(දයාරත්න ඇඹෝගම)
තිරප්පනේ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදි ලොරි රථ රියදුරෙකු ගෙන් රැපියල් දෙදහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර කොට්ඨාස රථ වාහන අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් දෙදෙනෙකි.
නොච්චියාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් එළවළු ගෙන ඒම සඳහා දඹුල්ල බලා ලොරි රථයකින් ගමන් කරද්දී තිරප්පනේදි ලොරි රථය නවතා පොලිස් නිලධාරි දෙදෙනා ලියකියවිලි පරික්ෂා කර එහි තිබු අඩුපාඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් නොකිරිමට රුපියල් දෙදහසක් අල්ලස් මුදලක් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් අල්ලස් කර්මාන්තයේ හාල් මැස්සෝ වූ නිසා මිසක් බැංකු මගෝඩි වල මෝරුන් තල්මසුන් වූවානම් !!!
අහිංන්සකම මිනිස්සු දෙන්නයි මම හිතන්නේ... ගෙදරට හදිසි බඩු ටිකක් ගන්න සල්ලි හොයාගන්න ඇති.