(වීනිතා එම් ගමගේ)
සයිටම් අහෝසි කළ යුතු යැයි මතුපිටින් පිළිගෙන ආණ්ඩුව සිදුකර ඇත්තේ එය අහෝසි කිරීම නොව එහි නම වෙනස් කර යළි පවත්වාගෙන යාමට උපක්‍රමයක් යොදාගැනීම යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එමගින් ආණ්ඩුව මුළුමහත් රටම රැවටීමට උත්සහ කරන්නේ යැයි ද ජවිපෙ චෝදනා කරයි.
කෙසේ වෙතත් මේ මගින් සයිටම් අහෝසි කළ යුතු යැයි ආණ්ඩුව පිළිගෙන තිබීම සයිටම් විරෝධීන් ලැබූ ජයක් යැයි ද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ සම්බන්ධව ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින් නිතුත් කළ නිවේදනයක මෙසේ ද සඳහන් වේ.
‘‘දැනට රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වී තිබෙන සයිටම් ආයතනය පිළිබඳ ගැටලූව විසඳීම සඳහා ආණ්ඩුව විසින් තම අවසන් විසඳුම යැයි පවසමින් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය පදනම් කර ගනිමින් ආණ්ඩුව පවසන්නේ සයිටම් ආයතනය වසා දමා ප්‍රශ්නයට විසඳුමක් ලබාදුන් බවයි.
පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ බලධාරීන් ප්‍රකාශ කරමින් සිටියේ, කිසිසේත් සයිටම් අහෝසි නොකරන බවයි. දැන් මෙම යෝජනාවලිය මගින් සයිටම් අහෝසි කළ යුතු බව ආණ්ඩුව විසින් පළමු වරට පිළිගනු ලැබ තිබේ. එය සයිටම් අහෝසි කිරීම වෙනුවෙන් සටන් කළ සියලූ දෙනා ලැබූ ජයග්‍රහණයකි.
ආණ්ඩුවේ යෝජනාවලිය අනුව සයිටම් ආයතනයේ නම ද පුද්ගලික හිමිකාරිත්වය වෙනස්වීමට නියමිතය. නමුත් සිසුන්ට වෛද්‍ය උපාධිය මුදලට විකිණීම වෙනස් නොවේ.
පසුගිය කාලයේ ජනතාවගේ, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ, වෛද්‍ය පීඨ දෙමාපියන් හා ආචාර්යවරුන්ගේ මූලික ඉල්ලීම වූයේ, වෛද්‍ය උපාධිය මුදලට විකිණීම වහා නතර කර සයිටම් ආයතනය අහෝසි කරනු යන්නය.
නමුත් ආණ්ඩුව ඊයේ (29) දින ප්‍රකාශයට පත්කළ විසඳුමෙන් ඉදිරිපත් කරනුයේ සයිටම් ආයතනය අහෝසි කර වෛද්‍ය උපාධිය මුදලට විකිණීම නතර කර දැමීම නොවේ. ඒ වෙනුවට සයිටම් ආයතනයේ නම පමණක් වෙනස් කොට වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේ කටයුත්ත නව හිමිකාරිත්වයකට පවරා දීමක් පමණි.
එම වංචනික කටයුත්ත වසන් කිරීම සඳහා සයිටම් ආයතනයේ නම හා හිමිකාරිත්වය වෙනස් කිරීමත් දුප්පත් සිසුන් කිහිප දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදෙන බව පැවසීමත් කූට ලෙස යොදා ගනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ඉතා අවදියෙන් සිටිය යුතු මොහොතකි මේ. ජවිපෙ කිබුල් කදුළු වලට නොරැවටෙන්න. ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන මොහොතේ ජනතාව වෙනතක හැරවීම සදහා ජවිපෙ නායකයින් සයිටම් ලියවිලි එය ඉරා දමමින් හරිම උද්වේගකර හැසිරීමකට මාරුවී ඇත. ඔවුනට මෙය විසදීමට හැබෑ වුවමනාවක් තිබුනානම් මැතිවරණ කල් දමන්නට රජය ඔවුන්ගේ සහය ඉල්ලන මොහොතේ සයිටම් අහෝසිකර පෙන්වුවහොත් එයට සහය දෙන බව කියා අපුරුවට එය කරගැනීමට තිබුනා. රට බෙදන ව්‍යවස්ථාව ගෙනෙන තුරු ජවිපය සයිටම් වෙත ජනතා අවධානය හරවමින් සිටි.
කතාව ඇත්තනේ. ඕක කළා කියල ආණ්ඩුව පෙරේලිලා නැනේ. නැද්ද මන් අහනේ?
මේ රටේ මිනිසුන්ට අතීතය අමතක නැත. දේශපාලන අරමුණු වෙනුවෙන් විශ්වවිද්‍යාල තුලට රිංගා, අහිංසක ළමයින් ලක්ෂ ගණනාවකගේ මරණවලට මේ පක්ෂය වගකිව යුතුවේ. එලෙසම දැන් කරන්නෙත් එයමයි. මුදල් තිබෙන අය කෙරෙහි වෛරයක් ඇති කරවා උඩට එන්න නොදෙයි. එමනිසා හද්ද පිටිසර ගම්වලින් පැමිණෙන්න. මේ අහිංසකයින්ට සිදුවන්නේ. මේ මායාවට අසුවී තමාගේත් තම දෙමව්පියන්ගේත් බලාපොරොත්තු සුන්වීම පමණි. ඒ නිසා බුද්ධිමත්ව සිතන්න. මේ රටේ ලක්ෂ ගණනාවකගෙන් අතොලොස්සකට පමණක් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.
ලංකාවේ තිබුණු ලොව පිළිගත් විශ්ව විද්‍යාල පද්ධතිය නැති කලේ මේ ගොල්ලෝ. මේ අයගේ කඩාකප්පල්කාරී වැඩ නිසා දහස් ගණනක් දුප්පත් ශිෂ්‍යයින්ට උසස් අධ්‍යාපනය අහිමි වුණා. එම ළමයින්ට තම දරිද්‍රතාවෙන් මිදෙන්නට තිබුණු එකම අවස්තාව නැතිකලේ ධනපති පන්තිය නෙවෙයි ඒ අයත් එක්ක හවසට සෙට්වෙන මේ නායකයොයි.
රජයටත් කොන්දක් ඇත්තෙම නැහැ. ජවිපෙට,පෙරටුගාමියට සහ රජයේ වෛද්‍ය සංගමයට ඕන ඕන විදියට විසඳුම් නොදී දැඩි කෙලින් ප්රතිපත්තියක නොඉඳ මේ කරන සංශෝදන නිසා ජවිපෙ ඇතුළු බංකොලොත් අන්තවාදී පක්ෂ සහ දුෂිත වෛද්‍ය සංගමය ඔලුව උදුම්මා ගන්නවා. මෙරට උසස් අධ්‍යාපනය සම්බන්ද තීරණ ගන්න මේගොල්ලෝ කව්ද? එවැනි උසස් තීරණ ගත යුත්තේ ප්රබුද්ධ අධ්‍යාපන විශේෂඥ වරුනුයි. .මෙරටට පුද්ගලික විශ්ව විද්‍යාල සහ රාජ්‍ය විශ්ව විද්‍යාල දෙවර්ගයම අවශ්‍යයි. ඒ වගේම දෙවර්ගයටම පොදු ඉහල ප්‍රමිතියක් අවශ්‍යයි. රජයේ විශ්ව විද්‍යාලවලට නොතේරෙන සිසුන්ට මුදල් දීලාවත් ඉගන ගැනීම අකැපද? පෞද්ගලික විශ්ව විද්‍යාලයක් දෙකක් තිබුන පලියට නිදහස් අධ්‍යාපනය අහෝසි වන්නේ කෙසේද? ජවිපෙ හැමදාම කරන්නේ තේ කෝප්පේ කිඹුලන් පෙන්වීමයි. රජය දැඩි ක්‍රියා මාර්ග ගෙන මේ කඩා කප්පල් කාරීන්ගේ ක්‍රියා මර්දනය කල යුතුයි.
දැන් මෙය ඕනෑවටත් වඩා දුර ගිය අතර දුන් විශ්ව විද්‍යාල පුද්ගලිකව ළමයින්ට දන්වා එන ළමුන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු සකස් කළ යුතුය, ඔවුන්ට ආරක්ෂාව තහවුරු විය යුතුය
මෙයාලට ඉතින් ප්‍රශ්නයක් නැතිව පැවැත්මක් නැහැනේ. ඒ නිසා නැති ප්‍රශ්නයක් හෝ ඇති කොට තරුණයින් මුලා කොට සමාජ කෙරුම්කාරයින් ලෙස වැජඹීම මේ අයගේ ස්වභාවය. අපි දන්නා විදිහට නම් ප්‍රශ්න ඇති කරන්න ඕනෑම මෝඩයෙකුට පුළුවන් වැඩක්... එ්ත්, ප්‍රශ්න විසඳන්න හැකි වන්නේ ප්‍රඥාවන්තයින්ට පමණයි. අනුන්ගේ කුණු හොයන්න නම් මේ අය සැබෑම දක්ෂයෝ. එ්ත්, මේ අය රටේ විසඳපු එක ප්‍රශ්නයක් හෝ තියෙනවා නම් ඒ ගැන කාට හෝ කියන්න පුළුවන්ද?
මිනිසාගේ මුලික අවශ්‍යතා වූ ආහාර නිවාසද මුදලද විකිණෙනවා නම්, අධ්‍යාපනය මුදලට විකිණීමෙන් වන වරද කුමක්ද? ඔහුන්ගේ සමාජවාදයට රටේ 5% අඩු පිළිගැනීමක් පමණක් පවතින බව අමතක කරන්න එපා. කරුණාකර ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික විශ්ව විද්‍යාල හැකි පමණ ආරම්ඹ කරන්න. අධ්‍යාපන මිනිසාගේ ඇස් පාදාවි !!!
වහල දැම්මේ නැත්තේ ඒකෙත් මේ රටේ සහෝදර සහෝදරියන් ඉගෙන ගන්න නිසයි. වහල දැම්මනම් ඒ උදවිය කොහෙද යන්නේ?