IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රබර් ඉඩම් සිතියම් ගත කිරීමට ඩිජිටල් පද්ධතියක්

නිමල කොඩිතුවක්කු
රබර් ඉඩම් සිතියම් ගත කිරීම- ලියාපදිංචි කිරීම ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රබර් සඳහා ප්‍රධාන වෙළෙඳපොළක් වන යුරෝපා සංගමයට අයත් රටවල් වෙත රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේදී අනුගත විය යුතු නව රෙගුලාසි (EUDR) යුරෝපා සංගමය විසින් හඳුන්වා දී තිබේ. රබර් සැපයුම්දාම වනාන්තර විනාශයට දායක නොවන බව සහතික කිරීම සඳහා වන එම නව රෙගුලාසි සඳහා ශ්‍රී ලංකාව ද 2025-12-31 දිනෙන් පසුව අනුගත විය යුතු වේ.
ඒ අනුව රබර් සැපයුම්දාම වනාන්තර විනාශයට දායක නොවන බව සහතික කිරීමට හැකි වන පරිදි රබර් ඉඩම් සිතියම්ගත කිරීමේ ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතියෙන් රට පුරා පිහිටි කුඩා රබර් වතු හිමියන්ගේ රබර් ඉඩම් වෙන් වෙන්ව භූ ඛණ්ඩාංක ගතකිරීම සහ නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය  (GIS) යොදා ගනිමින් ඉඩම් අයිතිය හා භාවිතය පිළිබඳ සවිස්තරාත්මක මෙන්ම සත්‍යාපනය කළ හැකි දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම සිදු කරනු ඇත.
 ඒ අනුව, රබර් ඉඩම් සිතියම්ගත කිරීම ,ලියාපදිංචි කිරීම සඳහා ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

රබර් ඉඩම් සිතියම් ගත කිරීමට ඩිජිටල් පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site