(සිරාජ් හසීම්)
දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා තම පාර්මේන්තු වරප්‍රසාද සහ මූලික අයිතිවාසිකම් කඩකල බවට එම සන්ධානයේම පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා කතානායක කරූ ජයසූරිය මහතා වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබද පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදෙන්නැයි සිවශක්ති ආනන්දන් මහතා විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධන් මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබීම මිට හේතු වී තිබේ.
ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ පාර්ලිමේන්තු විවාදය අද (30) ආරම්බ වීමත් සමග එම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තමන්ටද අවස්ථාවක් ලබාදෙන්නැයි මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් ඉල්ලීමක් කර තිබිණි.
මෙම විවාදයේදී අදහස් දක්වන්නේ කවුරුන්ද යන්න පිළිබද තීරණය පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව ගතයුතු තීරණයක් බවත් තමන්ට එකවරම අවසරයක් ලබාදිය නොහැකි බවත් මෙහිදී විපක්ෂනායකවරයා දැනුම් දී තිබිණි. සම්බන්ධන් මහතාගේ මෙම ක්‍රියාකලාපය දෝෂදර්ශනයට ලක්කරමින් සිවශක්ති ආනන්දන් මහතා කතානායකවරයා වෙත පැමිණිලි කර ඇත්තේ ඒ අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ජාතියකම අන්තවාදියෝ මේකට විරුද්ධයි. එය දිනවීම මධ්‍යස්ථ ජනයාගේ වගකීමක්.
පක්ෂේ ප්රජාතන්ත්රවාදය රකින්නැති මිනිස්සු රටට ප්රජාතන්ත්රවාදය උගන්නන්න හදනවා.
පිස්සු ඩබල් වෙලා වගේ.
අපුරු කෙනෙක්ටනේ පැමිණිලි කරලා තියෙන්නේ. අගමැති තුමාගෙන් අහල බලලා තිරණයක් දෙයි. තමන්ම පත් කරපු විපක්ෂ නායකට විරුද්දව අගමැති මුකුත් කරන්නේ නැහැනේ ඉතින්.