(මහින්ද නිශ්ශංක)
රථවාහන වැරදි 7 ක් සඳහා දඩමුදල් වැඩිකිරිම සම්බන්ධව නීතිය බලාත්මක කිරිමේ ගැසට් නිවේදනය ලබන සතියේ සිකුරාදා වන විට නිකුත් කිරිමට හැකිවෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.
රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරිම, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවා නියුක්ත කිරිම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, දුම්රිය හරස් මාර්ගයක් තුළට අපරික්ෂාකාරිව රිය ධාවනය හා බලපත්‍ර රක්ෂණයක් නොමැතිව රිය ධාවනය යන වැරදි හා සඳහා රුපියල් 25,000ක දඩයක් නියම කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හැමදාම කියනවා, එත් වැඩක් නැහැ ,
පොලීසියට ජය වේවා !!!
අර මුදල් ඇමැත් ඉන්න කාලේ නේද ඕක යෝජනා කළේ? මේකෙන් වෙන්නේ පොලීසියට තව අල්ලස් ගන්න මග පෑදෙන එකයි. පොලිස්පතිතුමා වගේ හොඳ කෙනෙක් ඉන්නවා නම් මේක අහෝසි කරන්න. කොහේද මේ ලෝකේ මොලේ තියෙන කවුරුවක්වත් ඉන්නවද?
මේක නම් සුදුසු හොඳ තීරණයක්....
ඔය කියන වැරදි පාරේ එදිනෙදා ගමන් කරන මිනිසුන්ට බලපානවා බොහොම අඩුයි. ත්‍රීවීලර් කරුවන්ගෙන් සහ ප්‍රයිවෙට් බස් කරුවන්ගෙන් වෙන වැරදි නිසා පාරේ යන වාහනවලට සහ මිනිසුන්ට බොහොම කරදරයි. එම නිසා දඩ මුදල දෙගුණයක් කර පාරේ යූ ගසන, පාරේ මංතීරු තුනේම යන ත්‍රීවීලර් කරුවන්ට රේස් යන ප්‍රයිවෙට් බස් කරුවන්ට රුපියල් 50000 දඩයක් ගැසුවත් අපේ කිසිම අමනාපයක් නැත.. ඊයේ දවල් රාජගිරිය පාරේ මංතීරු තුනේම ත්‍රීවීලර් කරුවන් 3 දෙනෙක් අරක්ගෙන තිබුණි. ඒ තුන්දෙනා රේස් යනවාය අපිට ඒ වාහනය ඉස්සර කරගන්න ඉඩක් නැත. ත්‍රීවීලර් මාෆියාවෙන් රට බේරා ගන්නවා නම් එය සිරි ලංකාවට කරන තවත් මෙහෙයකි.
විශේෂයෙන්ම බලාපොරොත්තු උනේ වම පැත්තෙන් ඉස්සර කරන මෝටර් සයිකල් සහ ත්‍රීවීලර් කරුවන්ට විශාල දඩයක් නියම කරයි කියලා එසේ නොවීම ගැන කනගාටුය.
අපේ රටේ රථවාහන නීතිවල ගොඩක් තාක්ෂණික කරුණු තියෙනවා. උදාහරණයක් විදියට ලියාපදිංචි අංකය 50, 52 සහ 40, 61 දරණ එකම වර්ගයේ වාහන තියෙනවා. මුලින් සඳහන් කල අංක සහිත වාහන, සැහැල්ලු වාහන බලපත්‍ර දරන කෙනෙක්ට පදවන්න අවසර තිබුණත් අලුත් නීතිය අනුව එම වර්ගයේ ම බර වාහන අංක දරණ වෑන් රථයක් පැදෙව්වොත් රුපියල් 25000ක දඩයක් ගෙවීමට සිදුවේ. එමෙන්ම මෑත කාලයේ නිකුත්කල රියදුරු බලපත්‍ර නියමිත දිනට අලුත් කිරීමට එක් දිනයක් හෝ අතපසු වුවද රුපියල් 25000ක් ගෙවීමට සිදුවේ. එහෙත් පැරණි රියදුරු බලපත් දරන්නන්ගේ බලපත් වල අවලංගු වන දිනයක් සඳහන් නොවේ. මෙවැනි තත්ත්වයක් තුල මෙම දඩ මුදල් වැඩිකිරීම ඵලදායී වන්නේ ද?