මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි කියන ලිපි ගොනු දෙක කොමිසමට ඉදිරිපත් කරන ලෙස එම සමාගමට නියම කොට තිබුණත් මේ වනතුරු අදාළ ගොනු කොමිසමට බාරදී නැතැයි කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා පැවසීය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිට අදාළ ගොනු වහාම කොමිසමට බාරදෙන ලෙස පසුගිය 16 වැනි දා නියම කොට ඇතත් අදාළ ගොනු මේ වන තුරු බාරදී නැතැයි උඩුගමසුරිය මහතා වැඩිදුරටත් පැවසීය.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි කියන ලිපි ගොනු දෙක කොමිසමට ඉදිරිපත් කරන්නැයි නියම කළ මුල් අවස්ථාවේදී ඔහු දරුණු හෘදයාබාධ තත්වයක් මත බව කියමින් රෝහල් වු අතර ඉන් සුව වී පැමිණි පසුවද අදාළ නියෝගය ඔහුට දැනුම් දුන්නත් මේ වනතුරු අදාළ ගොනු දෙක කොමිසමට බාරදී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෝදනා එන කොට මේ අයට හැදෙන හෘදයාබාධ බොරු ඒවා වුනත්, මේවා අහල ජනතාවට හැදෙන හෘදයාබාධ නම් ඇත්තම ඒවා.
එම ලිපි ගොනුවල අඩංගු දෑ සමහර විට, ව්‍යාජ විදියට වෙනස් කරන්න සමහර අයට ඕන ඇති ! ඒවා කරන්න කල් යන නිසා වෙන්න ඇති මේ විදියට ලිපි ගොනු භාර දීම පමා වන්නේ !!! ඉවසන්නකෝ ටිකක් .....
හොරු මොන තරම් බලවත්ද කියල ඒකෙන්ම හිතාගන්න පුළුවන්. ආණ්ඩුවක් ඇතුලේ ආණ්ඩුවක් කියන්නේ ඔන්න ඕකට තමයි. ඒකෙන් එකයි ආණ්ඩුව. අනික පාන්ඩුවක්.