(ශාන්ත රත්නායක)
පාසල් සිසුන් වෙත පාසල් වේලාව තුළ දී පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ දී අද (26) පැවති උත්සවයකට එක්වෙමිනි.
අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති අනවශ්‍ය වියදම්, අක්රමික මූල්‍ය භාවිතාවන් සහ අනවශ්‍ය වියදම් සියල්ල නවතා ඇති නිසා මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සකසා ගත හැකි පරිසරයක් මේ වන විට නිර්මාණය වී ඇති බව අමාත්‍යවරයා කියයි.
අදාළ යෝජනාව ඉදිරියේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඒ සංකල්පය ඔබතුමාට ඉදිරියට ගෙනයාමට ශක්තිය ලැබේවා....!!!
ප්‍රේමදාස ජනාධිපතිතුමා නම් කිව්ව දේ හොඳින් හෝ නරකින් හෝ කළා. දැන් කරන්නේ කියවන එක පමණි. කෙරුවාවක් නැත.
ඉතාමත් හොඳ තීරණයක්.. මෙවැනි දෙයක් රටේ සෑම පාසල් දරුවකුටම ලැබිය යුතුයි. විශේෂයෙන්ම නගරයෙන් පිට බොහෝ දුෂ්කර ප්‍රදේශවල සිටින දරුවන් වෙනුවෙන් මෙය ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. උදේට කෑම ලැබුණොත් අනිත් වේල් දෙකටම කුසට නොලැබෙන දරුවන් බොහෝමයක් අදටත් අපේ රටේ සිටිනවා.
ඉතාමත් හොඳ පුණ්‍ය ක්‍රියාවක්. කරුණාකර, හැකිනම් මේ දෙය, ග්‍රාමීය පාසල් වලින් පටන් ගන්න.
ප්‍රේමදාස මහතාගෙන් පස්සේ ඔක්කොම කියවන අය මිසක් කරන අය දැක්කේ නෑ. එයාලටනම් ඇති වෙන්න බෙදාගන්නවා, අන්තිමට කාල වැඩිවෙලා බැලුම් බෝල වගේ.
වාඩිවෙලා ලියන්න බංකු ඩෙස්පුටු නෑ.ලමයි ගස්යට නරක්ද මහත්තයො එවා පොඩ්ඩක් හොයල බැලුවනං.විහිලු සපයන් නැතුව.
කෑම දුන්නට කමක් නැහැ අවශ්‍ය පාසල් වලට විතරක්. දැන් නම් ළමයින්ට විතරක් නොවෙයි ළමයින්ගේ අම්මල තාත්තලටත් කෑම දෙන්න වෙන තත්වයක් ඇති වේගන යන්නේ.
දරුවන්ගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීමේ වැඩ පිළිවෙලක් සකසන්න. සෑම අධ්‍යාපන කොට්ටාසයකටම එක දත් රෝහලක් හා අක්ෂි රෝහලක් ළමුන් උදෙසා ලබා දෙන්ඩ.
ඇමති තුමා, කොළඹින් නෙමේ ගමෙන් පටන් ගන්න.
ආණ්ඩුවේ ඉන්න ඇමති තුමාලගෙන් යම්කිසි වැඩක් /වෙනසක් කරන්නේ ඔබතුමා විතරයි.. නිර්භයව රටට හොදක් වෙන තීරණ ගන්නවට අපි එකගයි..
ඔය වැඩේ ඉස්සර කරා . දැන් ඉතිං පටන් අරගෙන හරියට ඔය ගොල්ලන්ගෙ සංකල්පයක් වගේ කරන්න.
හොඳ තීරණයක්. කරුණාකර ඉතා දුප්පත් පාසල් වලින් පටන් ගන්න.
මේවා බොරු වියදම්. යටිමඩි ගැහිලි විතරයි. රටේ ජනතාවට ජීවත් වන්න පුලුවන් රැකියා අවස්ථා දීලා, බඩු මිල අඩු කලානම් ළමයිට කන්න දෙන එක මහලොකු දෙයක් නෙමෙයි. අනික ග්‍රාමසේවක කොට්ටාශ මට්ටමෙන් හොයල බලලා අඩු අදායම් ලාබී තුන් වෙලේ කන්න බැරි පවුල් වලට සහනයක් හා එසේවීමට හේතු බලලා එයට විසදුම් දෙන්න ඕනේ. නැත්නම් මුළු රටේ ඉන්න පාසල් ළමයින්ට නිකන් කන්න දෙන්න එක තේරුමක් නැති වැඩක්,
ළමයි හදපු දෙමව්පියන්ගේ ප්‍රධාන වගකීම ළමයින්ට කන්න දෙන එක... එ්ක හරියට කරන්න මුලින් හොඳ අත්තිවාරමක් දාගෙන ඕනෑ ළමයි හදන්න. කවුරු මට ඩිස්ලයික් දැම්මත් බැන්නත් ඇත්ත මේකයි. මේ රජයක යුතුකමක් මිස වගකීමක් නොවේ. ඉක්මනට බැඳගෙන ළමයි හදන්න කලින් මේ දෙමව්පියෝත් කැපකිරීමක් කරලා යම් මට්ටමකට ආර්ථිකය හදාගන්න එක ඔවුන්ගේ වගකීමක්..
අපි පොඩි කාලෙත් කිරි බිස්කට් බනිස් කෑමට දුන්නා
ඇමතිතුමනි, ඔබතුමා බොහොම හොඳ කටයුතු රාශියක් අධ්‍යාපනය වෙනුවෙන් කලා. ඉන් එකක් තමයි සෑම පාසල් දරුවෙකුට රක්ෂණ ආවරණයක් ලබාදීම (පුද්ගලික පාසල් ඇතුළත්ව). නමුත් සමහර පුද්ගලික පාසල් බදු මුදල් පහර හැරිම සඳහා ව්‍යාපාරික ආයතන වශයෙන් ලියාපදිංචි වී තිබෙනවා. (උදා: හෝකන්දර ප්‍රදේශයේ තිබෙන ප්‍රසිද්ධ පුද්ගලික පාසැල). මෙවැනි පාසල් වල ඉගෙන ගන්න දරුවන්ට ඔබතුමා ලබාදුන් රක්ෂණාවරණය ලැබෙන්නේ නැහැ. මේ ගැන ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකරන මෙන් ඉල්ලා සිටිමි.