මුදිතා දයානන්ද
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ විසඳුම්වලට තමන් එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය ශිෂ්‍යන්ගේ දෙමාපිය සංසදය සහ සිවිල් සංවිධාන කියයි.
රජයේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංසදය සංවිධානය කළ විශේෂ සාකච්ඡාවක් මේ වන විට නුගේගොඩදී පැවැත්වෙයි.
එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ රජයේ මෙම විසඳුමට තම සංගමය එකඟ නොවන බවයි. මෙම යෝජනාවලියට එකඟ නොවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ද ප්‍රකාශ කළේය.
ඉදිරි සතිය ඇතුළත මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමන් ඉදිරිපත් නොකළ හොත් ලබන හය වැනි දා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව දෙමාපිය සංසදය පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සහභාගී වූ හිටපු මන්ත්‍රී ලාල් කාන්ත මහතා සිය කතාව අතරතුර රජයේ නිවේදනය ඉරා දැමීය.
මෙම සාකච්ඡාවට සයිටම් විරෝධී සිවිල් සංවිධාන නියෝජිතයෝ ද, දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද සහභාගී වී සිටිති. ආණ්ඩුවේ ඇමැතිවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ඒ අතර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර රජයේ යෝජනා ක්‍රියාත්මක කරන්න. අනෙකුත් පාර්ශව කටයුතු කරන්නේ සත් භාවයෙන් තොරව දේශපාලන අවශ්‍යතා සඳහා බව මින් ඉතාම පැහැදිලිව පෙනේ.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් තමන්ගේ විරෝධයක් තිබෙනවා නම්, කල යුත්තේ නිවේදනය ඉරා දැමීම හෝ පෙළපාලි යාම නොව. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට තමන් විරුද්ධ බව මහජන ඡන්දයකදී ප්‍රකාශ කොට, ඒ සඳහා ජනතා වරමක් ලබාගෙන, රටේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාල නැති කිරීමයි.
රජයේ විශ්ව විද්‍යාලවලට තේරුණා කුහක වෛද්‍ය සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් විශ්ව විද්‍යාල අයට නොතේරුණු දරුවනට ලංකාවේ ඉගෙනීමට ඉඩනොදෙන ලෙස ඉල්ලා මාරන්තික උපවාසයක්. හැබැයි පිටරට ගියාට කමක් නැහැ.
මොන ක්‍රමයට හරි වැඩිපුර වෛද්‍යවරු බිහිවෙන එක නතර කරන්නයි අපිට ඕනෑ..
මැරුණොත් වලලමු. රජයේ තීන්දුව සාධාරණ බවයි මගේ හැඟීම. ඔතනට ඇවිල්ලා තියෙන්නේ ඔත්තු බලන්න... නැත්නම් දෙපැත්ත කනවා.
අර මාරාන්තික උපවාසය පටන් ගන්නකෝ. මේ දවස් වල මිනීපෙට්ටි සාප්පු කාරයින්ට බිස්නස් නැහැ කියලත් ආරංචියි.
ඔය ඇමති නේද ළමයි ඉස්කෝලවලට දාන්න සල්ලි අරන් ඇමති කම කෙලවා ගත්තේ? ඉතිහාසය පාසල්වල විෂය ධාරාවෙන් ඉවත්කළාට මිනිසුන්ගේ හිත් වලින් ඉවත් කරන්න අමාරුයි.
කරන්න බැරි නම් වහලා දාන්න. බදු ගෙවන්නෝ මත නම් බර පටවන්න එපා. ජනතාව වියදම් කරල උගන්නපු අයගේ තරම පේනවනේ.
රජය විසින් ලබා දී ඇති විසඳුම ඉතාම කාලෝචිත සහ දුරදර්ශී විසඳුමක් බව මැනවින් පෙනී යන අතර, ආණ්ඩු පෙරලීමේ සහ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ ප්රතිපත්තියක සිටින මහින්ද මහතාගේ අනුගාමිකයන්ගේ තර්ජනවලට බිය නොවී ඉදිරියටම යා යුතුවේ. මහින්දගේ කාලේ සාටකය යටට වී සිටි ඇතැම් කුහක ගති ඇති දේශපාලකයන් අතුගා දැමිය යුතුය. මහනගර සංවර්ධනයේ මුවාවෙන් තමන් සංවර්දනය කරගන්න කපටි මිනිසුන් එලවා දැමිය යුතුය.
මේ යෝජනා හැර තවත් මොනවද? කරුණාකර මේවා ක්‍රියාත්මක කරන්න. මේ අයට එල්ලෙන්න වැල්නෑ සයිටම් එකේ එල්ලිලා. රටට දැනට තියෙන ලොකුම ප්‍රශ්නෙ මේකද කියලා හිතලා බලන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා මත්තල විකුණනවා. සුසිල්ලට මේක තමා ලොකුවෙලා තියෙන්නේ !!!
එකඟ නැතිනම් ගෙදර ගිහිල්ලා බුදිය ගන්න. අපි මෙතනදී රජය සමගයි.
ළමයින්ගේ ඡන්ද ගන්න හිතා ගෙන තමයි ඔය ඇවිත් තියෙන්නේ
මේ ගොල්ලන්ගේ පරමාර්ථය මෙතැනදී හොඳින් පෙනෙනවා. වෛද්‍යවරු අඩුවෙන් බිහිවන තරමට මෙගොල්ලන්ගේ මල්ලකරේ...
සයිටමි වසා දමා දැන් ඉන්න අයට රජයේ පරින්ෂණයනට යොමු කොට පැනයට එකගතාවක් ගමු.
සයිටෙම් වලට පක්ෂ මමත් මේ යෝජනා වලට එකග නෑ. මේ මගින් පාඨමාලාවේ ප්‍රමිතිය තවත් අඩු වෙනවා.
මොන්ටිසෝරි බබාලා ටොෆි දුන්නොත් ඉස්කෝලේ යනවා වගේ දැන් දේශනා වලට යනවාලු. තමන්ට මහජනයා උසස් අධ්‍යාපනයට බදු ගෙවන්නේ කලට වෙලාවට ඉගෙන ගෙන , ඊළඟට එන කෙනාට ප්‍රමාද නොවී ඒ අවස්තාව ලැබේවි කියලා බලාපොරොත්තුවෙන්. වෙන රටවල් වල නම් පන්ති එන්නේ නැති නම් වෙන කෙනෙකුට ඒඅවස්තාව දෙනවා. පුදුම ආත්මාර්ථකාමී කුහක සිසුන් කොට්ටාශයක්!
සයිටම් එකට පොරවපු 5 වෙනි ඛැටලු හම. අනේ මෙහෙම හිවල් රැලක්
පින්වත් දේශපාලුවන්ගේ සහ අපේ මැන්ලාගේ දරුවන් සියලු දෙනාට වෛද්‍ය විද්‍යාලවලට කොහොමහරි ඇතුල් වීමටත් පිළිවෙලක් තිබිය යුතුයි නේද?
එදා අපි කියද්දී සමහරු පිළිගත්තේ නෑ මේක මහින්ද නැවත බලයට ගෙන ඒමේ ක්‍රියාදාමයක් කියල. දැන් තේරෙනවනේ. කරුණාකරලා ඒ කට්ටියට මැරෙන්න ඉඩ හරින්න. එක රටට යහපතක්.
සයිටම් කාරයො, අධ්‍යාපන කඩ කාරයො කොහොමත්, කවදත් රජයත් එක්ක. දුප්පතාගේ නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් පෙනී ඉන්න විශ්ව විද්‍යාල සිසුවා හැමදාම විපක්ශේ.
සෛටෙම් වස අනාගත පරපුර උදෙසා උපාධි විකිණීම නවත්තන්න ,,රජයෙන් ආයතනයක් පිහිටුවා සුදුසුකම් ඇති යට ඉගනීමට විශ්ව විද්‍යාලයක් පටන් ගන්න එතකොට පිටරට යන සල්ලිත් ඉතුරැයි ,,,උවමනාවත් ඉටුවෙනවා ,,,ණය ක්‍රමයකුත් සකස්කර දෙන්න ,,,,,,,,,,,,සෛටෙම් වහන්න බොරු විසදුම් එපා
රජයට ඕනේ ලොකු ව්‍යාපාරිකයො බේර ගන්න. නැත්තන් ඊලඟ ඡන්දෙදි වියදම් කරන්නේ රජයේ වෛද්‍යවරුද, නැත්තන් ඔය අහිංසක දෙමාපියන්ද.
මොන මල ජරාවක්ද මේ. වහල දාන්නේ නැතුව. රටේ අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලින් හදාගත්තු ලෙඩ්ඩු නොයන හොස්පිටල් එකක් නඩත්තු කර කර, සල්ලිකාර දෙමාපියන්ගේ නැට්ටුක්කාර ළමයින්ට එස් තුන දා ගන්න බැරි වුනාම යවන හොර ගුහාව.
මොවන් මේවට විරුද්ධ වෙන්නේ රටේ වෛද්‍යවරු වැඩි උනොත් පුද්ගලික රෝහල් හරහා තමන්ගේ ආදායම අඩු වෙන නිසා. ...මොව්න්ගේ සටනේ සැබෑ අරමුණ මනුස්සත්වය උදෙසානම් ප්‍රථමයෙන්ම මොවන් කල යුත්තේ 1) පුද්ගලික රෝහල් වර්ජනය කර රජයේ රෝහල් වල පමණක් සේවය කිරීමයි. එසේ නැත්නම් 2) සයිටම් ආයතනයේ සිසුන්ට අධ්‍යාපනය මොවුන් විසින් ලබාදීමට කටයුතු කිරීමයි. .....එසේ කිරීමට මෝවුන් එන්නේ නැත්තේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල හරහා වෛද්‍යවරු ප්‍රමාණය වැඩිවෙන නිසා මිසක වෙන හේතුවක් නොවෙයි.
මුලදී අරගල කලේ ප්‍රමිතිය උදෙසාය. එය සයිටම් වසා දැමීම දක්වා ගෙනාවේය. නෙවිල් ප්‍රනාන්දු ලාබ ලබන බව පවසා එය කොතලාවල වෛද්‍යය පීටය මෙන් ලබා නොලබන ආයතනයක් ලෙස නම් කරන ලෙස බල කළේය. අවම ප්‍රමිතිය බලාත්මක කරන ලෙස පැවසීය. දැන් අවශ්‍ය කුමක්ද? පෞද්ගලික වෛද්‍යය විද්‍යාල ඇතිවීම වලක්වීමි. එසේනම්, මෙම සුදුසුකම්ම ඇති (විශ්ව විද්‍යාල අවම ප්‍රවේශය) ළමයි පිටරට ( ඉන්දියා,නේපාල්, බංගලාදේෂ්, පකිසතාන් ) ඉගනගෙන පැමිණීම අන්තරේ, JVP, GMOA යට ප්‍රශ්නයක් නොවන්නේ මන්ද? බිලියන් ගණනක විදේශ විනිමයක් පිටරට ඇදීගොස් මොවුන් ලංකාවේදී විරුද්ධ වන දෙයම සිදුවීමට ඉඩදීම කුහක කම හෝ පිටරට ඒජන්සි කරුවන්ගේ අවශ්‍යතාවක් ඉටුකිරීම නොවන්නේද? එසේනම් මොවුන් කියන පරිදි මොට්සොරියේ සිට උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ අමතර පන්ති පවා නැවැත්විය යුතුය. පෞද්ගලික පාසල් සහ අනෙකුත් සියලුම පෞද්ගලික විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන වසා දැමිය යුතුය.
පිළිගන්න පුළුවන් යෝජනාවක් දෙන්න ඕනෙනෙ පිළිගන්න. රාජිතට කඩේ ගිහින් ගේන යෝජනා කව්ද පිළිගන්නෙ. මේ වගේ බොරු යෝජනා හොදයි කොන්දේ බැදපු චීනුන්ට නම්. බුද්දිමත් ජනතාව දන්නව මේ කරන්න හදන්නේ කොලේ වහල ගහන්න හදන ගේම් එකක් කියල.
එක් පාර්ශවයක් ඡන්ද මල්ල පුරවා ගැනීමේ සටනක ඇත. තව කොටසක් ජනතාවට "කුහකකම" කුමක්ද යන්න හඳුන්වා දෙමින්ද, තවත් කොටසක් ධනපති පන්තිය රැක ගැනීමේ උත්සාහයකද යෙදී සිටිති.
මෙතන කවුරු හරි ඉන්නවා දොස්තරලාට ලියවෙන විවේචන වලට ඩිස්ලයික් දමන්න වෙනම යොදවලා. හිනාවෙලා පණ යනවා.
මේකට කැමති නැත්නම් දැනට නිහඩව සිටින අපි වැනි දෙමව්පියන් එළිදරව්වේම ඔබළා ගේ අන්තනෝමතික වැඩපිළිවලට එරෙහිව එළිබහිනවා, අපිට අවශ්‍ය දේශපාළනය නොව අපේ දරැවන්ගේ අනාගතයයි,ඡ.වි.පේ.පදයට GMOA....නටනවානම් මේකේ අගක්සොයා ගන්න ලැබෙන්නේනෑ, අපේ දරුවන් මානසිකව වැටෙන්න දෙන්න අපි ජීවත් ඉඩ තියන්නේනෑ, මේකට දෙමව්පියන් මාරාන්තික උපවාසයකට තල්ලුකිරීමට උත්සාහකිරීමට ප්‍රථම GMOA...චැනල් සති 2කට නවත්වන බවට අභියෝග කරන්න