(රොමේෂ් මධුෂංඛ)
යාපනය අරියාලෙයි මණියන්තෝට්ටම්හි වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා ඊයේ (22) රාත්‍රියේ මිය ගිය බවට යාපනය පොලීසිය කියයි.
මණියන්තොට්ට්ම් රා තැබෑරුම් මන්සන්ධිය අසලදි ඊයෙ සවස යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති අතර අදාල වෙඩි තැබීමෙන් පසුව යතුරු පැදි කරුවන් පළා ගොස් ඇත.
වෙඩිතැබීමෙන් පපුව ප්‍රදේශට වෙඩි පහර වැදීම නිසා බරපතල තත්වයේ සිටි තරුණයාට ඊයේ රාත්‍රියේ ශල්‍යකරුමයක් සිදු කොට ජීවිතය බේරා ගැනීමට යාපනය මහරෝහලේ වෛද්‍යවරු දැඩි පරිශ්‍රමයක් යෙදුවද තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත.
මෙසේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අරියාලෙයි උදයපුරම්හි පදිංචි 27 හැවිරිදි වින්දන් රිද්මන් නැමති තරුණයෙකු වන අතර ඔහු ධීවර කර්මාන්තයේ යෙදෙන අයෙකු බවටද වාර්තා වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමලු ඉල්ලනවා වෙනම පාලනයක්, මේකටද ඉල්ලන්නේ. තව මරන්නද? තව ඉල්ලනවා හිරේ ඉන්න අයව එලියට දන්නා හමුදාව අයින් කරන්න කියල.
ලෙඩා ගාව ගොඩක් ඉන්නවනේ... තියටර් එකෙන් ගෙනෙන ගමන් වගේ. මෙහෙ රෝහල්වල නම් මෙහෙම එන්න දෙන්නේ නැහැ එලවගන්නවා.
1980 ගණන්වල හර්තාල වලින් පටන්ගෙන ලෝකයේ දරුණුම යුද්ධයක් බවට පෙරලුන කොටි ත්‍රස්තවාදය ජිවිත දස දහස් ගණනක් දේපොළ බිලියන ගණනක් අහිමිකර අවසානයේ නිමා වුනා. ජාතින් අතර සාමය සහජීවනය සෙමින් දළුලමින් පවතින විටක යහපාලන ඉඩෝරය ඇවිත් ඒ සියල්ල දවා අළුකර දමා අවසන්. නැවතත් හමුදා කදවුරු පිහිටා ඇති ඉඩම් ඉල්ලමින් ඇරබුන සත්යග්රහ අවදිය පසුකර කැති පොලු සටන දක්වා ඇවිත් දැන් එතනින් නැවත ගිනි අවි සහ ඝාතන සමගින් වෙනම රටක් ඉල්ලන තැනට පාර කපා ඇත.
මිනිහෙක් මැරිලා තියෙද්දි දහම්ට තියෙන ප්‍රශ්නෙ ඕකද? මෙහෙ රෝයල්වල තියෙටර් එකෙන් ඔපරේෂන් එකක් කරපු රෝගීන් එළියට ගනිද්දී වටේ මිනිස්සු එළවන එක... අනේ අපොයි..
මේ මැරී අැත්තේ කාගේ හෝ දරුවෙක්.