IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ගේ ජීවිත රක්ෂණ වාරික අලු‍ත් කිරීමට නව ජංගම දුරකතන යෙදවුමක්

නව්‍ය විසඳුම්වලින් සිය ඩිජිටල් අවකාශය පුළුල් කිරීමට ප්‍රමුඛ අවධානය යොමු කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සිය පාරිභෝගිකයන්ගේ ජීවිත රක්ෂණ වාරික අලු‍ත් කිරීමේ කටයුතුවල නියැලෙන නිලධාරීන් සඳහා නව ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබේ. 

ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරී නුවන්ප්‍රිය ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “මෙම යෙදවුම තුළින් අපගේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැකියි. මෙවැනි මුලපිරීම් හරහා ඩිජිටල්කරණය ඉහළ නංවන අතර පාරිභෝගිකයන්ට යහපත් සහ ප්‍රශස්ත සේවාවක් සැපයීමට අදාළ අංශයේ නිලධාරීන්ට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දීම අපගේ අරමුණයි.”

පාරිභෝගික සේවාව මෙන්ම ක්ෂේත්‍ර මෙහෙයුම් ක්‍රියාකාරකම් වර්ධනය කිරීමේ අරමුණෙන් මෙම යෙදවුම හඳුන්වා දී ඇත. පාරිභෝගිකයන්ගේ යාවත්කාලීන වූ දත්ත ඇතුළත් කර ඇති බැවින් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව රක්ෂණාවරණ අලු‍ත් කිරීමට හැකියාව ලැබේ. එහි අන්තර්ගත සියලු‍ පෞද්ගලික තොරතුරුවල ආරක්ෂාව සහතික කර ඇත. “මේ වන විට සෑම ආයතනයක්ම ඩිජිටල්කරණය පිළිබඳව වැඩි අවධානයක් දක්වනවා. තාක්ෂණයෙන් ලැබිය හැකි සෑම වාසියක්ම ලැබීම අපගේ අරමුණයි. පාරිභෝගිකයන් සහ ඔවුන් ගෙන ඇති ආවරණ පිළිබඳ තොරතුරු මෙම යෙදවුම හරහා ඉක්මනින් ගන්නට පුළුවන්. ඒ තුළින් කාලය සහ ශ්‍රමය ඉතිරි කර ගන්නටත්, සමස්ත ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්නටත් හැකියාව ලැබෙනවා.” ගුණවර්ධන මහතා වැඩි දුරටත් පැවැසුවේය. භූගෝලීය පිහිටීම පිළිබඳ තොරතුරු ගත හැකි වීම මෙම යෙදවුමේ ඇති සුවිශේෂ විශේෂාංගයකි. සිය කණ්ඩායම් සාමාජිකයන් සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ගැනීමට පරීක්ෂකවරුන්ට හැකියාව ලැබේ. ඒ හරහා පාරිභෝගිකයන්ට වඩා කාර්යක්ෂම සේවාවක් සැපැයීමට හැකියාව ලැබේ. ඩිජිටල්කරණය ඉහළ නැංවීමෙන් පරිසර හිතකාමිත්වයද ඉහළ නැංවිය හැකිය. මෙවැනි යෙදවුම් හරහා එදිනෙදා කටයුතුවලදී වැය වන කඩදාසි ප්‍රමාණය අවම කර ගත හැකිය. ඉදිරියේදී තවත් බොහෝ ඩිජිටල් මුලපිරීම් හඳුන්වා දීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සැලසුම් කර තිබේ.



අදහස් (0)

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ගේ ජීවිත රක්ෂණ වාරික අලු‍ත් කිරීමට නව ජංගම දුරකතන යෙදවුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site