(නිමල කොඩිතුවක්කු)
පිටරට පුරවැසියන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන එකින් එක රටට හෙළි කරන බවත් ඒ අය පිළිබඳ තොරතුරු ජනතාවට ලබා දෙන බවත් වෘත්තිකකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අද (27) පැවසීය.
රටට එරෙහිව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන, පුද්ගලයින් සහ මාධ්‍යවේදීන් මහජනතාවට හඳුනා ගත හැකි දර්ශක ක්‍රමයක් ඉදිරිපත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.
වෘත්තිකකයන්ගේ ජාතික පෙරමුණ විද්වත් වෘත්තිකකයන්ගේ සංගම් ගොඩනැගිල්ලේ කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
මේ සදහා විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම අහිංසක ලෙඩුන් ගසාකන පුද්ගලික අංශයේ බෙහෙත් දීමට ප්‍රමුකත්වය දක්වන දොස්තරලා ටිකත් නම් සහිතව ඉදිරිපත් කරන්න. එවිට අපිට දැනගන්න පුළුවන් කවුද ඇත්තටම රටට ආදරය කරන්නේ කියලා.
ලංකාවේ පිට රැටියන් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන තිබෙනවා , දොස්තරලගේ පොකට් එක පිරවීමට කටයුතු කරන සංවිධාන තිබෙනවා , විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න කටයුතු කරන සංවිධාන තිබෙනවා , ලංකාවේ නැත්තේ ඉහතකී මාෆියා සංවිධාන වල කලාප නිසා , අපහසුතාවයට පත්වන සහ මරණයට පත්වන අහිංසක රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන සංවිධාන පමණි, බලාගෙන ගියහම ලංකාවේ පුරවැසියන් වන අපට නැති සෞඛ්‍ය පහසුකම් යුරෝපයේ සමහර රටවල ඉන්න බල්ලන්ට බළලුන්ට තිබෙනවා , "අපේ අයිතිවාසිකම් අපට දෙන්න"
මහත්මයා, පිට රැටියන්ට ඔය හැටි භය වෙන්නද ඕනේ නැහැ. ඔය කියන පිට රැටියෝ, ලංකාවෙන් මොනවද ගෙනියන්නේ? ඔය පාරවල් දිගේ වර්ජනය කරන කට්ටියද, නැත්නම් අපේ ණය කන්දදද, එසේත් නැත්නම් අපේ දුප්පත් කමද?
මේ ගහන්නේ දුප්පත් මිනිස්සුන්ට
දොස්තර කොන්දොස්තර වැඩේ කරනවා කියන්නේ ඕකට තමයි..
ලෙඩ්ඩු මරා ගෙන කන දොස්තරලා සහ පිටරට හොරුන්ට පන්දම් අල්ලන හොර දොස්තරලත් හෙළිකරන්න ඕනෑ.
කොමෙන්ට් දැක්කම ඇත්තටම දුක හිතෙනවා. ඩොක්ටර් මේ කතා කරන්නේ නව ව්‍යවස්ථාව ගැන. මේ ව්‍යවස්ථා සම්මත වුණොත් විනාශ වන්නේ රට මිසක් දොස්තරට නෙවේ.
මේ රටේ මිනිසුන් ගසා කන දොස්තර මාෆියාවේ විස්තර ජනතාව හමුවේ තබමු.
ඉස්සර ලංකාවේ හිටිය විහිලුවංශ කියලා අැමැති කෙනෙක්. ඔහුත් වේදිකාවකට නැග්ගොත් නිතරම බැන්නේ පොදුවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයන්ට, පසුව බැලුවහම ඔහු අපේ අවධානය ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයන් දෙසට හරවාගෙන ඉන්න අන්තරේ අපේ ජාතික ධනය සොරා අරන් මාලිගා වැනි ගෙවල් තමන්ට සහ තම හත්මුතු පරම්පරාවටම හදල දීලා. තවත් හොරකම් ගොඩකුත් කරගෙන, ඔය බොරු කතා වලට අපි නැවත අහුවෙන්නේ නැහැ. ඔබලාට ඔය සයිටම් විරෝධී සටන ජයගන්න අවශ්‍ය ජනතා සහයෝගයක් නැහැ. දොස්තර සංවිධානය ජනතාවගේ බදු සල්ලි වලින් ඉගෙනගෙන, තීරුබදු සහන සහිත වාහන වැනි සුඛෝපභෝගී පහසුකම් භුක්ති විදිමින් සල්ලි තිබෙන මිනිසුන්ට පුද්ගලිකව ප්‍රතිකාර කරමින් දිලින්ඳන්ගේ ජිවිත ප්‍රාණ ඇපයට තබමින් තම ඉල්ලීම් දිනාගන්න, පුද්ගලයින්ගෙන් සැදුණු සංවිධානයක්ය යන්න ජනතාවගේ සිත් තුල මුල් බස ඇත.
මනස ලෙඩ වුණු මිනිස්සු ඉඳලා හිටලා විකාර කතා කියමින් දොඩවනවා අපි අහලා තියනවා. එ්ත්, මේ කලියුගයේ දොස්තරලා පිස්සු කෙළියට, පිස්සන්ට එච්චර ලොකුවටම පිස්සු නැහැ. නැත්නම් ඉතින් පිස්සන්වත් හිනස්වන මේ වගේ පිස්සු කතාවක් කියයිද?
බෙහෙත් ගෙන්වන සමාගම් වලින් කොමිස් ගන්නා දොස්තර මහත්වරුන්ගේ නාම ලේඛනයත් ජනතාවට දන ගැනීමට ඉදිරිපත් කරන්න.
දොස්තර මහත්වරුන්ගේ ආදායම සහ කි දෙනෙක් කොපමණ බදු ගෙවනවාද කියා දැනගැනීමට කැමතියි. ආයුර්වේදය දියුණු කිරීමට රජය මීට වඩා ආයෝජනය කල යුතුයි.
මොවුන් හිතන් ඉන්නේ රටේ ජනතාව ඔවුන් සමග බව. නමුත් මේ දොස්තරවරු දකිනකොට මිනිස්සුන්ට දැනෙන්නේ පිළිකුලක්.
එන් ජි ඕ නඩය තමයි ඔය කියන්නේ... සල්ලි වලට මොනවද නොකරන්නේ?
ජී.එම්.ඕ.ඒ සහ ජවිපෙ අය අතර වැරැද්ද කුමක්ද? රැකියාවක් නැතිනම් රාජිතගෙන් අහන්න.
මෙතන අදහස් දක්වා ඈති වැඩි දෙනා මේ පුද්ගලයා මොනවද කියන්නේ කියලා නොසිතා වෛද්‍යවරුන්ට තියන කේන්තිය පිරිමහලා මෙහමත් පහත් දැනුමක් අප්‍රිකාවේ වත් නැහැ.
පාදෙණිය ඒකපාර්ශිකව දේශපාලනය කරන කෙනෙක්. පිටරැටියන් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන ගැන හෙළිදරව් කරන්න හිතුනේ යහපාලනය දිගටම අල්ලන් යන නිසාද? මහින්ද රටේ ජනපති වෙලා ඉන්න කාලෙත් ඕවා තිබුණු රටට ආදරේ කරන වෛද්‍යවරයෙක් නම් එදත් ඕවා හෙළිකරන්න තිබුණා. රජයේ සල්ලි වලින් ඉගෙනගත්ත චැනල් යක්කු.. තමයි
සම්පත් මහත්මය වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය ගැන ජනතාව තුල තිබෙන කේන්තිය පිළිබඳව ලියල තිබෙන අදහසට මම එකඟ වෙන අතර , අප්‍රිකාවේ ඉන්න මිනිස්සුන්ට වැඩිය අපේ මිනිස්සු මෝඩයන් බවට ඔබ පලකරන අදහසට මම තරයේ විරුද්ධ වෙමි. ජනතා සහයෝගය නැතුව දොස්තරලට මෙම සටන ජයගත නොහැක
හැදෙන කෙනෙක් නෙමෙයි ... මේ කෙනා ඩොක්ටර් කෙනෙක් .. එ්ක ගැන දන්නවා. වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා ...
රටේ දරුවන්ව නොමග යවන මාෆියා කාරයින්ගේ දර්ශකය අපි දැනටමත් දන්නවා.
හරියට හරි පාදෙණිය මැතිතුමනි. ඔය NGO නඩ සේරම ගැන හෙළි කරන්න. මේකට අදහස් පල කරලා තියෙන සමහරකුත් ඒවාට වැඩ කරනවා වගේ තමා දාල තියෙන අදහස් වලින් නම් පේන්නෙ.
දැන් අපේ රටේ දොස්තරලා බස් එකේ කොන්දොස්තරගෙන් අවසර අරගෙන බස් එක ඇතුලේ කවි කොළ කියවන්න පටන් අරගෙන වගෙයි. රටේ දොස්තරලා කොලේ බලාගෙන කවි කොළ කියවද්දී කාටද ආඩම්බර???
දොස්තරතුමෝ, වෙද නලාව පැත්තකින් තියලා පළාත් සභාවට තරග කරන්න. ඔබතුමාට ඉගෙන ගන්න බදු ගෙවපු ජනතාවට තවත් විහිලු කතා නොකියා එහෙම කරන එක නම්බුයි.
අනුන්ගේ වැරදි පෙන්නන්න ඉස්සර වෙලා තමන්ගේ වැරදි ගැන බැලුවා නම් නේද හොඳ?
එන ජන මත විචාරනයෙන් නව ව්‍යවස්ථාව අනුමත වේවිද? මේ කොමෙන්ට් දැක්කම බයත් හිතෙනවා. එක අතකින් මෙහෙම මිනිස්සු ඉන්න රටක් විනාස වෙනවා හැර වෙන මොනා වෙන්නද? සුපිරිම මෝඩයො ටිකක්
මෙතන අදහස් දක්වලා තියෙන ගොඩක් අයට දොස්තරලා පෙනෙන්න බෑ වගේ. මං හිතන්නේ නෙවිල්ගෙ ගෝලයෝ රොත්තක් වෙන්නන අැති. මට නම් අම්මා, අප්පා, ගුරුවරු, වෛද්‍යවරු අැරුණාම වෙන දෙවිවරු නෑ මේ ලෝකේ. ඔබට මෙතන දොස්තරලා විවේචනය කරන්න අයිතිය තියනවා සේම පාදෙණිය මහතාට මේවා ගැන හෙලි කරන්න අයිතිය තියනවා. ඔහු වගකීමක් අැති නීතගත සංවිධානයක සභාපතිවරයෙක්. ඔහු කියන දේ බොරුද අපේ රටේ අාර්ථික මරමස්ථාන වල ප්‍රධානින් වෙලා හිටියේ කවුද? ලංකාවේ පුරවැසිභාවයත් නැති ජාත්‍යන්තර බැංකු කොල්ලකාරයෝ, මහ බැංකුව, ගෑස් සමාගම් තව කොච්චර අැත්ද? ඉතින් බොරුද පඳුරක්, පඳුරක් ගානේ එන්.ජී.ඕ. කාරයෝ තමයි.
සම්පත් සහ කුමාර් ගල්ෆ්, මෝඩකම් පෙන්නන්න හදන්න එපා. ඔබ දෙපල පා.ම. මහින්ද මහතාගේ අනුගාමිකයින් ලෙස හැඟෙයි.
අහිංසක ලෙඩුන් ගසාකන පුද්ගලික අංශයේ බෙහෙත් දීමට ප්‍රමුකත්වය දක්වන දොස්තරලා ටික කියන්න පළමුව බලන්න. බෙහෙත් මිල අඩු කලාම කොමිස් නැතිව පිස්සු හැදිලා දඟලන්නේ ඔය කට්ටිය කියලා අපි නම් දන්නවා ..
මේ දොස්තරගේ පැටිකිරිය මම දන්නවා. ඔහු එම්.බී.බී.ඒ. උපාධිය සමත් වී පසුව ඒම්.ඩී. උපාධියත් ගත්තා. අැක්ට් 16 විභාගය සඳහා උගන්වන වෛද්‍යවරුන්ගේ නම් ලැයිස්තුවක් දෙන්නයි මම ඔහුට අභියෝග කරමි.
මහත්වරුනි සයිටම් විරෝධී ජන බලය ලැබී ඉවරයි. එය තීරණය වන්නේ මෙම බුකියේ ඉන්න බුකි වීරයන්ගෙන් නෙවෙයි. එය ඊට වඩා එහා ගිය පුළුල් ජනතා විරෝධයක්... එ්ක ඔබලාට නොතේරෙන්නේ ඔබලා සමාජයේ අමාරුවෙන් ඉගෙනගත් මිනිස්සු දිහා ඉරිසියාවෙන් බලන නිසයි. එහෙම බලන ඔබලාට දේශපාලකයන් කරන සමාජ විරෝධී වැඩ නොපෙනෙයි. ඔවුන් ගන්න මොට්ට තීරණ නොපෙනෙයි. ඔය කියන දොස්තරලා එතරම් නරක නම් ඔවුන්ගෙන් පුද්ගලික ලෙස බෙහෙත් නොගෙන ඉඳිමු. එහෙම නැතිනම් පුද්ගලික කරන එක නවත්වන්න කියලා ආණ්ඩුවට කියන්න. හැබැයි ඔබලාගේ ක්‍රෝධයෙන් වැඩක් නැහැ සයිටම් දිනලා ඉවරයි. ඒ ඔබලා වැනි මිනිසුන් නිසා නොවෙයි. ඇත්තටම රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න එන ජනතාවගෙන්. කල්පනා කර බලන්න ඔබලාද රජයේ රෝහල් වලට නේවාසික ප්‍රතිකාර සදහා සමහරවිට පැමිණෙන්නේ ඉතාමත් අසාධ්‍ය ලෙඩකටයි. එහෙත් උණට, කැස්සට ඉතා අධික මිලගණන් වලට කන්සල්ටන්ට්ලා ලඟට නේද යන්නේ? හැබැයි එහෙමෙ රෝහලට ආවත් හොඳට බලනවා නේද? ඔබලාම හිතන්න එහෙම කලත් ඔබලාට හරියට වැසිකිළි පහසුකම්වත් නැහැ නේද? මේ එක දෙයක් විතරයි තව බොහෝ දේවල් සෞඛ්‍ය අංශයේ දියුණු කිරීමට ඇත. ඒවා ඔබලාගේ දේශපාලකයින්ට කියන්න. අවසාන ලෙස අපිට ඔබලාගේ සහය එපා. අපි මේ සටන ජය ගෙන ඉවරයි.
බොරු ජාත්‍යන්තර බිල්ලෝ පෙන්වලා ජනතාව ගොනාට අන්දවන්න ඔබතුමාට බැරිය. පෙර සිට ඔබලාගේ ඉල්ලීම් දිනාගැනීමට දුප්පත් මිනිස්සුන්ගේ ජිවිත සමග සෙල්ලම් කරන ඔබ සංගමය ගැන අපේ කිසිම පැහැදීමක් නැත. දැන් කාලයක සිට එයට අමතරව කොළඹ පාරවල් වසමින් අපිව මග රස්තියාදු කරන නිසා ඔබලා ගැන අපේ හිතේ තිබුණු කලකිරීම කෝපයකට පෙරලි ඇත. අපව අපහසුතාවයට පත්කරන්නේ ජාත්‍යන්තර බිල්ලන් නොව ඔබ සංගමයේ සාමාජිකයන් විසිනි.
මෙයත් මගෙන් ඡන්දේ ඉල්ලන්නයි හදන්නේ. ඊට කලින් දොස්තර වැඩේ හරියට කළොත් තමයි හොඳ මහත්තයෝ...
හොඳ වැඩක්, රජයෙන් පඩි ගනිමින් මහජනතාවට වැඩක් නොකර මාධ්‍ය සංදර්ශන සහ උද්ඝෝෂණය කරමින්, විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින්, ලෙඩුන් බිල්ලට ගනිමින්, පරාජිත දේශපාලකයින් නැවත බලයට ගෙන ඒමට මාස ගණන් කඩේ යන ඔහේලා වගේ කට්ටියත් හෙළි කළොත් හොඳයි නේද?
මේ අදහස් දිහා බලපුවහම පේනවා සමාජයේ ඉන්න මිනිසුන්ගේ අදහස්වල පැහැදිලි බෙදීමක්. එක පිරිසක් තමන්ගේ සාක්කුව ගැන නොසිතා තමන්ට අන්‍යයන්ගෙන් රැකගත යුතු රටක්, ජාතියක්, ආගමක්, සංස්කෘතියක් තිබෙනවා යයි විශ්වාස කරන "ගෝත්‍රිකයෝ" යයි නම් ලද පිරිසක්. අනෙක කුලකය තමන් ලෝක ජනගහනයේ කොටසක් යයි සිතමින්, සියලු දෙනා සමානයෝ යයි අනුමාන කරමින් තමන්ගේ අතීතය නොදැන හෝ අමතක කර ජීවත්වීම හා ධනය බලය රැස් කිරීම උදෙසා පමණක් අරමුණු කරගත් පිරිසක්. මේ අතර දෙවනුව කී දර්ශනය අනුගමනය කරන බව පෙන්වමින් සියලු කුලකයන් රවටමින් තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන පළමු කුලකයේ අයිතීන් ආක්‍රමණය කරන්නවුන් ද සිටිති. කෙසේ වුවත් දෙවනුව කී සියලු පිරිස් විරුද්ධවාදී කම් කරන්නේ රටේ අයිතිය ඇත්තන්ට බව ඉතා පැහැදිලියි. සිංහල නමින් පමණක් අයෙක් සිංහල නොවෙති. සිංහල සියලු දෙන සිංහලුන් ලෙස සිතීමට ලැබෙන අවසාන අවස්ථාවේ තීරණාත්මක පළාත් පාලන ඡන්දය එළඹ ඇත.
ඇත්තටම මේ අයට නම් ජලභීතිකාව හැදීලද කොහෙද..?
අපේ රටේ විහිළු සපයන නුගත් පිරිසක් සිටිති. නමුත් ඊට අලුතින්ම එකතු වුණු උගත් විහිළු සපයන්නා මොහු බව අපට දැන් තේරෙනවා. මෙයා කවදාහරි යන්නෙත් රාජිත ගිය පාරේම තමා. මෙයා කල ලොකුම සේවය (හානිය), ජනතාව දේවත්වයෙන් සලකපු වෛද්‍ය වෘත්තිය ජනතවට එපා කරවීමයි.
මෙතන ලියන සමහරු තමන්ගේම හොට පටලවාගෙන මෙතන බෙරිහන් දෙනවා. මේ දොස්තරට දොස් නැගීම හා සයිටම් ආයතනය අතර කිසි සම්බන්ධයක් නැහැ. දොස්තර දොස්තරකම පැත්තක තියලා කරන දේශපාලනය ගැන තිබෙන අප්‍රසන්න හැගීම තමයි බොහෝ අය මේ ප්‍රකාශ කොට තිබෙන්නේ. මොළේ කළඳක් හෝ තිබෙන කෙනෙකුට මොහු ඇතුළු සගයන් කරන මේ විගඩම තේරුම් ගන්න අපහසු නැහැ. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කෙසේ වෙතත්, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයට හා සෞඛ්‍ය සේවයට අද අත්වී තිබෙන ඉරණම ඇත්ත ඇති සැටියෙන් දකින අය දන්නවා. සාත්තු සේවිකාවන්ගේ ප්‍රමිතිය ඉහල දැමීමේ අරමුණින් ඔවුන්ගේ පුහුණුව වසරකින් දීර්ඝ කිරීමට පැවති රජය කටයුතු කරද්දී ඊට එරෙහි වුයේත් අපේ රටේ මේ දොස්තර මාෆියාවම තමයි. ජනතා ඡන්දයෙන් පත් වුණු රජයක් රට පාලනය කරනු විනා, මාෆියා සංවිධානවලට බියවී රටේ පවතින ගැටළු විසඳීමට මැලි වන්නේ නම්, එය ඒ රටේ විනාශය බව බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතුයි. අතීතයේදී දොස්තරලාට ලබා දී තිබුණු විශේෂ වරප්‍රසාද ගැන සතුටු වුණු අපි, වර්තමානයේදී ඔවුන්ට ලබා දී තිබෙන වරප්‍රසාද ගැන අපි අපගේ අප්‍රසාදය පල කරන්නෙමු. මෙසේ අනවශ්‍ය වරප්‍රසාද ලබන වෙද මාෆියා නඩයක් ලොව කොහෙවත් නොමැති බවද දන්වමු.
මේක පුදුම කතාවක්නේ... මහන්සි වෙලා ඉගෙන ගෙන තියෙන්නේ දොස්තරලා විතරද ? ඇයි අනෙක් උදවිය නිකම් ගෙදර වාඩි වෙලා ඉන්නකොට උපාධි සහතික වෘත්තිය සුදුසුකම් සහතික අතටම ලැබෙනවා වෙන්න ඇති. අපේ රටේ දොස්තරකම මහා ලොකු දෙයක් වුණාට දියුණු රටවල එ්ක තවත් එක වෘත්තියක් විතරයි. අනෙක වැඩක් රාජකාරියක් නොකර මෙහෙම බෙරිහන් දිදී පඩි ගන්නකොට ඒ රටවල් වල වෘත්තීය බලපත්‍රය නිකම් අහෝසි වෙනවා.
ඔබතුමාගෙන් තමයි අපි දැනගත්තේ දේශපාලකයින් පසුපස යන දොස්තරලා ඉන්න විත්තිය....
පිටරට පුරවැසියන්. පැත්තකට දමලා මෙරට මිනිස්සුන්ගේ බදු මුදලින් ඉගෙන ගත්ත නම්බුවවත් තිබ්බොත් නරකද? දුප්පත් මිනිස්සුන්ට සේවයක් කරලා හරියට රාජකාරි කරන කෙනෙකුට වෛද්‍ය විද්‍යාලයට යන්න තිබුණු අවස්ථාව නැති වුණු එක විතරයි. මීට හොඳයි දේශපාලන විද්‍යාව හදාරලා පාර්ලිමේන්තුවේ තැන්පත් වුනා නම් !
පාදෙණිය මහත්තයාගේ එන්.ජී.ඕ. එ්ක වැඩකරන්නේ ඇමරිකානු පුරවැසි ගෝඨාභයට නේ. හා නැද්ද? එ්ක ගැන වෙන්න ඕනෑ මේ කියන්නේ... අබ සරණයි ඔබතුමාට.
ඉන්දියානුවෝ ලංකාවට ඇවිත් තමන්ගේ වකුගඩුව විකුණන ජාවාරම පිටුපස හිටිය දොස්තර කවුද කියලා පරීක්ෂණ පවත්වන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. වර්තමානයේ අපේ රටේ සෞඛ්‍ය සේවය ජාවාරමක්. ඒ ජාවාරම් කරුවන්ගේ නායකයෝ තමයි මේ ගොබ්බ දේශපාලන කතා කියන්නේ.
කොමෙන්ට් ලියන අය බය වෙන්න එපා. ඔයාලා ලියන එ්වා පාදෙණිය මහතා කියවන්නේ නෑ. එයාට වැඩ තියනවා. රිජ්වේ රෝහල, නුවර, අනුරාධපුර රෝහල් වල ස්නායු ළමා රෝගින් බලන්න තියනවා. රජරට වෛද්‍ය පීඨයේ ළමයින්ට ළමා රෝග විද්‍යාව උගන්නන්න තියෙනවා. රිජ්වේ රොහලේ විතරක් ක්ලිනික් එකේ සියයකට වැඩියි. එ් විතරක් නොවේ. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, වෘත්තීය වේදින්ගේ ජාතික පෙරමුණ වැනි සංගම්වල සභාපති එතුමා. මෙවැනි සංගම් ඔස්සේ එතුමා තමන් උපන් රටට සේවය කරනවා. එට්කා ගිවිසුම, වෛද්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රමිතිගත කිරීම, ව්‍යවස්ථා සංශෝධන සඳහා රටේ වෘත්තීයවේදීන් සමග එකතු වී යෝජනා ලබා දීම, පාසල් වල දේශන, පාර්ලිමේතු මන්ත්‍රීන් සඳහා දේශන මේකි නොකී වැඩ රාශියක් කරනවා. එයාට ඇත්තටම මේකේ කොමෙන්ට් බලන්න වෙලවක් නෑ. ඔය කොමෙන්ට් කරන පොරවල් එක අතකින් නොදන්නාකම, මොඩකම, මානසික අසහනය පෙන්නුම් කරලා කොමෙන්ට් එකක් දාලා දොස්තරට යැව්වා කියලා සතුටින් නිදා ගන්න. වෙන මොනවා කරන්නද ඉතින්? පාදෙණිය සර් වගෙ රටට සේවය කරන්න කියලද? ඇත්තටම ස්නායු රෝග වෛද්‍යවරයෙකු කියන්නේ කව්ද කියලවත් තේරෙනවද දන්නේ නෑ. පව් ඔයාලා... දිගටම බැන බැන ඉන්න. ඔයාල ඉපදිලා ඉන්නේ එ්කටනේ. රට වෙනුවෙන් වැඩ කරන අය වැඩ කරයි.
දොස්තරලට කොහොමත් පත්තර බලන්න වෙලාවක් නැති බව අපි දන්නවා. හවස් වරුවේ හා මධ්‍යම රාත්‍රිය වෙනතෙක් පෞද්ගලික රෝහල් වල හා චැනල් කළුකඩ වල වාසය කරන ලංකාවේ දොස්තරලට කොහෙද වෙලාවක්? මෙතන සෑම් කියලා ලියලා ඇත්තෙත් දොස්තරයෙක්ම වෙන්න ඇති. නැත්නම් ඉතින් මොලයක් තියන එකෙක් දොස්තර මුදලාලිලාට අතිනුත් වියදම් කරගෙන කඩේ යයිද? අනික ඔය විදිහට කෙබර කෙලින්න එපා හලෝ. ඔහෙට යන්න අපායක් නැතිවෙයි. අපි හිතුවේ රටේ සෞඛ්‍ය සේවය විතරක් වනසලා මේ අය නතර වෙයි කියලයි. දැන් රටම වනසන්න පටන් අරගෙන. වෛද්‍යවරයා කියන නමටත් ලැජ්ජයි අපේ රටේ දොස්තරලා. ලජ්ජා නැතිකම දොස්තර කමටත් වඩා ලොකුයි හිටන්...
ලංකාවේ සමහර වෛද්‍යවරුන් මුදලට වහල් වී කටයුතු කරන බව ඇත්ත. නමුත් බොහොමයක් වෛද්‍යවරුන් සැබවින්ම ජනතාවට සේවය කරන පිරිසක්. මෙතන කොමෙන්ට්ස් දාන අය වෛද්‍ය පාදෙණිය ගැන පෞද්ගලිකව සොයා බලන්න. (ජනමාධ්‍යවලින් සහ දේශපාලකයින් කියන දේ නැතුව). ඔහු ළමා ස්නායු පිළිබද විශේෂඥ කෙනෙක්. දියුණු විදෙස් රටවල පවා මෙවැනි වෛද්‍යවරුන් අඩුයි. ඔහු විදේශ රටක සේවය කලානම් ඔහු මෙහි සිට ලබන වැටුපට වඩා විශාල වැටුපක් ලබමින් ඉතා සුව පහසු ජීවිතයක් ගත කල හැකිය. නමුත් ඔහු තෝරා ගෙන ඇත්තේ ලංකාවේ රජයේ වෛද්‍යවරයකු ලෙස ජනතාවට සේවය කිරීමයි. එසේම සෙසු වෛද්‍යවරුන්ට වඩා වැඩි කාලයක් රෝගීන් වෙනුවෙන් වැය කරන කෙනෙකි. එසේම, රටේ අනාගතය අඳුරට පත්කරන ව්‍යවසනයන් විද්වතකු ලෙස කලින් දැක එය පැරදවීමට සටන් කරන අයෙකි. (සයිටම් සටන, එක්ටා පැරදවීමට සටන් කිරීම, නව ව්‍යවස්ථාවට එරෙහිව නැගී සිටීම ආදී...) සැබවින්ම රට ගැන නොසිතන, වහල් සිතුවිලිවල ජීවත් වන අයට, රට විනාශයට ඇද දමන නිවට දේශපාලකයන්ට ආවඩන පිරිසට, එන්.ජී.ඕ. සල්ලි වලින් ජීවත්වන අයට මෙවැනි විද්වතුන් වහකදුරු සේ පෙනෙනු ඇත. මෙතන කොමෙන්ට්ස් දමා ඇති සමහර අයත් මේ ගොඩක් අය බව ඉතා පැහැදිලිව දිස්වේ.
මෙතන තියෙන කමෙන්ට්ස් ඉතා සියුම්ව ඔබ විසින්ම අධ්‍යයනය කරන්න. වෛද්‍ය පාදෙණියට සංවිධානාත්මකව පහරදීමට කීප දෙනෙක් එකතු වී කරන දෙයක් කියලා පැහැදිලිව පේනවා.
දොස්තර උනත් පිස්සෙක් නම් බෙහෙත් දෙනු...පිස්සා උනත් දොස්තර නම් ගරු කරනු ...හිවලෙක් වගේ කොටියෙක් නම් පහර දෙනු...සර්පයා උනත් ගැරඬිය නම් අත හරිනු...
සෑම්, පාදෙණිය දොස්තර මහතාගේ ප්‍රයිවට් සෙකට්‍රි ද කොහෙද! මේ කරනවා කියලා තියෙන වැඩ ලැයිස්තුව දොස්තර මහත්මියවත් දන්නවාද මන්දා !
අනේ මන්දා මේ දවස්වල ලංකාවේ දොස්තර සංගමයට සෙනසුරු අපලය ලබලාවද්ද? පාදෙණිය මහතාණෙනි, ඔබගේ රැකියාවට අදාල දේ විතරක් ප්‍රකාශ කළොත් නේද? හොඳ. ලංකාවේ මීට පෙර උගත් දොස්තර මහත්තුරු සිටිය රටට සේවයක් කරපු. දොස්තර ජයලත් ජයවර්ධන එක නාමයක් ....