IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවට සියයට 11.6ක ඉහළ ආදායම් වර්ධනයක්

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාබයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය FY26 පළමු කාර්තුව සඳහා රු. බිලියන 15-9ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 11.6ක වර්ධනයක් වන අතර ඔවුන්ගේ බදු පසු ලාබය (PAT) පසුගිය වසරට සාපේක්ෂව සියයට 20.6 කින් රු. බිලියන 1.7 ක් දක්වා වර්ධනය වී ඇත. යහපත් ආර්ථික තත්වය සහ පාරිභෝගික ක්‍රියාකාරකම් වැඩිවීම හේතුවෙන් සන්ෂයින් සමූහය එහි ප්‍රධාන අංශ වන සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල ධනාත්මක වර්ධනයක් අඛණ්ඩව පෙන්නුම් කර ඇත. 
සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර, එය මුළු ආදායමෙන් සියයට 54.2 කි. මේ අතර පාරිභෝගික අංශය සියයට 30.1 ක් ද කෘෂි ව්‍යාපාර අංශය සියයට 15.7 ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය. දළ ලාබය පසුගිය වසරට සාපේක්ෂව සියයට 22.3 කින් රුපියල් බිලියන 5.1 ක් දක්වා ඉහළ ගිය අතර, දළ ලාබ ආන්තිකය පදනම් ලකුණු 277 (bps) කින් සියයට 31.8 ක් දක්වා වර්ධනය විය. කෘෂි ව්‍යාපාර සහ පාරිභෝගික අංශවල ඉහළ ලාබ ආන්තිකය මෙම වර්ධනයට මූලික වශයෙන් හේතු විය.
මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා මෙසේ පැවසුවේය. පසුගිය වසරේ සිදු කරන ලද උපායමාර්ගික ආයෝජන මගින් ආදායමෙහි සහ ලාබයේ ඉහළ වර්ධනයක් සමගින්, 2026 මූල්‍ය වර්ෂය සඳහා අප ශක්තිමත් ආරම්භයක් ලබා ගෙන තිබෙනවා. ආර්ථිකයේ දියුණුව සහ පාරිභෝගික වියදම් ක්‍රමයෙන් යථා තත්වයට පත්වීම අපගේ මෙම මූල්‍ය ප්‍රතිඵලවලින් පෙන්නුම් කරනවා. විශේෂයෙන් සුව සේවා අංශය සමූහයේ මෙම මූල්‍ය ප්‍රතිඵල සඳහා විශාල දායකත්වයක් ලබා දෙනු ලැබුවා. ඒවගේම පාරිභෝගික අංශය ක්‍රමයෙන් යථා තත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කරන බැවින් අප වෙළෙඳ නාම ප්‍රතිරූපය වැඩිදියුණු කිරීම, නව නිෂ්පාදන හඳුන්වා දීම සහ අපනයන පුළුල් කිරීම වැනි ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ස්ථාවර මිල හා පිරිවැය කළමනාකරණය වැනි සාධක හේතුවෙන් කෘෂි ව්‍යාපාර අංශය ද අඛණ්ඩව ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරනවා. සමස්තයක් වශයෙන් සමූහය උපායමාර්ගික ආයෝජන කිරීමෙන් සහ මෙහෙයුම් ශක්තිමත්ව පවත්වා ගෙන යාමෙන් දිගුකාලීන වටිනාකම් ගොඩනැගීමට කැපවී සිටිනවා.”‍ 
සමාලෝචනය කරන ලද කාල පරිච්ඡේදය තුළ සමූහයේ සුව සේවා අංශය පළමු කාර්තුවේදී රුපියල් බිලියන 8.6ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14ක කැපී පෙනෙන වර්ධනයකි. මෙයට ඖෂධ බෙදාහැරීම, වෛද්‍ය උපකරණ, ෆාමසි සහ ඖෂධ නිෂ්පාදනයෙන් ලැබෙන ආදායම ඇතුළත් විය. පසුගිය වසරට සාපේක්ෂව ඖෂධ බෙදා හැරීමේ ව්‍යාපාරය සියයට 26.7 ක සහ වෛද්‍ය උපකරණ අංශය මසියයට 17.2 ක ආදායම් වර්ධනයක් වාර්තා කරමින් මෙම මූල්‍ය ප්‍රතිඵල සඳහා ඉහළ දායකත්වයක් ලබා දුන්නේය. මෙම කාර්තුවේදී Healthguard Distribution  හි ව්‍යාපාර ආකෘතියේ සිදු කළ වෙනස්කම් සහ නව උපායමාර්ගික හවුල්කාරීත්වය හේතුවෙන් Healthguard Distribution  පසුගිය වසරට සාපේක්ෂව සියයට 44.5 ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කළේය.
මේ අතර හෙල්ත්ගාර්ඩ් ෆාමසි හි ආදායම සලකා බලනු ලබන කාල පරිච්ඡේදය තුළ සියයට 17.4 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත් රජයේ බෙදා හැරීම් කාලසටහන්වල ප්‍රමාදයන් හේතුවෙන් සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගමේ ආදායම සියයට 19-6ක පහළ යාමක් අත්විඳින ලදී.
දේශීය හා අපනයන වෙළඳපොළවල වර්ධනය හේතුවෙන් FY 26 පළමු කාර්තුවේදී පාරිභෝගික අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 3.7 කින් රු. බිලියන 4.8 ක් දක්වා ඉහළ ගියේය. දේශීය පාරිභෝගික ව්‍යාපාරය පසුගිය වසරට සාපේක්ෂව සියයට  4.5 ක ආදායම් වර්ධනයක් සමඟින් ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කළ අතර, මෙයට ප්‍රධාන වශයෙන් හේතුවූයේ පසුගිය වසරට සාපේක්ෂව රසකැවිලි අංශයේ ආදායම සියයට 19.9කින් ඉහළ යාමයි. සන්නාමගත තේ කාණ්ඩයේ විකුණුම් ප්‍රමාණය හා වටිනාකම අදාළ කාර්තුවේදී සුළු වශයෙන් වර්ධනය විය. මීට අමතරව සමූහයේ අපනයන ව්‍යාපාරය FY 26 පළමු කාර්තුවේදී හොඳින් ක්‍රියාත්මක වෙමින් පසුගිය වසරට සාපේක්ෂව අපනයන ආදායම සියයට 7.2 ක වර්ධනයක් පෙන්නුම් කරයි.
සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම රු. බිලියන 2.5 ක ආදායමක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරට සාපෙක්ෂව සියයට 20.7ක කැපී පෙනෙන වර්ධනයකි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පාම් ඔයිල් ව්‍යාපාරයේ ශක්තිමත් කාර්යසාධනයයි. පාම් ඔයිල් සඳහා හොඳ මිලක් හිමි වීම හා විකුණුම් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එම අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 27.2කින් වර්ධනය විය. මේ අතර කිරි ආශ්‍රිත ව්‍යාපාරය රු. මිලියන 278.5ක ආදායමක් වාර්තා කළ අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14.6ක පහළ යාමකි. කෘෂි ව්‍යාපාර අංශයේ ආදායම පහත වැටුණද FY26 පළමු කාර්තුවේදී පොලී සහ බදු පෙර ඉපැයීමේ (EBIT) වෙනස පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයේදී වාර්තා කළ සියයට 38.8 ට සාපේක්ෂව සියයට 48.8 දක්වා ඉහළ ගියේය. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පාම් ඔයිල් අංශයේ ශක්තිමත් ආදායම් වර්ධනය සහ පාම් ඔයිල් ව්‍යෘපාරයේ පිරිවැය කළමනාකරණයයි.



අදහස් (0)

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවට සියයට 11.6ක ඉහළ ආදායම් වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 440 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site