(නිශාන්ත කුමාර )
බදුල්ල මහියංගන මාර්ගයේ බදුල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් අද(22) එම මාර්ගයේ 10 කණුව ගොවිපළගම ප්‍රදේශයේ දි එකිනෙක ගැටීමෙන් බස් රථ දෙකෙහි ගමන් ගත් පිරිසක් තුවාල ලැබූහ.
අනතුරට ලක්ව ඇත්තේ මහියංගන හා මහනුවර ප්‍රදේශවල සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකකි.
බස් රථ දෙකම කිලෝමීටර් ගණනාවක්ම අධික වේගයෙන් එකිනෙකා පරයා ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව බස් රථවල පැමිණි මගීහු පිරිසක් ලංකාදීපයට පැවැසූහ.
බස් රථ දෙක මාර්ගය මැද හිරවීමත් සමගම එක් මන්තීරුවක් මුළුමනින්මත් අනෙක් මං තීරුවේ අඩකුත් අවහිර වූ අතර එම ස්ථානයෙන් ගමන් ගත් තවත් ලංගම බස් රථයක්ද ඒ අසල හිරවීම නිසා මාර්ගයේ ගමනාගමන කටයුතුද පැය බාගයක පමණ කාලයක් අවහිර විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් දෙන්න ඕනෑ මේ අයට...
මේ රියදුරන් ගැන කියලා වැඩක් නැහැ. හරියට ඉගෙනගත්තේ නැති වුණාම, දෑතේ දෙපයේ වැඩක්, වෙර වීරියෙන් කරන වැඩක් කරන්න බැරිවුණාම තියෙන ලෙහෙසිම රක්ෂාව තමයි ත්‍රි රෝද රියදුරුකම... නැතිනම් බස් හෝ ලොරි රියදුරුකම. බොහෝ බස් රියදුරෝ මගී ප්‍රවාහන සේවාව ගැන, වටිනා කාලය හා ශ්‍රමය ගැන නොසිතා, තමන්ගේ සාක්කුවට වැඩිපුර ගාන නෙලා ගන්න එක්කෝ මගීන්ගේ වටිනා කාලය කාදමමින්, ගාටමින් කොට කොටා යති. නැතිනම් මගී ජීවිත පරදුවට තබා තරඟයට එකිනෙකා පරයා පිම්මේ දුවති. මාර්ග නීති පිළිපැදීමක් නැත. අධි ශබ්ද නලා හඬවමින් පාර බදු ගත්තා සේ අධි වේගයෙන් බස් රිය ධාවනයේ යෙදෙති. මොවුන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය නිසා සිදුවන අනතුරු බොහෝය. අහිමිවන ජීවිත සම්බන්ධයෙන් මේ කව්රුත් වග කියන්නේ නැත. මෙවැනි අනතුරු ගැන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුලින් කොපමණ දැනුවත් කළද එම පුවත් බැලීමට මොවුනට කාලයක් ද , වුවමනාවක් ද නොමැත. කිවයුතු තව බොහෝ දේ ඇති මුත් කතාව දික්ගැහෙනවා මිස කියලා වැඩක් නැත. බලධාරීන්ටද මේවා පෙනෙන්නේ නැතිවා සේ ය. අනතුරු අඩු කිරීමට අපේ තිබෙන නීති රීතිවල අඩුපාඩුකම් නැති කිරීම සඳහා සංශෝධනයන් සිදු කිරීමට කාලය හරි බව වැටහේ.
බස් දෙකේම රියදුරු, කොන්දොස්තර හතර දෙනාට අවුරුද්දක් යනතුරු රිකියව තහනම් කරනු... එසේම මේ වගේ අයට වැඩ කරන්න දීපු බස් අයිතිකාරයෝ දෙන්නටත් පාඩමක් ඉගෙන ගන්න මාස හයක් යනතුරු බස් දෙකටම පාරේ දුවන එක තහනම් කරන්න. එතකොට තේරේවි !!!
සෑම දිනකම අපට කියවීමට, දැකීමට ඇති ප්රවෘත්තියකි මෙය. අපද අනේකවිධ අදහස් සඳහන් කලත් ගඟට ඉනි කැපීමක් මිස වෙනත් ප්‍රගතියක් නොමැත. හරකුන්ට සහ මී හරකුන්ට රියදුරු බලපත්‍ර ලබාදීමේ ආනිසංස ලක්මව සැමදාම භුක්තිවිඳිනවා.
ලාභය සහ ශුභසාධනයේ නොගැලපීම....
මේ වෙලාවට කරන්න තියෙන හොඳම වැඩේ පාරේ ඉන්න මිනිස්සු සේරමයි, බස් දෙකේ ඉන්න මිනිස්සු සේරමයි එකතුවෙලා රියදුරු කොන්දොස්තර හතරදෙනාටම හොදටම නෙලන එක තමයි. එහෙම නොකලොත් මෙයාලා කවදාවත්ම හැදෙන්නේ නැහැ හැමදාම මිනිස්සුන්ගේ ජිවිත අනතුරේ මේ වගේ අයට 25000 දඩ ගහලා මදි. අවුරුදු තුන හතරකටවත් හිරේ දාන්න ඕනෑ.
කුලප්පු වෙච්චි ගොන්නු වගේ එකා පස්සේ එකා දුවනකොට ඕවා වලක්වන්න බැහැ.
අපේ රටේ පවතින මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න හෝ වෙනස් වෙන දෙයක් නම් නොවෙයි.. අහිංසක ජීවිත සත පහකට මායිම් නොකර බිල්ලට තබාගෙන තම මල්ල පුරවගන්න පෙළඹෙන මොවුන් ඕනෙම අනතුරකදී දේශපාලකයන් බලවතුන් මාර්ගයෙන් බේරී පලා යාමට රටේ නීතිය මෙල්ලකරගෙන තිබෙනවා .. මෙරටෙහි නම් ඔවැනි රියදුරන්ට හා රථ අයිතිකරුවන්ට අත්වන ඉරණම කෙබඳුද කියා ලියන්නට මම වෙහෙස නොවෙමි. කණගාටුවෙන් කිව යුතු වන්නේ අප ඉතා අවාසනාවන්ත ජාතියක් කියාය.
මේවා වක්‍රාකාරව කරන සමුහ ඝාතන. නිකන්ම නිකන් මාර්ග අනතුරු නෙවෙයි. ඒ නිසා අවුරුදු කිහිපයකට ඇතුලට ඇරියම ක්‍රමයෙන් හොඳ අතට හැරෙයි.
මේවා බස් නෙමේ... මේවා ඉන්දියන් ලොරි බස්ය.
මාර්ග නීති කඩ කරමින්, අහිංසක බස් මගීන්ගේ ජීවිත පරදුවට තබමින් සමහර බස් රියදුරන් කරන මේ මාරක ධාවනය සදහටම නැවත්විය යුතුය. පොලිසිය සහ අධිකරණය මගින් මේ අලුගෝසුවන් දෙන්නාගේ රියදුරු බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි වසර දහයකටවත් තහනම් කරන්න. පස්ස ගිනිගත් හනුමා මෙන් බස් එලවපු, නැත්නම් ගාල කඩාගෙන දුවපු මේ දෙන්නා රැකියාවට ගත් බස් හිමියන්ටත් අමතක නොවන විදියේ දඬුවම් දිය යුතු වෙනවා. විනීත, මාර්ග නීති පිළිපදින රියැදුරෙක් අතේ බසයේ ගමන් කරන මගීන්ගේ ජීවිතවල වගකීම තිබෙන බව නොතේරෙන, කිසිම උගත්කමක් නැතිව, දේශපාලුවන්ගේ පිහිටෙන් සුක්කානම අතට ගන්නා මෙවැනි රියදුරන් කුඹුරු මඩකිරීමට යොදා ගන්නා මීහරක් දැක්කීමට දමන්න....
මෙවැනි රියදුරන් , රියදුරන් නොව යකදුරන්ය... අර 25000 දඩයේ වටිනාකම දැනුයි තේරෙන්නේ.. වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම රියදුරන් දෙපලගේ රියදුරු බලපත්‍ර වසර 10 කට අහෝසි කල යුතු අතර ,වාහන අයිතිකරුවන්ටද දඩයක් පැනවිය යුතුය .
දෙදෙනාගේම රිය පැදවීමේ බලපත්‍රය ජිවිත කාලයටම අවලංගු කල යුතුය
මේ අය ගැන කියලා වැඩක් නැහැ. උපරිම දඬුවම් දෙන්න ඕනෙ.
මේ බස්වල යන මගීන් වේගයෙන් යනවට කැමති. මේ සිදුවීම් දිනපතා වෙන්නේ ඒකයි.
බලන්නකෝ කොච්චර සැදැහැවත් බස් රථයක් ද කියල.. ඉස්සරහ ලියල තියෙන්නේ "සත්‍ය ඔබයි බුදු පියාණෙනි' ...
2017-09-13 දින අධික වෙිගයෙන් තරගකාරිව පැමිණි ලංගම බස් දෙකක් එක් බස් රථයක් පසු කර යාමෙදි ත්‍රීරෝද රථයක ගැටි දෙදෙනෙකු තංගල්ල මාරකොල්ලිය දි මිය යාම. මොරටුව ඩිපෝවෙි බස් රථයක් 2017-09-21 දින මාතර දික්වැල්ල දි අමිබලන්තොට ඩිපෝවෙි ලංගම බස් රථයක් වංගුවකදි ඉස්සර කිරිමට ගොස් ත්‍රිරෝද රථයක හැපි එම ස්ථානයේම තුන් දෙනෙකු මිය යාම වැනි සිද්දි මාධ්‍යවල දාන්නේ නෑ මේ සිද්ධි දෙකම 100%ක්ම ලංගම රියදුරන්ගේ වැරදි. අදහස් දක්වන අය මේ ගැනත් සිතන්න
වංගු වල හැංගිලා ඉඳගෙන සුදු ඉර කැපෙනවද කියල බලන් ඉන්න නම් අපේ පොලිසිය දක්ෂයි. සති දෙකකට කාලින මමත් දඩයක් ගෙව්වා. මේක අලුත් දෙයක් නොවෙයි. මේවා ගැන මොන නීතියක් වත් නැහැ.
බස් දෙකේම රියදුරෝ බේරිලා. අහිංසක මිනිස්සු තුවාල වෙලා. ඔය එකක් විතරනේ. තිරිසන්නු වගේ පාරේ යන්නේ. දඩය රුපියල් විසිපන්දහ නෙමෙයි රුපියල් ලක්ෂය දක්වා වැඩි කරන්න. මේ වගේ රියෝදුරන්ට ආයේ බස් පදින්න අවසර නැතිවෙන්න ඕන.
යහපාලන නඩුවේ ඉන්නේ භාගයක්ම තමාගේ අවයව විකුණන්න අයයි. බෙලහීනයෝ, පඹයෝ, ළමයෙක් වත් හද ගන්න බැරි අය.... ඉතින් මේ වගේ පනතකට උඩ පැනල අත උස්සයි. 2/3 නෙමෙයි 5/6 ක් විතර ලැබෙයි ඡන්දෙ නම්....
ත්‍රි රෝද බස් ලොරි වල අනම් මනම් වාක්‍ය ගැසීම සම්පුර්ණ තහනම් කල යුතුයි. ආගමත් විකුණා කනවා. මේවට නීති ගේන්න රජය බයද ... දියුණු රට වලට අපේ ඇමතිලා යනවා නේද.
මාර්ග බලපත් සහ රියදුරු බලපත් අවුරුද්දකට තහනම් කොට බස් රියදුරන්ට සහ කොන්දොස්තරලාට දඩ මුදලක් සහ තුවාල ලැබූවන්ට වන්දි මුදලක් ලබා දෙනු මැනවි.
සම්පුර්ණ වරද මගීන්ගේ... රේස් යනකොට රියදුරුගේ කන පැලෙන්න එකක් දුන්නා නම් හරි.
තව කියනවා 25.000 දඩය වැඩිලු.ලක්ෂයක් වත් ගහන්න ඕනි දඩය.ඊට අමතරව හිරේ දාන්නත් ඕනි.රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ඕනි.පුද්ගලික ලංගම දෙගොල්ලොම එකයි.මාර තරගයක් තියෙන්නේ ඉස්සර කරන්න.පාරේ ඉඩ නැති උනත් කමක් නැ.මනුස්සයන්ව යට කර ගෙන උනත් යනවා.අනික ලංකාවේ පාරවල් වල කිසි ආරක්ෂාවක් නැ.පදික වේදිකාවක් නැ ගමන් කරන්න.මේවා කාට කියන්නද ඉතින්
25000 දඩ මුදල සාදාරණ වැඩියි. මේ අයට විශාල දඩයක් පනවා රියදුරු බලපත්‍රය වසරකට තහනම් කල යුතුයි.
අපේ රටේ රියදුරු රැකියාව ඉතාම පහත් තත්වෙට වැටිලා තියෙන්නේ... මේ වගේ නිසි අධ්‍යාපනයක් නැති කොහොම හරි ලයිසන් එක අරගෙන කුලප්පු වෙච්ච හරක් වගේ පාරේ යන අසීලාචාර මගමරුවෝ නිසයි. විශේෂයෙන් බස් රියදුරු අවම සුදුසුකම අපොස සා පෙළ වැඩ 6 වත් පාස් වෙන්න ඕනේ. අනතුරක් වුණොත් අැප නොදිය යුතුය. අනතුරට පත් සියලුදෙනාට උපරිම වන්දි දෙන්න ඕනේ. බස්රථය හා රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ඕනේ. බස්රථ වැරදි සොයාබලන්න වෙනම සිවිල් පොලිස් සේවාවක් ස්ථාපිත කරන්න ඕනේ. තරගෙට යන බස්රථ නවතා මගීන් බස්සවා, පැය 2 ප්‍රමාද කර අරින්න ඕනේ. හිතාමතා අනතුරු කරන අයට බඩ කට පිරෙන්න නෙලන්නත් අමතක කරන්න නරකයි.