය වටකර පහරදෙන්න අවේ නැහැ . ඉතින් මට හිතුනා අරාබි ජාතිකයින් පිරිසක් කොළඹ ඇවිත් යම් කිසි ආගමීක උත්සවයක් පැවැත්වුවොත් අපේ සමහර බික්ෂුන් සහ සමහර පිරිස් කෙසේ ප්‍රතිචාර දක්වයිද කියල?
අපේ හාමුදුරුවනේ ලංකාවේ ඉන්න අය යහමගට ගමුද? පිනකට ලංකාවෙන් එළියට ගිය අය පව් කරනවා අඩුයි.
මට නම් නිකං ඔලුව කැරකෙනවා වගේ. බුදුහාමුදුරුවෝ වැහි කාල වල වැස්සෙන් සහ වැහි සුළං කරදර වලින් මගහැර ඉන්න ගතකල ජීවන රටාව අදහමින් නිවන්යන්න කියලද උන්වහන්සේ දේශනා කලේ? නැත්නම් වෙන මාර්ගයක්ද? වයසක හාමුදුරුවරු ඇයි මේ තරම් අමාරුවෙන් රෝදපුටු වලින් ඇවිල්ලා එංගලන්තේ අයවම නිවන් යවන්න කරදර වෙන්නේ? උන්නාන්සේලාට ලංකාවේ ඉන්නා දහසක් අසරණයන්ට එහෙමත් නැත්නම් ඉතියෝපියාව වැනි රටවල අසරණයන්ට පිහිට වෙන්න සිතක් පහල වෙන්නෙම නැද්ද?
ඉන්දියාවේ පවතින දේශගුණ තත්ත්ව අනුව මාස තුනක් වැහි කාලය. හාමුදුරුවන්ට පිණ්ඩපාතේ වඩින්න අමාරුයි. ඒ අනුවයි බුදුන් වහන්සේ වස් විසීම අනුදැන වදාලේ. ඒ කාලය තුල ගිහියන් භික්ෂූන්ගේ අවශ්‍යතා ලඟට ගෙනත් දෙනවා. භික්ෂුන් තම අධ්‍යාත්මික දියුණුවට වැඩි වැඩියෙන් වෙහෙසෙනවා. වැසි මාස තුනෙන් පස්සේ යලි පුරුදු පිණ්ඩපාත ජීවිතයට යොමුවෙනවා. ඉන්දියාවේ දේශගුණය එහෙම වුණාට වෙන රටවලට ඒක ගලපන්නේ කොහොමද? මේක මට නම් මහා පිස්සු විකාරයක්...! අද හැම තැනම පන්සල්වල තියෙන්නේ කඨින පින්කම් නොවෙයි කඨින සංදර්ශන තරඟාවලියක්. අන්තිමේ දවසක දේශපාලුවෙක් ගෙනැල්ලා ජයග්‍රාහක කඨින සංදර්ශනයට ත්‍යාග ප්‍රදානයකුත් කරාවි.
මහා නාහිමිවරු ලංකාවේ සියලු නිකායවලට බෙදුණු පන්සල්වල නායක හිමිවරුන්ය. උන්නාන්සේලා අවුරුදු පතා ධනවත් කෝටිගණන් මුල්‍ය වත්කම් තිබෙන බවට උසාවියේ පවා පිළිගත් ලංකාවේ හාමුදුරු කෙනෙකුට අයිති මේ පන්සලට වැඩියට ඊට ටික දුරකින් පිහිටි ලුම්බිණි විහාරය තියෙනවාද නැද්ද කියාවත් බලන්නේ නැත. පන්සල් නිසා එංගලන්තයේ දායකයන් බෙදී ඇති බවයි පෙනෙන්නේ. අපි පන්සල් යන්නේ මෙලෙස බෙදෙන්නද කියා මෙහෙ ඉගෙනගන්නා අපේ දරුවන් අපෙන් ඇහුවම දෙන්න පිළිතුරු නැත. ඒ නිසා ඔවුන් ලංකාවේ පන්සල්වලට නොයා අමරාවතිය වැනි අජාන් බ්‍රාහ්ම මුනිවරයාගේ පහස ඇති භාවනා යෝගී තායි, බුරුම සහ සුදු හිමිවරුන් වැඩසිටින පාසල් කරා යාමට කැමැත්තක් දක්වනවා.
ඔය පන්සලේ දශක ගණනක් හිටියේ උගත් වයසක පින්වත් හිමි නමක්. ලංකාවේ බෞද්ධ නාලිකාවකට සම්බන්ධ කොළඹ හතේ පන්සලක් එකල රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙය මිලදී ගත් පසු මේ හාමුදුරුවන්ට පන්සලෙන් වහාම ඉවත්වෙන ලෙස දැනුම්දුන්නා. උන්වහන්සේට යන එන මන් නැතිවූ විට මඳ දුරකින් ඇති ලුම්බිණි විහාරයේ පින්වත් මංගල හාමුදුරුවෝ උන්වහන්සේට තම පන්සලේ විසීමට ඉඩ දීමට තරම් කාරුණික වුණා.
ලුම්බිණි මහත්මා/ මහත්මිය, මේ අතිපූජනීය නාපාන ශ්‍රී පේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේයි.
මේ රටේ ජාතික ආගම කිතුදහම වුණත් ඒ රටේ අය මේවාට අවහිර කරන්නේ නැත්තේ මම නම් හිතන්නේ ඒ අය නියම බෞද්ධ ප්‍රතිපත්ති දන්නා නිසා මේ රටේ අන්‍යාගමික ප්‍රචාරවලට විරුද්ධ අයට හිතන්න දෙයක්... මේක බුදුදහම රැකීමට ව්‍යවස්ථාව අවශ්‍යද?
මේ රටේ සුලු ජාතීන් මේ අයට වහකදුරු වගේ ඒත් සුද්දගේ රටට යනවා. තමා තමාට උපමා කරගන්න කියලා බුදු හිමි දේශනා කලා නේද?
අපේ හාමුදුරුවො ලන්ඩන් වැඩියාම රිදිච්ච අය කොච්චර ඉන්නවද කියල මේ කොමෙන්ට් දැක්කම තේරෙනව නේද. කඨින පින්කම කියන්නේ මොන තරම් උතුම් පිනක්ද කියල මේ මිනිස්සු දන්නේ නැති කම ගැන මට ඇති වෙන්නේ අනුකම්පාවක්. කඨින කියන එකේ තේරුම තද, ප්‍රභල කියන එක. කඨින පින්කම් කරන්න අදාල රටේ වහින්නම ඕනේ නෑ. ඉන්දියාවේ සමහර කාන්තාර ප්‍රදේශ වලට අවුරුදු කීපයකට පසුව වහින්නේ. එතකොට ඒ ප්‍රදේශ වල කඨින පින්කම් කරේ නැද්ද. තවත් සමහර ප්‍රදේශ වලට අවුරුද්ද පුරාවටම වගේ වැසි. එතකොට හැමතිස්සෙම වස් වසන්න ඕනෙද. වස් අනුදැන වදාල එකම හේතුව රඨ්ඨපාල කියන ඇස් අන්ධ මහ රහතන් වහන්සේට වැසි කාලයේ පමණක් මතු වන රතිඳුගොව් කියන සත්තු පෑගී මිය යාම නෙමේ. වැස්ස නිසා හාමුදුරුවෝ ලක් වෙන දුක් ගැහැට බුදු රජාණන් වහන්සේ අවධානය යොමු කලා. වස් අනුදැන වදාලේ සිව්වනක් පිරිස මෙන්ම සතුන් ගැනත් සලකා බැලීමෙන්. වසරකට වරක් බුද්ධෝත්පාද කාලයක පමණක් කිරීමට ලැබෙන මේ උතුම් පිංකම් වලට අපි උපරිමයෙන් කැප වෙමු.
තමන්ගේම වැඩ කරවගන්නද මෙතුමන්ව සඝ නායක කරලා තියෙන්නේ අනේ මන්ද මේ ගොල්ලොන්ගෙන් නම් අපේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මයට කිසිම දෙයක් වෙලා නැහැ....
ලන්ඩන් වල තියන ලොකු පන්සල් වලට ගියාම ඇතිවෙන හිත රිදීම් නිසා ඒ පන්සල්වලට යනවා බොහොම අඩුයි.ලොකු රැකියා කරන්නේ නැති පොඩි මිනිස්සු දිහා බලන්නේ වෙනම දුෂ්ටි කෝණයකින් මම නම් ඉඩ තියන වෙලා වට යන්නේ අමරාවතී පන්සලට . මොකද අපෙන් කිසිම දවසක ඇඳන් ඉන්න ඇඳුම දිහා බලල අහහල නැ අපි කොහෙද ඉන්නේ, අද විශේෂ දෙයක් ද පන්සලට අවේ මොකද්ද කරන රැකියාව ඔයවගේ දේවල් , ඉතින් අපි පුළුවන් විදියට පුලුවන්දෙයක් අරගෙන අපි පන්සලට යනවා . ලන්ඩන්පන්සලකට ගියා හත් දවසේ දානෙකට මම අදුනන්නේ ඒ මැරුණු එක්කෙනා විතරයි. බන අතරතුරේ මම හිටියේ ටිකක එහාට වෙලා . අපිත් පුළුවන් විදිහට දානෙට දායක වුනා. දානේ ඉවර වෙලා පිරිත් පැන් දෙනකොට පන්සලේ ලී පොලවට වැටෙනවා පිරිත් පැන් , මමත් පිරිත් නූලක් බැඳ ගන්න අන්තිමහරියේ ගියා . හාමුදුරුවෝ මගේ දිහා බලලා කියනවා " ළමය ඔය බිම වැටෙන වතුර ටික පිහිදලදන්න " කියල, ඉතින් මම ඉක්මනට වැටුණු වතුර ටික පිහිදැම්ම. ඒ අතරතුරේ පෝලිමේ අය බලන් ඉන්නව මම පිහිදල ඉවරවෙනකම ඊට පස්සේ පිරිත් නූලක් බැඳගෙන එතනින් ගියා සමහර වෙලාවට හාමුදුරුවෝ හිතන්න ඇති දානේ වෙලාවට අපු පිටඑකෙක් මූට කියනවා මේක පිහිදන්න කියල.
මෙම පුවත ගැන අදහස් දක්වන සමහර අය දන්නේ නැතිව ඇති සමහර මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික ආයතන පවත්වාගෙන යන්නේ බෞද්ධ සිද්ධස්ථාන වලට අයත් ඉඩම් බදු ගෙන බව. සිංහල බෞද්ධයින් ආගමික නම් සිංහල බෞද්ධ ජනයා වැඩිය සිටින ප්‍රදේශ වල අන්‍ය ආගමික සිද්ධස්ථාන තිබෙන්නේ කෙසේද? මුදලට අන්‍යාගමික කරණය කිරීම සහ පුරාවස්තු විනාශකරමින් පිටරටවල සංස්කෘති බලෙන් ලංකාවේ පිහිටුවීම අලුතින් මතුවී තිබෙන ගැටුම්කාරී ප්‍රශ්නවලට මුල නොවේද?
පිංවත් මිතුරනි, පොළව මතුපිටින් අඩි 10ක් යට තියෙන මැණිකක් ගැන විවිධාකාර වූ මතවාද කරනවට වඩා, එය මතුකර ගන්න උත්සාහවත් වන්න. මැණික මතු කර ගත් සැණින් සියලු මත ඔබ ජයගෙන හමාරය. මේ එයට කාලයයි. ඔබටද ඒ සඳහා සුදුසුකම් ඇත. එසේ නොකොට, නොදන්නා නොදැකපු දේට අත දාන අයට වනුයේ, පලංචියේ කූඤ්ඤය ගැලවූ වඳුරාට වුනු දේ හැර අනෙකක් නොවේ...
මහේන්ද්‍ර මහතාණෙනි, එතකොට එංගලන්තෙ පන්සල් හදන්නේ පෞරාණික බෞද්ධ ඉඩම් වලද? ඇයි මේ කලබල කරන මෝඩ බෞද්ධයින්ට මේ ගෝත්රවාදී ආකල්පයෙන් බැහැර වෙන්න බැරි? අනික කඨින පිංකම් කාලෝචිද? ඔය මහන සිවුරු අඳිනවද?
එකල දඹදිව වස්සාන සමයේ සකල දනාගේ හිත සුව පිණිස සැරිසරන්න බැරි කුරිරු කාලගුනයන්හී එක තැනකට වී ස්ව අධ්‍යාත්මික දියුණුව උදෙසා භාවනාවන්හී යෙදෙන යතිවරයෙක්ව සිව්පසින් නිර්ලෝභීව සංග්‍රහ කොට රැක බලාගැනීම මහානිසංස ගෙන දෙන කුසල කර්මයක්. මෙයට කුමන ආකාරයකින් හෝ පැන් පොදකින් හෝ දායක වීම මහත් පල ගෙන දෙන කුසලානිසංසයක්.