රංජිත් රාජපක්ෂ
අඹගමුව ප්‍රාදේශිය සභාව මස්කෙළිය, නොර්වුඩි සහ අඹගමුව වශයෙන් තුනකට වෙන් කිරීමේදී අතිබහුතර දමිළ ජනතාවක් සිටින මස්කෙළිය කොටිඨාසයට ශ්‍රී පාදස්ථානය අයත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව කන්ද උඩරට ප්රගතිශීලි ජනතා ව්‍යපාරයේ සභාපති හා හිටපු අඹගමුව ප්‍රාදේශිය සභා මන්ති‍්‍ර හෙලපි‍්‍රයනන්දරාජ මහතා පැවැසීය.
ගිනිගත්හේන අභිනවාරාම විහාරස්ථානයේදි අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය කොටස් තුනකට කඩා වෙන් කිරිම සමිබන්ධයෙන් එම ප්‍රගතිශිලි ජනතා ව්‍යපාරයේ සාමාජිකයන් දැනුවත් කිරිම සදහා පැවති විශේෂ රැස්විමකදි හෙලපි‍්‍රයනන්දරාජ මහතා මේ බව කියා සිටියේය.
අඹගමුව ප්‍රදේශීය සභා බල සිමාවේ වෙසෙන සිංහල දමිළ මුස්ලිමි ජනතාව සැබෑ සංහිදියාවෙන් ජිවත් වන බවත් මෙසේ බල ප්‍රදේශ කඩා වෙන් කිරිමේදී සැබෑ සංහිදියාව විනාශ වි යන බවද හෙලපි‍්‍රයනන්දරාජ මහතා කියා සිටියේය.
පැරණි ගම්සභා ක්‍රමයට බල ප්‍රදේශ වෙන් කරන ලෙසත් හෙලපි‍්‍රයනන්දරාජ ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
13 වන සංශෝධනයෙන් පවා ඓතිහාසික වැදගත්කමක් ඇති ප්‍රදේශ අයත් වන්නේ මධ්‍යම රජයට. ප්‍රාදේශීය සභාවකට ඒ ගැන කිසිවක් කරන්න බැහැ. ශ්‍රී පාදය කිසිම ප්‍රාදේශීය සභාවකට අයත් නැහැ. මේවා පට්ටපල් බොරු.
අද රටතුළ සියළු ජනතාවට බලපාන ප්‍රශ්න තමයි ජීවන වියදම්, දූෂණ, නාස්තිය, හොරකම්, පරිපාලන, ප්‍රවාහන, සෞඛ්‍ය අධ්‍යාපන... නමුත් සමහර දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරු මේ සේරම අමතක කරලා අද කටයුතු කරන්නේ ජාති භේද, ප්‍රදේශ භේද ඇතිකරන ආයතනවල් ඇතිකිරීමයි. කල්මුණේ තියෙනවා කල්මුණේ මුස්ලිම් සහ දෙමළ ලේකම් කාර්යාල. ඒ වගේම වව්නියාවත් තියෙනවා. මේකද සංහිඳියාව? ලැජ්ජයි...
තියෙන ප්‍රාදේශීය සභාවලිනුත් වැඩක් නැති එකේ තව මොකටද අපේ බදු මුදල් වලින් යැපෙන අපේ බදු මුදල් හොරා කන ප්‍රාදේශීය හොරුටික වැඩි කරගන්නේ? අපි ණයක් ගත්තත් එකට වැට් බද්දක් ගහන රටක හොරු අඩුවෙන තරමට මහජනතාවට සුභයි. ඊට අමතරව ජාතික ආගමික වශයෙන් පළාත්, ප්‍රාදේශීය සභා බෙදාගෙන නටන්න යන නාඩගම මොකක්ද?
ජයරත්න, ශ්‍රී පාදස්ථානයට අවශ්‍ය යටිතල පහසුකම් සපයන්නේ කොහෙන්ද? අදාල ප්‍රාදේශීය සභාවෙන් නොවේද? අද නැගෙනහිර තිබෙන ඓතිහාසික ස්ථාන වලට මොකද වෙලා තියෙන්නේ? ඔබ නින්දෙන්ද? කැපුවත් කොළ, නිල්, රතු මතය අයින් කරලා මේ වගේ වැඩ වල අතුරු ඵල ගැන පුළුල්ව හිතන්න.
පට්ටපල් බොරු කියන්නේ ! පඩිසං දෙන හැටි බලන්න තිබුණොත් එතැනින්ම ඉගෙන ගත්තැහැකි රටකට බොරු කියන අයට ස්වභාවධර්මය දෙන දඬුවම මොකක්ද කියලා.
අපොයි පොට්ට ඇස් වලින් නොව හරියට ඇස් දෙක ඇරලා බැලුවහොත් අසිංහලයන් වැඩි තැන් වලට වටවූ බොදු සිද්ධස්ථානවල සිදුවන ගැහට, විනාශයන් දැක ගන්න පුළුවන්.
මේ නව සංශෝධනයට අනුව පළාත් බෙදලා තියෙන්නේ ඉක්මන් ජනතා විරෝධයක් මතු කරවාගෙන මැතිවරණය කල් දාගන්නයි. ඔය ටික නොතේරුනොත් මේ ලංකාවේ ඉඳලා මොකටද? තව දෙයක්.! බොහෝ දමිළ සහ මුස්ලිම් ප්‍රදේශ බෙදලා තියෙන්නේ ඒ ඒ ජන කොටස් වල ජන ඝනත්වය රැකෙන විදිහට වුණත් සිංහල ප්‍රදේශ බෙදලා තියෙන්නේ සිංහල බලය බිඳෙන විදිහටයි. මේ යහපාලනය මෙහෙයවන්නේ සුළු ජාතින් පිරිසක් විසින් බව සියලු රටවැසියන්ට අවබෝධ වේවා.!