නිමන්ති රණසිංහ
රොහින්ග්යාවරුන් රඳවා සිටි ගල්කිස්සේ නිවසක් ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණැයි සැකපිට අත්අඩංගුවට ගත් සිංහලේ සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන අරඹේපොල රතනසාර හිමි ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා නියෝග කළේය.
සැකකාර හිමියන් එදින හඳුණාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතය.
අරඹේපොල රතනසාර හිමියන් අත්අඩංගුවට පත්වන විට ජාතික හැඳුන්ම්පත් දෙකක් ද තිබුණු බව පොලිසිය කියයි. එක් හැඳුනුම්පතක් පසුගිය ජූලි මාසයේ සකසා ඇති අතර එහි ඇත්තේ ඒ හිමියන් ගිහි කළ ඡායාරූපයක් බව ද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධාගමට ඇති ආදරය බේරෙනවා. බුද්ධාගම බේර ගන්න කෝකටත් කියල හොර හැඳුනුම්පතක් හදාගෙන ඉදල.
මේ ආණ්ඩුව පවතින තාක් බුදු දහමට හානියක් වෙන්න දෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා දඟගෙට දැම්මත් බුද්ධාගමට හානියක් වෙන්නේ ත් නැහැ. ඔහොම යන් !
දවස් 10...15කට නෙවෙයි මාස 2...3කට විතර ඇතුලට දාල විනය පිටකය උගන්නන්න.
සත්‍යය සහ සත්‍යපාල දෙදෙනාම එක අයෙකු විය යුතුයි. මොකද මොවුන් දෙදෙනාගේම අදහස් එක වගේම සහ අන්තවාදී ලෙස අදහස් දමන පා.ම. මහින්දගේ හෙන්චයියෙක් විය යුතුයි.
දැන් අර ගම්පොල අර බෞද්ධ පෙරහැරකට ගල් ගහපු උන්ට මේ වගේ දඬුවම් නැද්ද.
සියලුම හාමුදුරුවරුන්ට ජාතික හැඳුනුම් පත් දෙක බැගින් ලබා දීම සුදුසුයි. දවල්ට හාමුදුරුවන් හැටියට පෙනී සිට රාත්‍රී කාලයේ කලිසම් මහත්තුරුන් වෙන්නත් අයිතිය තිබිය යුතුයි.! අන්න ඒ විදිහට `බුද්ධ පුත්තරයන්` වෙලා සාසනය ආරක්සා කර ගැනීම ලේසි බව කාටද නොතේරෙන්නේ?
හිරේ ඉන්නේ ගිහි විදියටද නැත්නම් පැවිදි විදියටද?