ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නියෝග කර ඇත.
නීති විරෝධි අයුරින් ගවයින් ප්‍රවාහනය කිරීම ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, ඒතුළින් කිරි ගව කර්මාන්තයට මෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතාවයන්ට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
ඒ අනුව ගවයින් ප්‍රවාහනය පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තෙක් ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවා ඇත.
දැනට ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් හරහා සිදුවෙයි.
(ජනාධිපති මාධ්‍ය අංශය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට රටින් තීරුබදු රහිතව ගවමස් ලංකාවට ගෙන්වන්න එතකොට ගවයන්ට වද දී මරණ එක නතර වෙනවා, ගවමස් කන පුද්ගලයන්ට ප්‍රමිතියක් ඇති පිරිසිදු මස් ටිකක කන්න පුළුවන් , ප්‍රවාහනයට බලපත් දීම නතර කිරීමෙන් සිදු වෙන්නේ ජාවාරම් කාරයෝ පෝසත් වීම පමණි
ඉතාමත් යහපත් තීරණයක්.
යන්තම් ඇති රටේ ඉතිරිවෙලා තිබුණ අන්තිම ප්‍රශ්නෙත් විසඳුනා. යහපාලනයට ජයවේවා!!
ගරු ජනාධිපතිතුමනි අප මේ දෙය විශාල කාලයක් සිට බලා සිටියා. ඔබ කතා කල නොහැකි සතුන්ට කල ඉහලම දේ ඉටු කළා ඔබට ජය වේවා
ඉතා හොඳ පින්වත් ක්‍රියාවක්. අපි සියල්ලෝම සතුටු වෙමු. පින් දෙමු.
එක්කෝටි හැටලක්ෂයක් ගවයින් ඉමහත් ප්‍රීතියට පත්කලා ... ඔබට පින්
ලංකාවේ සත්තු මරන්නේ මස් සඳහා මහා තිරිසන් විදිහට. වෙන රටවල සතා මරන්නේ උෟටවත් දන්නේ නැති විදිහට. ලංකාවෙත් එහෙම ක්‍රමයක් ගේන්න. නැත්නම් ආනයනය කරන්න.
ප්‍රාදේශීය ලේකම් නොව රජයේ පශු වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පනත අනුව සිදුකරයි. සත්ව පනත පිළිබඳ බලතල ඇත්තේ රජයේ පශු වෛද්‍ය නිලධාරී වරයා හටයි.
හැඟීම් දැනීම් ඇත්තේ මිනිසාට පමණක් කියා සිතන මේ මිනිස් පරපුර කවදා හෝ නැතිවේවි. මස් කෑම සාධාරණ විය හැකි මුත් ඒ සඳහා මිනිසා කරන ක්‍රියාවන් ඉතාම පිළිකුල් සහගතයි. ඔවුන් ඇති කරන ආකාරය, ප්‍රවාහනය කරන ආකාරය ඉතාම පිළිකුල්. මේ සම්බන්දව වැඩිදුර ක්‍රියා මාර්ග ගැනීමට ඔබතුමාට ශක්තිය ලැබේවා !!!
නගරවල පාරවල් වල අයාලේ යන හරක් ටික වත් ඉවත් කරගන්න බැරි පාලකයෝ .. පිළියන්දල නගරයේ පාරවල් වල පුදුම කරදරයක් හරක් නිසා. නිලධාරීන් නිදි...
දැන් මුළු රටේම හරක් මස් විකුණන්න නැති වෙයි. එතකොට අර කට්ටියට කන්න දෙයක් නැති වෙනවා. ඊට පස්සේ සංහිඳියාව නැති වෙනවා. ඊට පස්සේ තහනම ඉවත් කරනවා. කලින් තිබුනට වඩා බලපත්‍ර නිකුත් කරනවා. ප්‍රශ්නේ විසඳෙනවා.
ඔබතුමාට පින්සිද්ධ වෙනවා මේ අහිංසක සතුන් මරණ එක සදහටම නවතන්න. රට පැමිණෙන විපත්තිත් අඩුවෙයි.
ජය වේවා....... එ්ත් තාවකාලිකවනේ නතර කලේ... අනික ගව මස් ගෙනියන එකයි, විකුණන එකයි තහනම් කරලා නෑනේ. ඟඟට ඉනි කැපුවා කියන උපහැරනේ ගැන පොඩි අයට කියලා දෙද්දී උදාහරණයකට ගන්න හොඳයි මේක...
ගවයින්ට විතරද පණ තියෙන්නේ?
බලපත්‍ර ඇතුව හෝ නැතුව ගවයින් මැරීම තහනම් කරනවා නම් හොඳයි.
එතකොට දියවන්නා ඔය පැත්තට කන්න, බොන්න අරන් යන දෙපා සතුන්ගේ මෙවැනි වාහනවල සෑහෙන අඩුවක් පෙනේවි !!!
මේක හරියන වැඩක් නෙවෙයි, උදාහරණයක් හැටියට කියනවා නම් බස්නාහිර පළාතේ ගවයන් අඩුයි. නමුත් එහි පිහිටා තිබෙන යුද, නාවික, ගුවන් හමුදා කඳවුරු වලට ගවමස් සැපයීමට කොන්ත්‍රාත් අරන් තිබෙන අය කරන්නේ ඔය විදියට ඈත පළාත් වලින් හරකුන් මස් සදහා ගෙනෙන එකයි. මේක නැවැත්තුවොත් එ්කට විකල්පය කුමක්ද? අනික ඔය කොන්ත්‍රාත් අරන් තියෙන්නේ ඇමතිලා සහ එයාලගේ හිතවත් අයයි. එයාලා ඔය වැඩේ කීයටවත් අතහරින්නේ නැහැ.
මේ කරපු දෙයින් ලංකාවේ ජනයාට අඩු මිලට කිරි බීමට පුළුවන්... කාබනික පොහොර අඩු මිලට ගන්න පුළුවන්. හරක් මස් වල මිල අඩුවීමෙන් බත් පාර්සල් ගාන අඩුවේ. හරක් හොරුන්ට පහරක්, හරක් අපනයනය කරන්න පුළුවන්, විදේශ විනිමය ලැබේ. තව බොහෝ ආර්ථික ප්රතිලාභ අත්වේ.
එහෙම හරි නෑ නේ. හරක් ට්‍රාන්ස්පෝර්ට් ඕනෙම නෑ ... අප්පිලාට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ අය කොහොම හරි හරකාව පයින් හරි ගෙනිහින් මස් කරලා වෙලාවට මන්ත්‍රීතුමාටයි, අැමැතිලාටයි සප්ලයි කරනවා.
මැති ඇමැතිවරු ප්‍රවාහනයටත් මේ නීතියම අදාලද?
මේ රටේ මිනිසුන්ගේ කුහකකම හොඳින් ප්‍රදර්ශනය වෙනවා. තමාගේ ඇදහීම අනුව මස් නොකා හිටියට කමක් නැහැ. නමුත් ඒ නිසා මස් කන අයත් මස් නොකා හිටපියව් කියලද කියන්නේ? මස් වෙළදාම, ප්‍රවාහනය කියන්නෙත් මේ රටේ තවත් පිළිගත් ව්‍යාපාරයක් ....
ඇන්ටන් ඔස්ට්‍රියා, මේ අහන්න හමුදාවේ අහාර සැපයීම් ගැන මම ඉතා හොඳින් දන්නා කෙනෙක්... මම නාවික හමුදාවේ සැපයීම් අංශයේ වසර ගණනාවක් සේවය කල අයෙක්.... මම ඔයා වගේ නිකම් පිටරටක ගිහින් බයිලා කියන කෙනෙක් නෙමේ.
මගේ තර්කය තේරුම් ගැනීමට බොහෝදෙනෙකුට බැරි වී ඇත. ගවයා, එළුවා, කුකුළා, හාල්මැස්සා යන සියලු සතුන්ට පරාණයක් ඇත. එක ගවයකුගෙන් මස් කිලෝ 200-250ක් විතර ලබාගත හැකි අතර අාහාරවේල් 1000 කට පමණ එය භාවිතා කල හැක. එළුවෙකු මැරුවොත් අාහාර වේල් 500 කට එය භාවිත කල හැක. කුකුලෙකු වේල් 10-12 , හාල්මැස්සා එක අාහාර වේලකටවත් මදිය. ලංකාවේ අපට තිබෙන ප්රශ්නය මෙහි ගවයන්, කුකුළන් මෙන් මසට ඇතිකිරීමක් නොකරන බැවින්, හරක් මස් වලට විශාල ඉල්ලුමක් ලංකාවේ ඇතිවී ඇත. මස් ව්‍යාපාරිකයෝ ගෙදරවල් වල ඇතිකරන කිරිහරක්, වහුපැටියන් පවා මුදල් දී හෝ හොරෙන් ගෙන ගොස් මරන්නට පෙළඹී ඇත. ප්‍රවාහනයේදී මෙම සතුන් විශාල දුකක් විඳින අතර ඝාතනයද සිදු වන්නේ ඉතා වේදනාවක් විඳගෙනයි. දියුණු රටවල කිරිහරක් මසට නොමරන අතර, ඝාතනයද සිදුවන්නේ සතාට අවම වේදනාවක් වෙන ලෙසටයි. පිටරටින් ගෙන එන හරක් මස් වලට තිබෙන බද්ද අඩුකලොත් ලංකාවේ වෙළඳ පලේ මස් මිල පහත වැටෙන නිසා ලංකාවේ හරක් මැරීම අඩුවේ. එසේ නැත්නම් ගවමස් ආහාරයට ගැනීම රජය මගින් සම්පුර්ණයෙන් තහනම් කලයුතුය.
බෞද්ධයෙක් හැටියට මම නම් හිතන්නේ මේක හොඳ වැඩක් .. මොකද හරකා අපිට කිරි දෙනවා. ගොයමට උදව් කරනවා. ඌට පන තියෙනවා. ඌට පැටවුන් ඉන්නවා. අපේ කිරිමව, හරකා මැරෙන කොට කොයි තරම් වේදනාවක්ද? ඒ නිසා හරක් ප්‍රවාහනය තහනම් කරමු.. අපි ඌරෝ මරමු. උන්ට පැටවුන් හිටියට අපේ ආගමට අනුව පව් නැහැ. මාළු උන්ගේ හුස්ම හිරවෙනකම් ඉඳල මැරුවට අපිට පව් නැහැ. මාළු මරලා උන්ව කෑලි කෑලිවලට කපලා ලුණු දාලා උන්ගේ මැරුණු ශරීරය තද අව්වේ දාලා උන්ගේ ශරීරය වේලමු .. ඊට පස්සේ අපේ පැටවුන්ට උන්ගේ මස් අපි කන්න දෙමු. එ්ක අපිට පව් නැහැ. කුකුලව මරමු .. උන්ට පැටව් හිටියට අපිට වැඩක් නැහැ .. ඒ පැටියවත් තව ටික දවසකින් අපි මරමු ... මස් කාවට මොකුත් වෙන්නේ නැහැ මගේ හිතේ .. එ්ක අපේ සිංහල මිනිසුන්ගේ ජීවනෝපායයි...
මලකෙලියි දැන් කොහොමද මන්ත්‍රී ල ඇමෙති ල ගමන් යන්නේ ???
දියවන්නාවට නාන්ඩ යන හරකුන්ට විශේෂ බලපත්‍ර නිකුත්කරන්න වෙයි
මේක බොහොම දුර දිග යන ගොන් ප්‍රශ්නයක්. එකක් කිව්ව හැකි, රට පුරා හොර හරක් මස් පැතිරෙයි. මසට පුරුදු වුන කෙනාට මස් නොකා ඉන්න අමාරුයි. තියෙන්නේ දියුණු රටවල මෙන් විද්‍යානුකූලව වේදනාව නොදැනෙන සේ ගවයන් ඝාතනය හඳුන්වා දෙන එකයි.
ලංකාවේ ගව මස් ආහාරයට ගන්නේ 3% ක පමණ ප්‍රමාණයක්ද ? එතකොට අනිත් මිනිස්සු හරක් මස් මිලදී ගන්නේ ගෙදර ඉන්න බල්ලන්ට බළලුන්ට කන්න දෙන්නද ?
බණ්ඩා ඔයාගේ දුරකථනය ලබා දෙන්න. මා එක්කන් යන්නම්. ඔබට පෙන්වන්නම් හමුදාවේ කෑම්ප් එකකට. ඕස්ට්‍රේලියාවේ නෑ කම් ඉන්න අයට වීසා දෙනවා කිව්වා නේද? ඔයා ලඟට එවන්නම්... ලංකාවට ආවම. ඔබ එම්බසි එකේත් වැඩකළාද? ඔබ ගොඩක් බුද්ධිමත් බව පේනවා.
බණ්ඩා මන් නිකම් පිටරටක ගිහින් බයිලා කියන කෙනෙක් නෙමේ. නිකම් ඉන්න අයට යුරෝපා රටකට එන්න පුලුවන්නම් . අද ඔස්ට්‍රේලියාව පිරිලා ඈති. තවද මෙහෙට වීසා දෙන්නේ කඩේකින් නොවේ. ජර්මන් භාෂාවෙන් කතා කරන්නේ සිංහලෙන් නොවේ. ඔබ ඔස්ට්‍රේලියාව කොහෙද තියෙන්නේ කියල බලන්න ලෝක සිතියම අරන්. ඔබ කිව ඔබ නාවික හමුදාවේ සැපයීම් අංශයේ කියා. එසේනම් ඔබ නාවික හමුදාවේ ගැන කතාකරන්න . ඔබ කතාකරේ ගුවන්, නාවික , යුද හමුදා ගැන. .ඔබට කතා කල හැක නාවික සැපයීම් අංශය ගැන නමුත් අනෙක් හමුදා ගැන කතාකරන්න අයිතියක් හෝ දැනුමක් තියෙනවද ? සිවිල් අංශයේ සැපයීම් අංශය ගැනද කතාකන්නේ මගේ පවුලේ අය යුද හමුදාවේ බ්‍රිගේඩිය c /o ගුවන් හමුදාවේ බාප්පා වින්ග් කොමාන්ඩර්. මා ගුවන් සහ යුද හමුදාවේ පාටි වලට ගිහින් තියෙනව ඔය කියන විදිහට හරක් මස් නැත . ඉල්ලුවොත් සපයනවා . ඔබට පෞද්ගලික තරහවක් තියෙන්නේ.