ඕෆ් සීසන් නිසා බිස්නස් අඩුයි
පිටකොටුව වෙළෙද නගරයේ එක් එක් භාණ්ඩ සදහා සුවිශේෂී වූ වීදී රාශියකි. බෑග්, ඔරලෝසු, පාවහන් සදහා මල්වත්ත පාර, මංගල ඇරියුම් පත් ආදිය සදහා මැලිබන් වීදිය, රත්තරන් බඩු සදහා හෙට්ටි වීදිය , විදුලි උපකරණ කොටස් හා ඉලෙක්ට්‍රොනික් කොටස් සදහා 01 වැනි හරස් වීදිය , රෙදි සහ මැහුම් උපකරණ සදහා 2වැනි හා 3වැනි හරස් වීදි , ආහාර ද්‍රව්‍ය සදහා 4 සහ 5 වැනි හරස් වීදී ආදී ලෙස බෙදී ගොස් ඇත.