(නිමල කොඩිතුවක්කු)
කොළඹ නගරයේ දුප්පත් පවුල් 30,000 කට පමණ ජලය පැය 24 දීම නොලැබෙන බවත්, කොළඹ නගරය ගොඩනගනවා නම් ඒ ජලය ලබාදීමේ ශක්තිය ජලසම්පත් මණ්ඩලයට ලබාදිය යුතු බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මට්ටක්කුලිය ප්‍රදේශයේ ඉදිකළ මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පළමු අදියර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා එසේ කීවේය.
1866 ඉංග්‍රිසීන්ගේ කාලයේ දී කොළඹ නගරයේ ගොඩනැගූ ජල පද්ධතිය තවමත් පරිහරණය කරණ බවත්, තවත් කිලෝ මිටර් 500 ක පමණ ජලනල අවශ්‍යතාවයක් තිබෙන බවත් ඒ මහතා පැවසීය.
එමෙන්ම මළ අපවහන පද්ධතියත් ඒ අයුරින්ම පුනරුත්ථාපනය විය යුතු බවත් කසළ කළමනාකරණය, ජල කළමනාකරණය, වැසිකිළි කැසිකිලි පහසුකම් නැතිව කොළඹ නගරය ගොඩනැගීමට නොහැකි බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ වැඩි හරියක් තියෙන්නෙ පොර ටෝක් විතරයි. ඒ වගේම මෙයා නම් නියම දෙපත් නයා....
අපි සැවොම ඔබගේ ප්‍රකාශය අගය කරමි. නමුත් මෙතන තියෙන ප්රශ්නය ඔබ කතා කරන්නේ වැරදි තැන්නේ. මේක අපිට කියලා වැඩක් නැහැ මේක කියන්න ඕනේ කැබිනෙට් එකේදී එය අයත් අමාත්‍යවරයාට. එක නිසා කටින් බතලකොල හිටවන්නේ නැතුව හරි ක්‍රමේට වැඩේ කරලා පස්සේ එක දා ගන්න ප්‍රතිපත්තියේ හිටියනම් තමා හොඳ.
අනේ චම්පික මහත්තයා දැන් අවුරුදු ගානක් තිස්සෙ මේ රට ඔබලා ගොඩ ගත්තෙ....
ඔබ තුමා කියන දේ හරි . කැළණි ගඟ දෙපස සුද්ද කොට එම ඉඩම් ප්‍රයෝජනයට ගැනීමෙන් සහ දීර්ඝ කාලීන බදු දීමෙන් හෝ පුද්ගලික අංශයට පැවරීමෙන් විශාල මුදලක් හොයා ගත හැකයි. එම මුදල් නැවත ආයෝජනය කරන්ඩ.ඉක්මන් කරන්ඩ.
ඇමති තුමාගේ මොලේ තමයි මොලේ. පුදුම සොයා ගැනීමක් නේ කරලා තියෙන්නේ.
වර්තමාන දේශපාලන බංකොලොත් භාවයෙන් ගොඩ එන්නත් මොකක් හරි මාතෘකාවක් තියෙන්නත් එපා යැ. ගිය ආණ්ඩුවේදී ඇරපු නැති කට මේ ආණ්ඩුවේදී හොඳටම ඇරිලා තියෙන්නේ වැඩ නොකලත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දොරේ ගලන නිසා වෙන්න ඇති.
කොච්චර සුද්දට බැන්නත්, ඒ අය හිටියේ නැත්නම් අපි තාමත් ගල් යුගයේ!
වැහි දවස් වලට පාරවල් යට වෙන්නම හම්බුවෙන ජල සැපයුම මදිද