(විනීතා එම් ගමගේ)
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල කමිටුවේ අතුරු වාර්තාවේ ඇති යෝජනා පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින් ගේ සමුළුවක් කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම එම යෝජනා පිළිබඳව අදහස් දැක්වීම සඳහා සර්ව ආගමික නායක සමුළුවක් දෙවනුව කැඳවන බවත් , අනතුරුව ව්‍යවස්ථාව පිළිබඳව උනන්දුවක් දක්වන උගතුන් හා බුද්ධිමතුන් ගේ සමුළුවක් කැඳවන බවත් ජනාධිපතිවරයා පැවැසීය.
ව්‍යවස්ථාව ගැන දැනට පවතින ගැටලු බොහොමයකට එහිදී විසඳුම් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ජනපති කීවේය.
ඉතිහාසයෙන් පාඩම් උගෙන දියුණු තාක්ෂණය සමඟ එකම ලෝකයක් සමඟ එකට බැඳුණු ජනතාවක් සේ රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයමු යැයි සියලු දෙනාට ආරාධනා කරන බවද සිරිසේන මහතා තවදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, ජාතික සහජීවන සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය මඟින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද(30) පස්වරැවේ පවත්වනු ලැබූ ජාතික මහා සමුළුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්... නමුත් කිසිදෙයක් සිදුවන්නට නැත. යම් තනතුරක් ඇත්නම්, මම කෙටි කලකින් කරනවා.
ඔබතුමා සහජීවනය සංහිඳියාව ගැන බණ කියනවා. නමුත් නාවික හමුදාපතිතුමාට කල දේවල් ගැන හිතන විට යහපාලනය හා සහජීවනය රෙද්ද පල්ලේ බහිනවා. ඔබතුමාත් හිටපු රජතුමාගේ තත්වයට වැටීම ගැන අපි අතිශයෙන් කණගාටු වෙනවා.
අර විල්පත්තුවට කරන විනාසය නවත්තන්න ඔය අනිත් වැඩ පැත්තකට තියල. අපිටත් හරිම කණගාටු තමා. අපේ රජයක් මෙහෙම කරනවා දැක්කහම.
ඉතා ඉක්මනින් කල යුතුම කාර්යක්
ඔබතුමා සර්වපාක්ශික සමුළු කැදවනකොට අන්න ගම්පොල පැත්තේ සංහිදියාවේ දෝරේ ගලලා.ඒ පන්සලේ බුද්ධිමත් නායක ස්වාමින්වහන්සේ නිසා ලොකු වීනාසයක් නැවතුනා.ඔය අනවශ්‍ය දේවල් නොකර රටේ හා වැසියන්ගේ ජීවිත නගාසිටුවන වැඩක් කරන්න.නැත්තන් වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවෙන එක.
වර්තමාන දේශපාලකයන් බලය ලබා ගැනීමට බලු රැලක් මස් කෑල්ලකට පොරකනවා වගේ ස්වරූපයක් තමයි අපට නම් නිතරම පෙනෙන්නේ. ඒ වුනාට කතා කරන්නේ රටත්, ජනතාවත් ගැන පුදුමාකාර කැක්කුමකින්. එහෙම ඇත්ත කැක්කුමක් මේ කාටත් තිබුනානම් අද ඔය කියන ණය බර ගැන කතා කරන්නවත්, කුණු කඳුවලට යටවී ජනතාව මිය යන්නෙත්, කැරලි සහ යුද්ධ වලින් දසදහස් ගණන් වලින් ජනතාව බිල්ලට දෙන්නත් වන්නේ නැත. මේ අනුව මේ මොහොතේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම සාධාරණය.කවුරුත් අතීතය හොඳින් තේරුම් ගෙන අනාගතය වෙනුවෙන් දැන්වත් "එකට බැඳුණු ජනතාවක්" වශයෙන් ඉදිරියට යාමට සිතීම රටට සහ ජනතාවට ආදරය කරනවා කියන කාගේත් යුතුකමක් වගේම වගකීමකි.එය රටෙත් ජනතාවගෙත් වාසනාවක් විය හැකිය.
ඔය කියන අතුරු වාර්තාව සති අන්ත සියලු පුවත්පත් වල පලකරලා ජනතාවගේ අදහස් විමසුවොත් වඩාත් ප්‍රයෝජනවත් වේවි නේද
අගමැති දාපු කමිටුව අද වෙන කං හිටියද ඔය සමුළුව දාන්න
සහජීවනය රෙද්ද පල්ලේ බේරෙනවා ඔබ නිතරම හිතන්නේ මිනිස්සු බුරුවො කියලද?පැරදිලා ගෙදර හිටපු හොර හැත්ත එකතුකොරන් තව හුගක් කල් රට පාලනය කොරන්නද හිතන් ඉන්නේ..... දින 100 ජනපතිකම අහෝසි කොරන්න ආපු ඔබට කියල රට පාලනය කරගන්න මිනිසුන්ට ඕනේ වුනේ නැ....අපි කණගාටුවෙනවා රටේ තත්වය ගැන සර්ව පාක්ෂික සමුළුවක් අමුතුවෙන් අවශ්‍ය නැහැ... ඒ හැම එකකින්ම අහල තමයි ඕක හැදුවේ දැන් බොරුවට කාලය අරගෙන දිගටම ජනපති කමේ ඉන්න හදන්නේ ඕක නොකෙරෙන තැනට වැඩේ කරන්න...
මේ වගේ වෙලාවක ජනතාවට අලුත් ව්‍යවස්ථාවක අවශ්‍ය තාවයක් නැත. ජනතාවට පොරොන්දු වූ පරිදි පක්ෂ පාට භේදයක් නැතිව ජනතා දේපල සොරාගත් දේශපලකයන්ට උපරිම දඩුවම් දී අනාගත දේශපාලකයන්ට ආදර්ශයක් ලබදුන්නනම් තමා වඩාත් හොද....