IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මේ දිනවල බිස්නස් ඇත්තෙම නැති තරම්

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබදව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇදුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කොට්ටාව පාවහන් අලෙවිසැලක් වූ සන්කල්ප ට්‍රේඩ් සෙන්ටර් වෙතය. එහි හිමිකරු වූ කේ.එස්. මධුවන්ති මහත්මිය මේ දිනවල බිස්නස් පිළිබද දැක්වූයේ මෙවැනි අදහසකි.

මේ දිනවල බිස්නස් කොහොමද?
අපි ප්‍රධන වශයෙන් අලෙවි කරන්නේ පාවහන්. ඊට අමතරව බෑග් ආදියත් අලෙවි කරනවා. මේ බිස්නස් එක පටන් අරන් දැනට අවුරුදු 8ක් වෙනවා. කොට්ටාවෙම අපේ තවත් ශාඛාවක් තියනවා. මේ දිනවල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. ඇත්තෙම නැති තරම්. සිංහල අවුරුදු මාසයෙන් පස්සේ අඩු වුණ බිස්නස් තාම වැඩි වුණේ නෑ.


බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වීමට හේතු කීපයක්ම බලපානවා. එක හේතුවක් තමයි මේ පවතින ආර්ථික රටාව. රටේ ආර්ථිකයත් එක්ක මහජනයාට අත්‍යවශ්‍යම වියදම් ඇරෙන්න අමතර වියදම් කරන්න හැකියාවක් නෑ. ඒවගේම භාණ්ඩ මිලත් ඉහළ නිසා කොහොමත් බිස්නස් අඩුයි. 
භාණ්ඩ මිල වැඩි නිසා පාවහන් පාවිච්චි කරන්න පුළුවන් උපරිම පාවිච්චි කරලා කැඩුනම තමයි අලු‍ත් පාවහන් මිලදී ගන්නේ. මිනිස්සු ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. අද කාන්තාවක් ආවා පාසල් සපත්තු යුගලක් මිලදී ගන්න. ඇයට දරුවන් තිදෙනෙක් ඉන්නවා කිව්වා. එක දරුවෙක්ට විතරයි පාවහන් මිලදී ගත්තේ. අනෙක් දරුවෝ දෙන්නටත් පාවහන් මීලදී ගන්න අවශ්‍ය වුවත් ආර්ථික ගැටලු‍ නිසා තව මාස දෙකකින් වගේ මිලදී ගන්නවා කිව්වා. ඕක තමයි වර්තමාන යථාර්ථය. 

ශෂිකා අබේරත්න
ඡායාරූප : ඉසුරු පෙරේරා



අදහස් (0)

මේ දිනවල බිස්නස් ඇත්තෙම නැති තරම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site