ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් ලබන නොවැම්බර් 2වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.
ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත අතර ටර්න්බුල් මහතා කියා සිටියේ මේ වසර ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ද්විපාර්ශ්වික සබඳතාවයට වසර 70ක් පිරෙන බැවින් එවැනි මොහොතක ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම තමාට සතුටක් බවයි.
මේ වසරේ ශ්‍රී ලංකා ජනපති හා අගමැතිගේ ඕස්ට්‍රේලියා සංචාරවලදී ඔවුන් මුණගැසී සාකච්ඡා කිරීමට ලැබීම ද තමාට සතුටක් බව ඕස්ට්‍රේලියා අගමැතිවරයා කියා සිටී.
දෙරට අතර ආර්ථික සබඳතාවය ශක්තිමත් කරගැනීම සඳහා සාකච්ඡා තවදුරටත් සිදුකරගෙන යාමට අපේක්ෂා කරන බවත් විශේෂයෙන්ම පුද්ගල ජාවාරම් ඇතුළු අන්තර්ජාතික අපරාධ මර්දනය සඳහා දෙරට එක්ව කටයුතු කිරීමේ වැදත්කම සාකච්ඡා කිරීමට යන බවත් ටර්න්බුල් මහතා ප්‍රකාශ කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සතියේ සිකුරාදා ඕස්ට්‍රේලියාවේ උප අගමැති ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හත්දෙනෙකුගේ ද්විත්ව පුරවැසිභාවය පිලිබඳ මහාධිකරණ තීන්දුව ලැබෙන නිසා මෙතුමා කලින් යොදාගත් ඊශ්‍රායල් සංචාරය ඊයේට කල් දැම්මා. මේ හේතුව නිසා තෙල් පුරවාගන්නයි පොඩ්ඩක් මහන්සි නිවාගන්නයි ලංකාවට යනවා මිසක් ලංකාව ගැන ආදරෙන් යනවද කියන එකනම් මම දන්නේ නැහැ .
ඒ කාලේ අපේ හොඳම මිත්‍රයෝ වුන ස්වාසිලන්ත රජතුමා සහ උගන්ඩාවේ පාලකයා අපිව බලන්නවත් ලඟකදී ආවේ නැහැනේ. තරහ වෙලාවත්ද?
බැස්සගමන් කෙලින්ම යාපනේට යයිද දන්නේ නෑ,
ඕස්ට්‍රේලියාවේ උප අගමැති බානේබේ ජෝයිස් ඇතුළු පාර්ලිමේන්තු සෙනට් සභිකයින් හත්දෙනකු ද්විත්ව පුරවැසිභාවය සහිත නිසා මන්ත්‍රී ධුර දැරීම නුසුදුසු බව අප රට මහාධිකරණය අද (29 වැනිදා) තීන්දු කළේය. උප අගමැති ඇතුළු හත්දෙනා ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පුරවැසිභාවය ලබා ඇති බවට ඔප්පු වී ඇත. එරට ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය. අද මේ අවස්ථාවේ පවතින රජය අපහසු තත්වයකට මුහුණ දුන්නද අගමැති හෝ ඔහුගේ පක්ෂයේ කිසිම කෙනෙක් ලංකාවේ වගේ මහාධිකරණයට, විනිසුරුවන්ට අනියම් බලපෑමක් කලේ නැත. අධිකරණයේ තීන්දුවට හිසනැමු අයුරු අවුරුදු 2500 යේ ඉතිහාසය උරච්චිකරණ සකල සිරින්පිරි ශ්‍රී ලංකාවේ සහ අවුරුදු 200 ඉතිහාසයක් ඇති ඕස්ට්‍රේලියාවේ වෙනස ඔන්න.... !!!
ජාත්‍යන්තරය ජය ගත් සිරිසේන ජනාධිපති තුමා ගැන ආඩම්බරයි නම් ලයික් කරන්න