IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රොමනි පරාක්‍රම කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

 භානුක අමරසිංහ


කොමර්ෂල් බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස රොමනි පරාක්‍රම පත් කරගත් බව එම බැංකුව පවසයි. ඒ අනුව අගෝස්තු 11 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය බැංකුවෙහි ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කෙරී තිබේ. 
ඇයගේ මෙම පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය හිමිව ඇති බවත් පවසයි. මෙම පත් කිරීම සිදු කරන අවස්ථාව වනවිට රොමනි පරාක්‍රම සතුව කොමර්ෂල් බැංකුවේ ඡන්ද හිමි කොටස් 123ක් පවතින බවත් බැංකුව සඳහන් කරයි. වසර 27කට අධික කාලයක් පුරා සමාගම් සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර බැංකු ආයතනවල අත්දැකීම් සහිත ඇය මීට පෙර සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් චාර්ටඩ් බැංකුවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේද ප්‍රධාන තනතුරු දරා තිබේ. එසේම ඇම්රෝ බැංකුව, ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුව සහ සෝසියේට් ජෙනරල් බැංකුව යන බැංකු තුළද ඇය සේවය කර තිබේ. වර්තමානයේදී ඇය වැලිබල් වන් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙසද කටයුතු කරයි. 



අදහස් (0)

රොමනි පරාක්‍රම කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site