රංජිත් රාජපක‍්ෂ
රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට තිබූ නිවාස සහ ඉඩම් අයිතිය දැන් වතුකරයේ ජනතාවට ද ලැබී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදි කළ සහ ඉදිවෙමින් පවතින නව නිවාසවලට අදාළ හරිත භූමි ඔප්පු ප්‍රධානය කිරීම වෙනුවෙන් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි. අද ඉඩම් ඔප්පු 2864ක් පිරිනමනු ලැබීය.
වතුකරයේ වෙසෙන මෙතෙක් නිවාස නොලැබුණු සෙසු ජනතාව වෙනුවෙන් ද නව නිවාස ඉදිකිරිමට වත්මන රජය කටයුතු කරන බව ද අගමැතිවරයා කීවේය.
මේ වන විට වතුකරයේ නිවාස 1500කට වැඩි ප්‍රමාණයක් සාදා අවසන් බව කඳුරට නව ගම්මාන, වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංර්ධන අමාත්‍යංශය කියයි. එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 12ක ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ද එම අමාත්‍යංශය පවසයි.
පලනි දිගම්බරන්, ගයන්ත කරුණාතිලක, වී රාධා ක්‍රිෂ්න්නන් මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.





(ඡායාරූප රංජිත් රාජපක්ෂ)




(ඡායාරූප ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන දාට රෙද්ද කරට අරන් තමයි යන්න වෙන්නේ. ශ්රීමශාස්ත්රී ගිවිසුම යටතේ ඉන්දියාවට පටවන්න ගිය මේ අය ලංකාවේ තියා ගත්තේ ඔබතුමාගේ මාමා තමයි. මාමලා බෑනලාගේ වැඩ තමයි.
"රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට තිබූ නිවාස සහ ඉඩම් අයිතිය ...." මෙයා වෙනත් ග්‍රහ ලෝකයක ඉඳන් ඇවිල්ල වගේ කතා කරන්නේ. සුද්දගේ වතු ආර්ථිකය නිසා කෙළවුණේ අසරණ සිංහලයා ටයි. ඉඩම් අඟලක් වත් නැති, තිබුනත් ඒ ඉඩමට තියා ප්රදෙශයටවත් ජලය හා විදුලිය නැති, පාසලක් හෝ රෝහලක් නොමැති, ලෙඩෙක් මහල්ලෙක් ප්‍රවාහනය කරන්න ඔයට උඩින් ඒ දණ්ඩක් ඇති ගම්මාන වල වෙසෙන සිංහල ගැමියන් ලක්ෂ සංඛ්‍යාත ගණනක් වෙනවා. වතු කරයේ ඡන්ද අරගෙන අපි බලමුකෝ මේ ගොල්ලෝ රටේ බහුතරය මට්ටු කරන හැටි.
මම පාසල් යන අවදියේ මගේ ගුරුවරයෙකුව සිටි දව්මොටාවේ අමරවංස හිමි දිනක් මටකීව "දෙමල රෙදි කච්චියක් ඇන්දත් ඌ හෙළුවෙන්" කියලා. වේට්ටිය ඇන්දාම එහෙම වෙනවා.