(උපාලි ආනන්ද)
වයස අවුරුදු 15ක පමණ බාල වයස්කාර තම ඥාති පුතා බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ ඔහුගේ පුංචි අම්මා කෙනකු චෝදනා තුනකට වරදකාරියක බව නිගමනය කළ අනුරාධපුර විශේෂ මහාධිකරණය ඇයට වසර 21ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
එක් අධිචෝදනාවකට වසර හත බැගින් වෙන් වෙන් වශයෙන් බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරුණු අතර 21 වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම වසර 7කින් ගෙවී යාමටද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය. ඊට අමතරව අධිචෝදනා තුනට වෙන් වෙන්ව රුපියල් 500 බැගින් විත්තිකාරියට දඩ නියම කළ විනිසුරු ඇයට මාස 3 බැගින් වෙන් වෙන් වශයෙන් සිර දඬුවම් නියම කෙරිණි.
2007 වසරේ ජූලි මස 10 වන දින සහ 2008 වසරේ ජූනි මස 31 වන දින අතර කාලයේ අනුරාධපුර මහාධිකරණ බල ප්රදේශයට අයත් මරදන්කඩවලදි විත්තිකාරිය මෙම වරද සිදු කර ඇති බවට ලංකා දන්ඩ නීති සංග්රහයේ 365 ආ (2) ආ වගන්තිය ප්රකාරව අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකාර කාන්තාවට එරෙහිව අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
බාල වයස්කාර පිරිමි දරුවකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදකට කාන්තාවකට මෙරට මහාධිකරණයකින් මෑත කාලයේ 21 වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළ ඉතිහාසයේ ප්රථම අවස්ථාවද මෙයවීම විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර දේශපාලකයන්ටත් මේවගේ දඬුවම් දෙනවා නම් අපේ රට අද කොපමණ දියුණුද? බලමු ඉදිරි කාලෙදී ඔවුන්ට මොකද වෙන්නේ කියලා. මේ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන නෙමෙයි. එ් මනුස්සයට පින් සිද්ද වෙන්න අද මේ කවුරුත් පාරේ යන්නේ බය නැතිව. ඒවා අමතක කරන්න හොඳ නෑ.
අයියෝ නීතිපතිට වැඩ නැතුවද? මේවා සොයසොයා යන්නේ.
ඔය පුංචි අම්මගේ තව විස්තර ටිකක් හොයලා දෙන්න බැරිද ?
අපේ රටේ තරම් නෑදෑයන්ව දෙවියන්ටත්වඩා විශ්වාස කරන රටක් නැතිව ඇති. පොඩි දරුවන්ව මාමලා එක්ක මොන්ටිසෝරියට යවනවා. බාලිකාවන්ව අම්මගේ දෙවැනි සැමියා එක්ක වෙන කවුරුවත් නැති වෙලාවේ ගෙදර තියනවා. ගැටවර වියේ පුතාලාව තරුණ පුංචි අම්මලා එක්ක කදේට යවනවා. ඊළඟට මොනවා හරි වුනාම රටේ මිනිස්සු , පවතින රජය, සිවිල් නීති හදපු නිලධාරින් ඇතුළු ඔක්කොගෙම නෑදෑයන්ව සාදරයෙන් මතක් කරනවා.
ඔය පුංචි අම්මට දඬුවම් කළ නීතියම නේද ඔය වැඩේ උදේ ඉඳන් රෑ වෙනකම් කරන බලවත් ධනවත් මිනිසුන් ඉදිරියේ ගොළු වත රකින්නේ. ලංකාවේ වර්තමාන නීතියට අනුව නීති අංශ වලට වැදගත් වන්නේ කරන ලද වැරැද්ද නොව වැරැද්ද කරන ලද පුද්ගලයාග් තරාතිරමයි. බලවතෙක් නම් අපරාධය ශුන්යයි දඬුවම නිෂේධයි.
ඕක මොකද ?පුංචි අම්මා අපයෝජනය කරපු රතු සහෝදරයෝ පාර්ලිමේන්තු ඉන්න එකේ .
හොයල බලන්න ජනතා විමුක්ති පෙරමුණේ ද කියල මේ කොලුගැටයා
මේකෙදි බාල වයස්කාර කොලුවා පුංචි අම්මව පොළබවා ගත්ත ද දන්නේ නෑ නේද
කාන්තාවන් 100 දෙනෙක් දුෂණය කරපු එකා අවුරුදු කීයකට හිරේ ගියාද ?අනේ මෙහෙම රටක්.