IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


LOLC ෆිනෑන්ස් ‘සුපර් සේවින්ස්’ ගිණුම ඉහළ ප්‍රතිලාභ සමගින් හඳුන්වා දෙයි

LOLC ෆිනෑන්ස් ඉතුරුම් සහ සේවා සංවර්ධන සහකාර සාමාන්‍යාධිකාරී 
ටෙරන්ස් කෞෂල්‍ය 

 

 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු - නොවන මූල්‍ය ආයතනයක් වන  LOLC  ෆිනෑන්ස්, ඉහළ ප්‍රතිලාභ මෙන්ම පහසු මුදල් ප්‍රවේශයක් සලසනිසුපර් සේවින්ස්’  (‘Super Savings’) ඉතුරුම් ගිණුම දැන් හඳුන්වාදී  තිබේ. එය පාරිභෝගික අවශ්‍යතාවලට පරිපූර්ණ සමතුලිතතාවක් ලබාදෙන මූල්‍ය විසඳුමක් ලෙසද හැඳින්විය හැකිය. 
සැබැවින්ම වෙනස්වන පාරිභෝගික අපේක්ෂාවලට ප්‍රතිචාර දක්වමින් සංවර්ධනය කළ මෙම ගිණුම, තමන්ගේ ඉතුරුම්වලට වැඩි වටිනාකමක් සහ නම්‍යශීලිතාවක් අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද්දකි. එහිදී අවශ්‍යතාව එදිනෙදා වියදම් කළමනාකරණය හෝ අනාගත මූල්‍ය ඉලක්ක  සැලසුම් කිරීම වුවත්, එම අවශ්‍යතා සපුරාලීම ‘ටිසුපර් සේවින්ස්’ ගිණුම කදිම විසඳුමකි.
රුපියල් 15,000/- ක අවම තැන්පතුවකින් ආරම්භ කළ හැකි සුපර් සේවින්ස්’ ගිණුම තරගකාරී පොලී අනුපාත සැකැස්මකින් යුක්තවේ. ශේෂය වර්ධනය වීමත් සමඟ ගිණුම් හිමියන්ට හිමිවන ප්‍රතිලාභද ක්‍රමයෙන් ඉහළ යාම මෙහි විශේෂත්වයකි. මෙම බහුකාර්ය ඉතුරුම් ගිණුම මගින් නිදහස් ස්වයං වෘත්තීයකරුවන්, ගොවීන් සහ ඉදිකිරීම් සේවකයන් ඇතුළු කාලීන ආදායම්ලාභීන්ගේ සිට කුඩා පරිමාණ ව්‍යවසායකයන් දක්වා මෙන්ම දෛනික වෙළෙඳුන් සහ කෙටිකාලීන ප්‍රති - ආයෝජන විකල්ප සොයන ස්ථාවර තැන්පතු හිමියන් ඇතුළු පුළුල් හා විවිධාංගික පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලයි. නිවාස ඉදිකිරීම වැනි වඩාත් විශාල මුදලක් අවශ්‍ය වන කාර්ය සඳහා ක්‍රම ක්‍රමයෙන් මුදල් රැස් කරන පුද්ගලයන්ට සහ අවශ්‍ය වූ විට ගිණුමට ප්‍රවේශයක් සමඟ උපරිම ප්‍රතිලාභ සහිත නිශ්චිත අරමුදලක් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අයටද සුපර් සේවින්ස් ගිණුම කදිමට ගැළපේ. 
සුපිරි ප්‍රතිලාභ සහිත නව ඉතුරුම් ගිණුම දියත් කිරීම පිළිබඳ අදහස් දැක්වූ LOLC  ෆිනෑන්ස් ඉතුරුම් සහ නිෂ්පාදන සංවර්ධන සහකාර සාමාන්‍යාධිකාරී ටෙරන්ස් කෞෂල්‍ය මහතා මෙසේ පැවසීය. “අද ජනතාව උපයන, ඉතිරි කරන සහ සැලසුම් කරන ආකාරය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී ගිණුම මඟින් ප්‍රතිලාභ වැඩි කෙරෙන අර්ථවත් නම්‍යශීලීතාවක් ලබා දෙයි. විශේෂයෙන් අවිධිමත් ආදායම් මාර්ග සහ විවිධ ජීවන රටාවන් මගින් හැඩගස්වා ඇති ආර්ථිකයකදී එය වැදගත් වේ. සාම්ප්‍රදායික නොවන ආදායම් රටාවලට යොමුවූවන්  ඇතුළු පුළුල් පරාසයක ගනුදෙනුකරුවන් සවිබලගැන්වීම සඳහා විශේෂයෙන් සැකසූ මෙම ගිණුම ගනුදෙනුකරුවන්ට එහි පාලනය, පහසු ප්‍රවේශය සහ ශක්තිමත් ප්‍රතිලාභ හිමිකර දෙන තනි විසඳුමක්ද වේ. දෛනික වැටුප් ලබන්නන්ගේ සිට ව්‍යවසායකයන් සහ දිගුකාලීන සැලසුම්කරුවන් දක්වා සියල්ලන්ට එමගින් ප්‍රවේශ විය හැකි ඉහළ ප්‍රතිලාභ සහිත ඉතුරුම් මෙන්ම අවශ්‍ය වූ විට අරමුදල් කළමනාකරණය කිරීමේ නිදහසද ලබාදේ. ඒ අනුව එය හුදෙක් සරල ඉතුරුම් ගිණුමක් නොව සුහුරු මුදල් කළමනාකරණයට සහාය වන ගනුදෙනුකරුවන්ට විශ්වාසයකින් යුතුව ඔවුන්ගේ මූල්‍ය ඉලක්ක කරා යාමට උපකාර කරන ඉදිරිය ගැන සිතන මූල්‍ය මෙවලමක් වේ.”
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිදහස් වෘත්තීන්, අනුකාලීන රැකියා සහ තනි පුද්ගල ව්‍යවසායකත්වය වෙත යොමුවෙද්දී නම්‍යශීලී සහ ඉහළ ප්‍රතිලාභ සහිත ඉතුරුම් විසඳුම් සඳහා ඇති ඉල්ලු‍ම වෙන කවරදාටත් වඩා ශක්තිමත් මට්ටමක පවතී. LOLC සුපර් සේවින්ස් ඉතුරුම් ගිණුම ගනුදෙනුකරුවන්ට තම ඉතුරුම්වලින් උපරිම ප්‍රයෝජන ලබමින්, මූල්‍යමය වශයෙන් ශක්තිමත්ව සිටීමට උපකාර වන යුගයේ අවශ්‍යතා උදෙසා කාලෝචිත ප්‍රතිචාරයකි. එය දිවයින පුරා පුද්ගලයන් සහ පවුල්වලට අදාළ හා සැබෑ වටිනාකමක් සහිත බලපෑමක් ඇතිකළ හැකි මූල්‍ය මෙවලම් මගින් සවිබල ගැන්වීම සඳහා සවියක් ලබාදීමට LOLC කරන දැඩි කැපවීමේ තවත් නිරූපණයකි. 

 



අදහස් (0)

LOLC ෆිනෑන්ස් ‘සුපර් සේවින්ස්’ ගිණුම ඉහළ ප්‍රතිලාභ සමගින් හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site