තරිදු ජයවර්ධන
කුසගින්නේ සිටි දැරියකට වමනය යෑමෙන් පසු ඇය ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයෙන් පසු එම පාසලේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
විදුහල්පතිනියගේ වැඩ තහනම් කිරීම සම්බන්ධ තීරණය උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය ලිඛිතව දැනුම් දුන් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. විදුහල්පතිනියට චෝදනා පත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව ද එම ප්‍රකාශකයා කීවේය.
මෙම දැරියට පළාත් පාසලක් ලබා දීමේ ගැටළුවක් ඇත්නම් ජාතික පාසලක් ලබා දීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඇගේ ආර්ථික අපහසුකම් නිසා පාසල් යෑමේ ගැටළුවක් ඇත්නම් නේවාසිකාගාර සහිත පාසලක් ලබා දෙන ලෙස ද අධ්‍යාපන ඇමැතිවරයා දන්වා ඇතැයි අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳ වැඩක් ඇහුනා කාලෙකින්
අහන්නත් සතුටුයි. හැබැයි එක දෙයක් අමතක කර ඇත. අර දොස්තර ගුරුවරයා කෝ තවම වැඩද? එයාව ඉවත් කල යුතුයි. එතකොට මේ නඩුවට හොඳ ආදර්ශයක්.
අන්න ඒවගේ වැරදි කරුවන්ට කඩිනම් දඬුවම් ක්‍රමයක් තියෙන්න ඕනෑ.
කාලෙකින් සතුටු දායක දෙයක් ඇසුණා! ඇමතිතුමාට අපගේ ස්තුතිය.
අධ්‍යාපනය පැත්තෙන් හොඳ තීරණයක් අැහුණාමයි. හරිම සතුටුයි.
ඔහොම්ම ඉස්සරහට යමු. විදුහල්පතිනියගේ වැඩ තහනම් කලාට මදි.... එතුමිය විසින් මාසයක් ගානේ දුප්පත් ළමයගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදලක් ගෙවිය යුතුයි .... නියමයි අධ්‍යාපන ඇමැතිතුමනි.
අපේ වත්තේ වැඩ කරන හේරත් මට කියනවා මේ වගේ මෝඩ තීරණයක් ගන්න ඒ විදුහල්පතිනිය 8 වත් පාස් නැතිද මන්ද කියල.
කිසිම වග විභාගයකින් තොරව, සිසුවිය දොස්තර කෙනෙකුට හෝ නොපෙන්වා, අර "මොට්ට ගුරාගේ" වචනයට කිකරුවී සිසුවිය පාසලෙන් දොට්ට දැමූ ඇය ඇත්තෙන්ම "පාසැලක විදුහල්පතිනියක් " හැටියට සලකන්න පුලුවන්ද? ඇයගේ මොළ ගෙඩියේ තරම මේ සිද්දියෙන් මොනවට පැහැදිලි වෙනවා ! එම ගුරා තවමත් යහතින් එම පාසලේ ඉන්නවද ? ඔහු එම පාසලෙනුත්, වෙනත් පාසල්වල හෝ ගුරු පදවි ලබා ගැනීමත් ජීවිතාන්තය දක්වාම තහනම් කල යුතු වෙනවා. මේ අසරණ දැරියගේ දෙමාපියන් නීති මගින් ආරම්භ කර ඇති සියලු කටයුතු වලට රජය පුර්ණ අනුග්‍රහය දිය යුතුය ! අධ්‍යාපන ඇමතිවරයා මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ වලට අපේ ආචාරය ! ! !
මේ පාසලේ හිටපු විනය කමිටුව සියලුදෙනාගේත් වැඩ තහනම් කළ යුතුයි.
හොස්ටල් හම්බ වුනොත් කව්ද මුදල් ගෙවන්නේ..
අකිල ක්‍රියාවෙන්ම ඉතාම දක්ෂයෙක් .ඉදිරියටත් හොඳම දෙය කරන්න ජය ඔබතුමාට
ගරු අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඉතාම අගය කළ යුතු යහපාලන පියවරක්. එතුමා මේ පියවර ගත්තෙ ව්‍යවස්ථාව තබා නීතියවත් සංශෝධනය කරල ද? ගරු ඇමතිතුමාට අපේ ගෞරවනීය ආචාරය පුදකරමු.
සතුටුදායක ආරංචියක්..
විදුහල්පතිනියගේ වැඩ තහනම් කළාට මදි.