IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හෝම්ලෑන්ඞ්ස් සමූහයේ නව නිල සන්නාම තානාපති පීටර් කුරුවිට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය  දේපළ වෙළෙඳාම් සන්නාමය වන හෝම්ලෑන්ඞ්ස් සමූහය විසින් පසුගියදා සිය නිල සන්නාම තානාපතිවරයා ලෙස  ලෝක ප්‍රකට  සූපවේදියකු මෙන්ම  අවන්හල් හිමිකරුවකු වන පීටර් කුරුවිට  මහතා පත් කර ගනු ලැබීය.
හෝම්ලෑන්ඞ්ස් සමූහය දේශීය වෙළෙඳපොළ පමණක් නොව, ගෝලීය වේදිකාව ද ජය ගත් ශ්‍රී ලාංකික  සන්නාමයකී. විශ්වාසය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ඔස්සේ පැහැදිලි දැක්මක් සහ සවිමත් වටිනාකම් සමඟ  හෝම්ලෑන්ඩ්ස්  විසින් දේපල වෙළෙඳාම් කර්මාන්තය වෙත  මනා නායකත්වයක් සපයනු ලබයි. සිය සූප ශාස්ත්‍රීය කුසලතා සහ නිර්මාණශීලිත්වය ඔස්සේ  ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ ආහාර කලාව ජාත්‍යන්තරයට රැගෙන ගිය පීටර් කුරුවිට මහතා සමග ආරම්භ කළ මෙම සුවිශේෂී සහයෝගීතාවෙන් ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලෝකය සමග බෙදා ගැනීම කෙරෙහි  හෝම්ලෑන්ඞ්ස් සතු අභිලාෂ  මැනවින් ඉස්මතු වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් හෝම්ලෑන්ඩ්ස් සමූහයේ සභාපති නලින් හේරත් මහතා මෙසේ ප්‍රකාශ කළේය. ”‍පීටර් කුරුවිට මහතා  සූප ශාස්ත්‍රය  පිළිබඳ විශේෂඥයෙක්  පමණක් නොවේ. ඔහු ඉන් ඔබ්බට ගමන් කළ නිර්මාණශීලී කතන්දරකරුවෙක්, සංස්කෘතීන් අතර සවිමත් පාලමක් මෙන්ම ශ්‍රී ලාංකික උරුමය ලොවටම ප්‍රදර්ශනය කරන  සැබෑ තානාපතිවරයෙක්. ඔහුගේ ගෝලීය සංචාරයන් ඔස්සේ ඔහු ගොඩනගාගෙන ඇති ජාත්‍යන්තර  සබඳතා  සහ ශ්‍රී ලංකාව සමග ඇති ගැඹුරු සම්බන්ධතාව ඔස්සේ ඔහු හෝම්ලෑන්ඩ්ස් නියෝජනය කිරීමට සුදුසුම පුද්ගල ප්‍රතිරූපය බවට පත්වෙනවා. සැබැවින්ම, ඔහු අපගේ හෝම්ලෑන්ඩ්ස් පවුලට සාදරයෙන්  පිළිගැනීමට ලැබීම අපට  ගෞරවයක්.”‍
පීටර් කුරුවිට මහතා මෙම හවුල්කාරිත්වය සම්බන්ධයෙන් ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. ”‍ඔබේ උරුමය රැකගනිමින් විශිෂ්ටත්වය වෙත ළඟා වීම සැබෑ සාර්ථකත්වය ලෙස හැඳින්විය හැකිය. හෝම්ලෑන්ඩ්ස් විසින් එය සාක්ෂාත් කරගෙන ඇති අතර එය සමාගමේ සාර්ථකත්වය කෙරෙහි ඉවහල් වී තිබේ. ශ්‍රී ලාංකික අනන්‍යතාවට ජීවය එකතු කරන  නිවාස පමණක් නොව ඉන් ඔබ්බට ගමන් කරමින් අර්ථවත් මෙන්ම පොහොසත් ජීවන රටාවන් ගොඩනැංවීමට නිරන්තරයෙන් කැපවී සිටින සන්නාමයක් සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව සතුටු වෙනවා .

 



අදහස් (0)

හෝම්ලෑන්ඞ්ස් සමූහයේ නව නිල සන්නාම තානාපති පීටර් කුරුවිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site