හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (28) ඉන්දියාව බලා පිටත් විය. ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ ඓතිහාසික ආරුංගාබාත් නගරයේ පැවැත්වෙන සාමාජීය හා සංස්කෘතික සබඳතා පිළිබඳ ජාත්‍යාන්තර බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සහභාගී වීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, හිටපු මන්ත්‍රී උදිත ලොකු බණ්ඩාර යන මහත්වරු මෙම සංචාරයට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාටත් අපි බදු මුදල් ගෙවන්ට ඕනෙද?
හිටපු ජනපති තුමනි. රුදුරු ත්‍රස්තවාදයෙන් රට මුදවාගත්තා වගේම.. අවිහිංසාවෙන් ලෝකයට පණිවිඩයක් දෙන්න මේ නිල අරාධනාව යොදාගන්න..
මේක ඇත්තට ඉන්දීය රජයේ නිල ආරාධනාවක්ද? නැතිනම් යම් බෞද්ධ සංවිධානයක පුද්ගලික ආරාධනාවක්ද? මොකද ලංකාවේ බෞද්ධ කටයුතු ඇමතිකෙනෙක් ඉඳිද්දී වෙනත් රජයේ මැති ඇමතිවරු ඉඳිද්දී මහින්ද රාජපක්ෂට ඉන්දියාවේ නිල බෞද්ධ උත්සවයකට ආරාධනාවක් එවයිද? මෝඩි මහත්තයා ලංකාවට එද්දී කළු කොඩි දාන්න කියපු කට්ටිය නේද මේ. අනික යන කට්ටිය බලන්නකෝ ලොහාන් රත්වත්තේ, ජී.එල්.පීරිස්, උදිත ලොකු බණ්ඩාර, හරියට ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් වගේනේ ....
ලොව පිළිගත් මානසික වෛද්‍යවරයකු මුණගැසී බෙහෙත් අරගත්තොත් නේද හොඳ..?
ගෝලයෝ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න සැරසෙද්දී ඔබතුමා මෙත් වඩන එක ලොකු ආදර්ශයක්. අර මහනුවර පුද්ගලයාටත් ඔය දේ කියලා දෙන්න. එයා ගැලරියට ගහනවා. මෙදා මහනුවර දිස්ත්‍රික්කයෙන් එයා හොඳ පාඩමක් ඉගෙන ගනීවි.
මොකක් හරි කොමිස් පාරක් නැත්නම් ජිල්මාර්ට් එකක් නැතුව නිකම් නම් යාවි කියලා හිතන්න අමාරුයි!
මෙතන රොකී විතරයි ඇඟට දැනෙන දෙයක් දාල තියෙන්නේ.
තිරුපති කෝවිලටද ගියේ ?
ඔව් ඉතින් කර තිබෙන පාප කර්ම අහෝසි කරගන්න ක්‍රමයකුත් එපායැ.. ප්රශ්නය මොන බෞද්ධ වැඩ වලට සහභාගී වුවත්, එම පාපකර්මයන් අහෝසි වේවිද කියලයි....
කවුරු මොන විදිහට බැන්නත්, රනිල්-මෛත්‍රි දෙපළට වඩා මහින්ද මේ රටට වැඩකළා. යුද්ධය ඉවර කළා. කුහකයෝ කරන්නේ එතුමා කරපු සංවර්ධනයෙන්ම ප්‍රයෝජන ගෙන එතුමාටම බනින එක. හොඳම උදාහරණය අධිවේගී මාර්ග... යහපාලනය එක වැඩක් කළාද හරියට? ඔක්කොම බොරු පොරොන්දු විතරයි. කලින් රජය පටන්ගත්තු වැඩ ඉවර වුණාම ඒවා විවෘත්ත කරලා ලකුණු දාගන්නවා. ඊළඟ ඡන්දෙදි බලාගමුකෝ...
නිල සංචාරයක් වෙන්නේ ඉන්දීය රජයෙන් එන්න කිව්වොත් විතරයි. එක එක සංවිධාන එන්න කිව්වම එ්ක නිල වෙන්නේ නැහැ. තාමත් සාටකේට බයයි.
ඔය බෞද්ධ සම්මේලනයකට යන්නේ කුමටද? බෞද්ධ කියලා කියන්නේ කොහොමද?