IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


රු. ට්‍රිලියන 3ක වත්කම් සහිතව දෙවැනි කාර්තුවේදී කොමර්ෂල් බැංකුව ඓතිහාසික සංධිස්ථානයක

කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන්  සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතරින් වත්කම් වටිනාකම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවූ පළමු වන බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජූනි 30 වැනි දායින් අවසන් වූ මාස 6 තුළ සමූහය මෙන්ම බැංකුව මට්ටමින් අත්කරගත් ශක්තිමත් වර්ධනයයි.

ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE)  වෙත වාර්තා කර ඇති පරිදි සලකා බලන කාල සීමාව අවසානයේ සමූහයේ වත්කම්වල මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 3.13 ක් වූ අතර කොමර්ෂල් බැංකුවේ වත්කම් රුපියල් ට්‍රිලියන 3.03 ක් විය. එය මාස හයක කාලයක් තුළ පිළිවෙළින් රුපියල් බිලියන 255 (8.88%) කින් හා රුපියල් බිලියන 242 (8.66%) කින් වර්ධනය වීමකි.

මාස හය සඳහා සමූහයේ දළ ආදායම සියයට 8.53 කින් වර්ධනය වී රුපියල් බිලියන 177.04 ක් වූ අතර, පොලී ආදායම සියයට 5.31 කින් වර්ධනය වී රුපියල් බිලියන 146.65 ක් විය. පොලී වියදම් සියයට 3.48 කින් අඩු වී රුපියල් බිලියන 77.84 ක් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශුද්ධ පොලී ආදායම සියයට 17.39 කින් වර්ධනය වී රුපියල් බිලියන 68.81 ක් විය.

මුළු මෙහෙයුම් ආදායම සියයට 20.06 ක වර්ධනයක් සමග රුපියල් බිලියන 92.76 ක් වූ අතර, හානිපූර්ණ ගාස්තු හා අනෙකුත් පාඩු සඳහා සමූහයේ ප්‍රතිපාදන සියයට 40.41 කින් රුපියල් බිලියන 11.33 දක්වා අඩු විය.

එහි ප්‍රතිඵලයක් ලෙස, මාස හය සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම සියයට 39.81 ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 81.43 ක් විය. මෙහෙයුම් වියදම් වර්ධනය සියයට 5.62 කට රුපියල් බිලියන 25.84 ක් දක්වා සීමා කර ගැනීමෙන් මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් සමූහයේ ලාබය සියයට 64.57 කින් රුපියල් බිලියන 55.59 ක් දක්වා වර්ධනය කිරීමට හැකි විය.

මූල්‍ය සේවා සඳහා වන බදු සියයට 88.30 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 8.77 ක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මාස හය සඳහා සමූහයේ බදු ගෙවීමට පෙර ලාබය රුපියල් බිලියන 46.81 ක් වූ අතර එය සියයට 60.77 ක වර්ධනයක් පෙන්නුම් කරයි. ආදායම් බදු සියයට 53.14 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 15.65 ක් වූ අතර සලකා බලන මාස 6 ක කාල සීමාව සඳහා සමූහයේ ශුද්ධ ලාබය රුපියල් බිලියන 31.17 ක් විය. එය සියයට 64.90 ක වර්ධනයකි.

වෙනම ගත් විට, 2025 පළමු අර්ධය තුළදී කොමර්ෂල් බැංකුවේ බදු ගෙවීමට පෙර ලාබය රුපියල් බිලියන 45.24 ක් හා බදු ගෙවීමෙන් පසු ලාබය රුපියල් බිලියන 30.05 ක් ලෙස වාර්තා වූ අතර එය පිළිවෙළින් සියයට 61.47 ක හා සියයට 60.05 ක වර්ධනයකි.

මෙම ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා මෙසේ පැවසීය: “අපගේ පළමු අර්ධයේ කාර්යසාධනය අතිශයින් ම දිරිගන්වන සුළුය. පළමු කාර්තුවේ දී අප සතු වූ ශක්තිය ගොඩනගමින් අපි පැහැදිලිවම ඊටත් වඩා ශක්තිමත් වූ දෙවන කාර්තුවක් වාර්තා කළෙමු. අපගේ සියලුම ගනුදෙනුකරුවන් සහ කොටස්කරුවන් උදෙසා විශිෂ්ටත්වය ගෙන ඒම වෙනුවෙන් අපගේ නොසැලෙන කැපවීම තහවුරු කරමින්, වෙළෙඳපොළ අවස්ථා අත්පත් කර ගැනීමට හා බාහිර පරිසර තත්වයට මුහුණ දීමට බැංකුව තම නම්‍යශීලී බව සහ විචක්ෂණශීලී විනිශ්චය යන දෙකම උපයෝගී කර ගන්නා අයුරු මෙලෙස පෙන්නුම් කර ඇත. බැංකුව කිසිදා නොවූ විරූ ලෙස ශක්තිමත් වී ඇති අතර තිරසාර වර්ධනයක් සඳහා උපායමාර්ගිකව ද ස්ථානගත වී ඇත.”

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසූවේ, සමූහය හා බැංකුව විසින් ලබා ඇති ප්‍රතිඵලවලින්, මූලික බැංකු දර්ශක කෙරෙහි දක්වන සමීප අවධානය පිළිබිඹු වන බවත්, ශේෂ පත්‍ර වර්ධනයට සමගාමීව සියලුම ආදායම් මාර්ග පෝෂණය කර ඇති බවත්, බාහිර භූ දර්ශනයේ විභව වෙනස්කම් සඳහා අඛණ්ඩ විචක්ෂණශීලී ප්‍රතිපාදන වෙන් කරන බවත්ය. “ගෝලීය වෙළෙඳ පරිසරයේ සිදුවන වෙනස්කම් නිසා අපගේ ගනුදෙනුකරුවන්ට ඇති විය හැකි බලපෑම් අපි සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර මෙම අභියෝග ජය ගැනීමට ඔවුන්ට සහාය වීමට ද අපි සූදානම්ව සිටිමු,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

2025 වසරේ පළමු භාගය අවසන් වන විට සමූහය ණය දීමේ කටයුතු වෙනුවෙන් අඛණ්ඩ දැඩි කැපවීමක් දැක්වූ අතර, මාස හය තුළ ණය පොත රුපියල් ට්‍රිලියන 1.731 දක්වා රුපියල් බිලියන 206 කින් හෙවත් සියයට 13.50 කින් වර්ධනය විය. එම වර්ධනය රුපියල් බිලියන 34.33 ක මාසික සාමාන්‍යයක් නියෝජනය කරයි.

සමූහයේ තැන්පතු දෙවන කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 2.5 ඉක්මවා යමින්, 2025 ජුනි 30 වන විට රුපියල් බිලියන 200 ක නැතහොත් සියයට 8.66 ක වර්ධනයක් සමගින් රුපියල් ට්‍රිලියන 2.51 ක් දක්වා යමින් වැදගත් සන්ධිස්ථානයක් අත්කර ගන්නා ලදී. මෙය සාමාන්‍යයෙන් මාසිකව රුපියල් බිලියන 33.27 ක වර්ධනයක් නියෝජනය කරයි.



අදහස් (0)

රු. ට්‍රිලියන 3ක වත්කම් සහිතව දෙවැනි කාර්තුවේදී කොමර්ෂල් බැංකුව ඓතිහාසික සංධිස්ථානයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site