වහාම ක්‍රියාත්මකවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
මේ අනුව ඉන්දියාව, පකිස්තානය, බුරුමය, කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය හා බංගලාදේශය යන රටවලින් මෙම සහල් තොග ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් අනෙකුත් රටවලටද මෙම ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දී ඇති බවත් ඔහු කියා සිටී.
ඒ අනුව මුදල් අමාත්‍යංශය හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ ටෙන්ඩර් කමිටුවක් මඟින් මෙම ටෙන්ඩර් කැඳවීම් සිදු කර ඇත.
මේ අනුව නාඩු මෙට්‍රික් ටොන් 90000ක් ද, සම්බා මෙට්‍රික් ටොන් 60 000ක් ද, සුදු කැකුළු මෙට්‍රික් ටොන් 50 000ක් ද ආනයනයට ටෙන්ඩර් කැඳවා ඇති අතර මෙම මස 31 වැනිදා දක්වා මිල ගණන් ලබා ගැනීමට නියමිතය.
තෝරාගත් සැපයුම්කරුවන්ගෙන් ආනයනය කරන පළමු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය නොවැම්බර් මස 30 වැනිදා වන විටත්, ඉතිරි ලක්ෂය දෙසැම්බර් මස 30 වැනිදා වන විටත් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැළසුම් කර තිබෙන බවත් වෙළෙඳපොළ ඉල්ලුම අනුව අවශ්‍ය තරම් සහල් තොග සැපයීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කට දෙපැත්තෙන් බේරෙනවා. පිහදාගන්න කවුරුවත් දකියි.
රට හාල් කන්න බෑ.
මහින්ද රාජපක්ෂගේ කාලේ හාල් රට පැටෙව්වා. දැන් වෙන රටවලින් ගේනවා. එ්කයි වෙනස. රවී කරුණානායක මිනිස්සුන්ගේ මොළ සේදුවා කුඹුරු කරන්න එපා කියලා. ඒවායේ ප්‍රතිඵල තමයි මේ.
අනේ ඇත්තට මේවට අපිට වචන නෑ කියන්න. පොහොර සහනාධාරය කෑව එකේ ප්‍රතිඵල දැන් හොඳයිද? සිරිසේන දැන් රටින් හාල් ගෙනත් ජනතාවට කවනවා. ඒ හාල් ප්ලාස්ටික්.... ඒක කලා ජනතාව මැරුණාම ඒ අයට වන්දිත් දෙන්න 2018 අයවැයට සල්ලි වෙන්කර ගන්න.
මෙහෙමත් ආණ්ඩුවක්! රජයක්! මේ පාලකයෝ මේ රට බාරගන්න කොට සහලින් ස්වයංපෝෂිත රටක්. සහල් අතිරික්තය අපනයනය කල රටක්. මේ රටේ නායකයා කියන පුද්ගලයා ගොවියෙක්ලු? එතුමාගේ කතාවයි ක්‍රියාවයි රෙද්ද පල්ලේ. දැන් ඉතින් කට බෝක්කුව වගේ හදාගෙන හිටන් කියයි, ජනමාධ්‍යවල බොරු කියනවා, මම දැක්කෙත් පත්තරෙන් කියලා....
ජනපති රජරටින්... සහල් පිටරටින්.... ශෝක් නේද මේ වෙනස? ඉක්මනටම පොල් ටිකකුත් ගේමු නේද දැන්ම තියා?
සහල් ආනයනය කරන්නට සිදුවී ඇත්තේ පසුගිය මහා කන්න දෙකක් නියගය නිසා වී වගා කිරීමට නොහැකි වූ නිසයි. මෙවැනි අවස්ථා මීට පෙරත් සිදුවී තිබෙනවා. එය රජයේ දුර්වල කමක් යයි සිතීම මෝඩ අදහසකි.
හාල් පොල් රන් වෙලා, අපිට තරු විසි වෙලා, කුඹුරු ටික පුරන් වෙලා, පොහොර සහනාදාර නැති වෙලා, පොල් ඉඩම් සංවර්දනය කරලා, පෙරදිග ධාන්‍යගාරය හිස් වෙලා, බලන් ඉමු දත නියවල.