(මහින්ද නිශ්ශංක)
උතුරු දුම්රිය මාර්ගයේ නාවක්කුලිය හා යාපනය අතර පිහිටි පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට(23) සිට 27වැනිදා දක්වා දින පහක් එම මාර්ග කොටසේ දුම්රිය ධාවනය සිදුනොවන බව දුම්රිය ගමනාගමන අධිකාරී කාර්යාලය පවසයි.
මේ කාලයේ දී කොළඹ සිට නාවක්කුලිය දක්වා පමණක් දුම්රිය ධාවනය කරන අතර කන්කසන්තුරේ සිට යාපනය දක්වා බලවේග දුම්රියක් ධාවනය කෙරේ. මගීන්ගේ පහසුව සඳහා නාවක්කුලිය සහ යාපනය අතර ශ්‍රීලංගම බස්රථ යොදවා ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දා 1862 පටන් සෑදු දුම්රිය පාලම් වලින් කීයක් අබලන් වී අලුත්වැඩියා කරන්න සිදු වුනාද ?? වසර කිහිපයකට පෙර ඉන්දියානු සමාගමෙන් හදාපු ඒවායේ හැටි පේනවා නේද ??
අනිවාර්යයෙන්ම දුම්රිය මාර්ගයේ පාලම අලුත්වැඩියා නොකර පරණ පාලම මතම අලුත් දුම්රිය මාර්ගය හදන්න ඇති දැන් දුම්රිය මාර්ගය ගලවා පාලම හදනවා ඇති...