රොමේෂ් මධුසංඛ
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිරනයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා වශයෙන් තරඟ කිරීමට හොඳම සුදුස්සා ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා බවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන මහතාට දැනුම් දී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක ආර්.සම්බන්ධනා මහාතාගේ 75 වන ජන්ම දිනය නිමිත්තේ 28 වැනි දා සවස යාපනය කන්කසන්තුරෙයි අරසඩි මන්සන්ධියේදී විපක්ෂ නායක වරයාගේ හා ඉලංගයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයක් විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී ශ්‍රීධරන් මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ ලොකුම හා බලයෙන් වැඩිම පක්ෂය ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය බවයි.
‘මාවෙයි සේනාධිරාජා මහත්මයාට වැඩි ජනතා මතයක් තියෙනවා. පසුගිය පලාත් සභා මැතිවරණයේදීත් උතුරේ ජනතාව වෙනුවෙන් අපි එතුමන් තමයි ප්‍රධාන අමාත්‍ය තනතුරට පත් කරන්න ලෑස්ති වුණේ. නමුත් පසුව සී.වී.විග්නේෂවරන් මහත්තයා ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේදී ජනතාවට සෙතක් වනවානම් විග්නේෂ්වරන් මහත්මයාට බලය ගන්නට සහාය දෙන්න මාවෙයි සේනාධිරාජා මහත්මයත් එකඟ වුණා. දැන් විග්නේෂ්වරන් මහතාගේ පාලන කාලයත් අවසන් වෙන්න යන්නේ. ඒ නිසා මීළඟ පළාත් සභා මැති වරණයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා වශයෙන් මාවේයි සේනාධිරාජා මහතා සුදුසුම කෙනා බවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාට දැනුම් දීලා තියෙනනේ.‘ යැයි ද ශ්‍රීධරන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට කෝඩු කාරයෙකු වන කොළඹ ජිවත් වුණු විගනේශ්වරන් උතුරේ දේශපාලනය කරන්න දන්නේ නැහැ. ඔහුගේ ක්‍රියාකලාපය නිසා උතුරේ සංවර්ධනය අඩාල වෙලා. වෙන කවුරුහරි ඉදිරිපත් වෙන එක හොඳ වෙනසක් විදිහට මමත් දකිමි.
විග්නේෂ්වරන් බැලුවෙම ආයෙත් යුද්ධයක් ඇති කරන්නම තමයි. දුප්පත් දෙමළ ජනතාවට කිසිම හොඳක් කලේ නැහැ. පැනගිය කොටි නැගිට්ට වන්නම තමයි දැඟලුවේ.
උතුරු පලාතේ දෙමළ ජනතාවට මේ පලාත් සභාවෙන් කළ සේවය කුමක් ද. එහි ඉන්න මහ ඇමතිගේ ඉදන් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් දොරවල් යාන වාහන දේපල පරිීක්ෂා කලොත් හොයාගත හැකි සංවර්ධනය. තමන්ගේ තත්වය හා පැවැත්ම සදහා පවත්වාගෙන යන පාලනය. දෙමළ ජනතාවට වෙලා තිබෙන සේවය ටිකක් එ9 පාරෙන් ඇතුලට ගිහින් බලන්න ඕන. ඔය එක් සතෙක්වත් කෑ ගැහැවුවද. දෙමළ ළමයින්ට උගන්වන්න හොද ගුරුවරු දියව්. සෞඛ්‍ය දියුණු කරවු. ඒ මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන්න වැඩ කරවු කියල. නැහැ ඒ අය උද්ඝෝෂනය කරන්නේ තව තවත් බලය තමන්ටෙ ලබා ගන්න විදිහක් ගැන. ඒ අය කොහොමටවත් කැමති නැහැ දෙමළ ජනතාවට හොද ජීවන තත්වයක් ලැබෙනවාට. එහෙම උනොත් උන්ට වැජබෙන්න ලැබෙන්න නැහැ නෙ