විනීතා එම් ගමගේ
දිවයිනේ පළාත් ගණනාවක පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ අධ්‍යයනයක් සඳහා ඕස්ට්‍රේලියානු විශේෂඥයින් කණ්ඩායමක් අනිද්දා (31) දිවයිනට පැමිණීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා ඕස්ට්‍රේලියාවේ කළ නිල සංචාරයේ දී ශ්‍රී ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගයට හේතු සොයා ගැනීමට උපකාර වන්නැයි එරට රජයෙන් කල ඉල්ලීමට අනුව අස්සන් කළ අවබෝධතා ගිවිසුමට අදාලව මෙම විද්‍යාඥයින් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතය.
මෙම කණ්ඩායම දින කිහිපයක් දිවයිනේ ගත කිරීමට නියමිත අතර, කොළඹ දී නොවැම්බර් දෙවැනිදා සිට දෙදින වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය.
මෙම වැඩ මුළුවට නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂකයින්, වකුගඩු රෝග පිළිබඳ විශේෂඥයින් මෙන්ම විද්‍යාඥයින්ට ද ආරාධනා කර ඇතැයි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්යක්ෂ අසේල ඉද්දවෙල මහතා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට විසඳගන්න ප්‍රශ්න තිබෙනවා නම් ඒ සඳහා අවශ්‍ය විශේෂ දැනුම ශ්‍රී ලංකාවට නැත්නම් විදේශ රටවල විශේෂඥයින් ගෙන් ආධාර ලබා ගැනීම කරන්න ට තිබුනේ බොහෝ කලකට ඉහතදීයි. ශ්‍රී ලංකාවට දරන්න බැරි ණය කන්දරාවක් අරගෙන අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල් හා ක්‍රිකට් ක්‍රීඩා භුමි හදන්න කලින් වකුගඩු රෝගයෙන් මියයන අහිංසක අසරණ ජනතාව ඉන් මුදා ගන්න වැඩ පිළිවෙලක් ඒ කාලයේම දියත් කරන්න තිබුනා. එවැනි සත් ක්‍රියාවකින් කොමිස් කාක්කන්ට පළක් නොවන නිසා එය මග හැරී ගියා. ප්‍රමාද වී හෝ ඒ කටයුත්තට සක්‍රීයව මැදිහත් වෙන්න ජනාධිපති තුමා ගත් උත්සාහය පැසසිය යුතුයි.
ඉස්සෙල්ලම :නාථ " දෙවියෝ හම්බ උනා මනම් තමයි හොඳ !
දේශයට ආදරය කරන විද්වතුන් සහ වෛද්‍ය වරුන් එක්වී වසර ගණනාවක් තිස්සේ කැපවීමෙන් සිදුකල පර්යේෂණ තුලින් වකුගඩු රෝගයට හේතුව විෂ කෘෂි රසායන බව ඔප්පු වී හමාරය. ලෝක සෞක්‍ය සංවිදානය සිදුකර ඇති පර්යේෂණය තුලින්ද එය සනාත වී ඇත. නමුත් බහුජාතික සමාගම් වල වුවමනාවට එම පර්යේෂණ ප්‍රතිපල යටපත් කිරීමට රජයට සම්බන්ධ වගකිවයුතු බලධාරීන් සහ මුදල් ලැබූ මාධ්‍ය විශාල ලෙස කටයුතු කර ඇත. එම පර්යේෂණ ගැන අවධානය යොමු නොකරමින් වෙනත් දේ හුවා දක්වමින් ජනතාව නොමග යැවීමට මොවුන් කටයුතු කර තිබේ.
එතකොට නාථ දෙයියොන්ට රසායන විද්‍යා සමීකරණය වැරදිලාවත් ද? මේක දෙයියොන්ටත් වරදින කාලයක් නොවැ