රෝවන් පෙරේරා
පණු විශේෂයක් හේතුවෙන් මුරියාකුලම ගම්මානයේ විශාල පිරිසක් ප්‍රීඩාවට පත්වී සිටිති. කොහොඹ, බුරුත, තේක්ක, දෙහි වැනි ගස්වල මෙම පණු විශේෂය බහුලව සිටින බව ප්රදේශවාසිහු පවසති.
සති කිහිපයක පමන කාලයක සිට පණු විශේෂය බෝවීමට පටන් ගෙන ඇති අතර මේ වන විට නිවෙස්වල සිටීමට නොහැකි තත්වයක් උදාවී තිබෙන බව ප්‍රදේශවාසීහු කියති. පණුවන් නිවෙස්වල බිත්තිවල සහා වහලවල එල්ලී සිට, පොළව සහ නිවාසවල ඇති භාණ්ඩ වලටද වැටී එහා මෙහා බඩගෑම නිසා ජන ජීවිතයට බාධා එල්ලවී තිබේ.
ප්‍රදේශයේ පවුල් කිහිපයක් නිවාස අතහැර වෙනත් ස්ථාවලට ගොස් ඇත්තේ පණුවන් ගෑවීමෙන් හානියක් නොවුනද දැඩි අප්‍රසන්න භාවය නිසයි.
මෙවැනි පණු විශේෂයක් මීට පෙර නොදුටු බවද මෙම පණුවන් සති එක හමාරක් පමණ කාලයකින් පසු සමනලයන් බවට පත්වී පියඹා යන බවද මේ පිළිබඳ කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ ලේකම්වරයා දැනුම්වත් කළ බව ද ගම්වැසියෝ පැවසූහ.
මේ පිළිබඳ විමසීමේදී කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ ලේකම් චන්ද්‍රරත්න හේරත් මහතා පැවසුවේ මෙය වාර්තා වූ බවයි. කඩිනමින් සොයා බලා ගත හැකි පියවරක් ගන්නා බව ද ඔහු කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘමීන් නිසා පීඩාවට පත්වූ විවිධ පළාත් ගැන ප්‍රවුර්ති අපිට අහන්න දකින්න ලැබුන පහුගිය දවස්වල. ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ. අපි අපේ ආගම් වලට අනුව අපේ රටට සෙත්පතමු මේ සියලු උවදුරුවලින් අපේ රට මුදාදෙන්න කියල.
මම හිතන්නෙ මෙය අපිරිසිදු තත්වයන් නිසා ඇතිවන පණුවන් නොව පරිසරයට හිතකර හෝ අහිතකර සලබයන් ගේ බෝවීම් චක්‍රයේ එක් අවස්ථාවක් බවයි. මෙහි ඇති විශේෂත්වයනම් වෙනදාට වඩා අතිබහුලව මෙදා එකවරම දක්නට ලැබීමයි. බියවිය යුතු නැතිබව මගේ හැඟීමයි.සමහර අප්‍රිකානු රටවල සුලභ ආහාරයක්, ඒ වගේම නිව්යෝක් වගේ ලොකු නගරවල ආපනශාලාවල පැෂන් එකටත් අද ඒවායේ මෙයින් පිලියෙලකළ ආහාර දකින්නට පුලුවන්. කව්රු කෙසේ කිව්වත් නුපුරුදු ක්‍රෝටන් කොලවලට වඩා මෙහි ප්‍රෝටීන් බහුලලු.
මේ ඉන්නේ පනුවෝ newei. සමනලුන්ගේ පොඩි අවදිය මේ සත්තු සතියකින් විතර සමනල්ලු වෙලා පියබල යනවා . ඒ නිසා ඒවා කඩ බිද දමන්න විනාස කරන්න උවමනාවක් නොවේ . සමනලුන් කියන්නේ ලස්සන අහිංසක සතුන් .මට නම් දැකීම සතුටක් වුනා කිසිම පිළිකුලක් නැත .
මම අහලා තියෙන්නේ කොහොඹ ගස්වලට පලිබෝධකයින්ට ප්‍රතිරෝධ දක්වනවා කියලා. ඒකනේ කොහොඹ ලී ගුල්ලෝ විදින්නේ නැත්තේ. මෙම පණු විශේෂ කොහොඹ වල රසායනිකයටත් ප්‍රතිරෝධ දක්වන්නේ නෑ වගේ.
අලි මදිවට කොටි කිව්වලු...
පරිසරයේ අහාරදාම වලට බලපෑමක් වෙලා සමතුලිතතාව බිඳුණු අවස්ථාවක් වගේ. මේ සතුන් ආහාරය කරගත් ජීවීන්ට මොනවා හරි වුණාද කියලා හොයලා බලන්න වෙයි.
ඉල් මාසය කියන්නේ මොකක්ද කියල මහපොළවේ පස් පගපු කෙනෙක්ගෙන් අහල දැනගන්න . කාලගුණය වෙනස්වීම් නිසා ඉල් මාසයේ සිදුවන දේ සතිය දෙක වෙනස් වී සිදුවේ.
ඔය පණුවො නෙමෙයි. ගැඩවිල් විශේෂයක්. බය වෙන්න එපා. ගොවියාගේ මිතුරා