(අමල් වික්‍රමරත්න, අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ)
දකුණේ ප්‍රදේශ ගණනාවකට විශාල ශබ්දයක් නංවමින් පුපුරාගිය උල්කාශ්මියේ කොටසක් පිළිබඳව දික්වැල්ල පොලිස්වසමෙන් වාර්තාවෙයි.
එම උල්කාශ්මයේ කොටසක් වලස්ගල ප්‍රදේශයේ නිවසක වහලය මත ඇතැයි යන තොරතුරු මත ආගන්තුක පාෂාණ කොටසක් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට ආතර් සි. ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිසක් මේ වනවිට එම ප්‍රදේශයට ලඟාවෙමින් සිටින බවද වාර්තාවේ.
මෙම සිදුවීමට අදාළ නිවසට මේ වනවිට පොලිස් ආරක්ෂාව ලබාදී තිබේ.
මේ මොහොත වනවිට මාතර ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක්ද එහි ලඟා වෙමින් සිටින බවත් භූ විද්‍යා හා පතල් කැනීම් ආයතනය ඇතුළු විවිධ ආයතන ගණනාවක නියෝජිතයන්ද එම ප්‍රදේශය බලා ගමන් කරන බවද පැවසේ.
මෙම සිද්ධිය සිදුවූ 18 දින රාත්‍රී කාලයේ නිවසේ වහලය මතට යමක් වැටෙන ශබ්දයක් නිවසේ හිමිකරුට ඇසුණු බවත් අද 21 පෙරවරුවේ නිවසේ වහලයට නැග පරීක්ෂා කිරීමේදී වහලයමත තිබු මෙම අඟල් එකහමාරක පමණ පාෂාණ කොටස හමුවී ඇති බවත් පැවසේ.
අදාළ නිවසේ හිමිකරු ප්‍රාදේශීය මාධ්‍යවේදියකු බවද දික්වැල්ල පොලිසිය පවසයි.
ඉතා තද එම පාෂාණ කැබැල්ල අඟල් දෙකක් පමණ පළල වන අතර එම පාෂාණ විශේෂය පසුගිය 18 වැනි දා රාත්‍රී දකුණු පළාතේ අහස ගිඟුම් දෙමින් පිපිරි ගිය උල්කාෂ්මියේ කොටස් විය හැකි බව ප්රදේශවාසිහු විශ්වාස කරති.
එම පිපිරීමත් සමග තම වාහළයට වැලි වැනි යමක් වැටුණු ශබ්දය දැණුනු බව රුවන් මහතා පැවැසීය. ඒ පිළිබඳ විපරම් කිරීමේදී හඳුනා ගත නොහැකි මෙම පාෂණය වහළය මත තිබී හමු වි ඇත.




(ඡායාරූප - අනීෂා මානගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම මම පළවැනි පින්තූරේ දිහා බැලුවහම මට පෙනුනේ පිඟානක් වගේ එකක මැද කලුපාට හිලක් තියෙනවා කියල. ආයෙත් බලනකොට තමයි දැක්කේ පිඟානක් මැද කලුපාට යමක් තියෙනව කියලා.
18 වැනිදා වැටුණු ගල බලන්න 21 වෙනිදා වෙනකන් වහලයට යන්න හිතුනේ නැත්තේ ඇයි කියන එක තමයි මට තියෙන කුකුස. මේක මේ අහල පහල ඉන්න ඇට්ටර කොල්ලෙක් හුඟ කාලෙකට ඉස්සර වහලයට ගහපු ගලක් වෙන්නත් බැරි නැහැ.
පුදුමේ කියන්නේ හරියටම එක වහල උඩ තිබුණු පිඟාන මැද්දටම වැටුන එකයි ...
ශුවර් එකටම මේක අතේ පැලවෙන කෙප්පයක්, අනික බෙලිඅත්තට මෙහා ගමනේ..
අනේ බණ්ඩෝ එ්ක වහලේන් අරන් පිඟානේ තියලා තියෙන්නේ.
"කලින් කලට පලින් පලේ" කිව්වලු.. දැන් ඉතින් බස් බුක් කරගෙන එයි හැම පැත්තෙන්ම ගල බලන්න.
උල්කාපාතයක ගමන් වේගය තත්පරයට කිලෝ මීටර් 11-72 අතර (පැයට සැතපුම් 25,000-160,000 අතර ) වෙනවා . මෙතරම් වේගයෙන් වායු ගෝලය හරහා යද්දී ඇතිවෙන ඝර්ෂණයට ඒවා ඉතාම ඉහල උෂ්ණත්ව වලට රත්වෙනවා . කෙලින්ම වහලයට වැටුනා නම් එය වහලය පමණක් නොවෙයි බිම තියෙන සිමෙන්තියත් කඩාගෙන පොළොවට කිඳා බහිනවා . අධික තාපය නිසා පොලව ආසන්නයේදී පුපුරා ඉහලට විසි වූ කැබැල්ලක් ගුරුත්වාකර්ෂණ බලය පමණක් හේතුවෙන් පහලට වැටෙනවිට වහලයට මතට වැටීමට සුළු හැකියාවක් තියනවා . උල්කාපාත කොටස් එහි ප්‍රමාණයට සාපේක්ෂව හිතන්න බැරි තරම් බරයි .ඒ අනුව මේක අල්ලපු ගෙදර කොල්ලා එවපු එකක්ද , නැත්නම් විශ්වයෙන් ආපු එකක්ද කියල කියන්න බැහැ .
මේ උල්කාෂ්ම පාෂාණ කැබැල්ල ඉතාම මිල අධිකයි. ලක්ෂ ගණනක් වටිනවා. දියමන්තියකටත් වඩා වටිනවා. එක වැටුණු නිවසේ පුද්ගලයා එහි අයිති කරුවයි. නැතුව විශ්ව විද්යලයවත්, පොලිසියවත් රජයවත් නොවෙයි. වැඩවසම් කාලේ නම් පොළොවේ තිබෙන සහ අහසේ තිබෙන සියල්ල මහරැජින සතුයි. කරුණාකරලා එහි වටිනාකම ඒ නිවාස හිමියාට ගෙවන්න. ගෙවලා ඕනකෙනෙකුට අරගෙන යන්නට දෙන්න. වෙබ් අඩවිවල පරික්ෂ කලොත් මේවයේ වටිනාකම දැනගත හැකියි.
දකුණට කඩා වැටෙන්නේ මෙහෙම දේවල්මයි. ඇයි?. දකුණේ සමහර දේශ පාලුවෝ පහුගිය කාලේ කලේම අහස පොලව උහුලන අපරාධ නෙවෙයිනේ. මේවා වැටන්න ඕනි තැන් වලට නෙවෙයි වැටිලා තියෙන්නේ .
රාවණාගේ ආසියන්තරේ කොටසක් වෙන්න බැරිද?
මෝඩ පිරිස්
මේක තොප්පියක්ද?. ආප්පයක්ද?
හෙන අකුණු වලින් සුළි සුළං කුණාටු වලින් විනාශ වූ එකම ගෙයකටවත් පොලිස් ආරක්ෂාව තබා සතපහක වන්දියක්වත් නොගෙවපු මේ ආණ්ඩුව මේ කොහෙද යන ගල් කෑල්ලක් වැටිච්ච ගෙයකට පොලිස් මුර දීලා. ගල් කෑල්ලක් වැටුණු ගෙයකට පොලිස් මුර දුන්න එකම රට හැටියට අපේ රට ඉතිහාසගතවනු ඇති.