IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


DIMO ඇග්‍රිබිස්නස් LOVOL පංච මහා නිධානයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කරයි

DIMO ඇග්‍රිබිස්නස්හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය හඳුන්වා දුන්  LOVOL  හාවස්ටර් පංච මහා නිධානයෙන් DIMO බට්ටා ලොරි රථ දිනාගැනීමට LOVOL පාරිභෝගිකයන් පස් දෙනෙක් පසුගියදා සමත්වූහ. නොරොච්චෝලේ ඩබ්ලිව්.එන්.ආර් ප්‍රනාන්දු, දෙහිඅත්ත කණ්ඩියේ ඩී.එම්. හීංමැණිකා, මඩහාපොල කේ.ඩබ්ලිව්.එස්. සාන්ත, ඇතිළිවැව ජේ.පී.එල්.සංජීව අතුන්ගහකොටුව ඩබ්ලිව්.එස්.සුරංග යන මහත්ම මහත්මීන් මෙසේ DIMO  බට්ටා ලොරි රථ 5 දිනාගැනීමට සමත් විය.
LOVOL හාවස්ටර් පංච මහා නිධානය මෙතෙක් මෙරට කෘෂි යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දිනුම් ඇදීමක් හරහා ලබාදුන්  වටිනාම ත්‍යාගය ලෙස දැක්විය හැකි අතර  පසුගිය යල කන්නයේ දී, 2025 මැයි මස 01 වැනිදා සිට ජූලි මස 31 දක්වා  LOVOL  හාවස්ටර් යන්ත්‍රයක් මිලදී ගත් පාරිභෝගිකයන් අතරින් මෙම ජයග්‍රාහකයන් පස්දෙනා කුසපත් ඇදීමකින් තෝරාගනු ලැබිණි. මෙහිදී මෙම කාලවකවානුවේදී මිලදී ගත් සෑම නවතම LOVOL RG108 Plus  හාවස්ටර් යන්ත්‍රයක්ම කුසපත් ඇදීම සඳහා සුදුසුකම් ලැබීය. 
මෙම දිනුම් ඇදීම පසුගියදා DIMOකෘෂි යන්ත්‍රෝපකරණ අංශයේ වෙළෙඳ නියෝජිත මහතුන් ඇගයීම සඳහා පැවති  Agri Machinery Prestige Awards 2024/25  සම්මාන උළෙලේදී සිදු කෙරිණි. බස්නාහිර පළාතේ අදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ  පූර්ණ  අධීක්ෂණය යටතේ මෙම දිනුම් ඇදීම  නීත්‍යනුකූලව විනිවිද බව රැකගනිමින් සිදු වූ අතර එය  Facebook  සමාජ ජාලය හරහා සජීවී ලෙස විකාශනය කරන ලදී. සංකේතාත්මක වශයෙන් ජයග්‍රාහකයන් වෙනුවෙන් ත්‍යාග ලබාගැනීම අදාළ LOVOL හාවස්ටර් යන්ත්‍ර විකිණීම කරන ලද අලෙවි නියෝජිත මහතුන් විසින් සිදු කරන ලදී. නුදුරේදීම මෙම ලොරි රථ අදාළ ජයග්‍රාහකයන්ට ලබාදීම සඳහා සමාගම දැනටමත් කටයුතු සැලසුම් කොට ඇත.
LOVOLහාවස්ටර් පංච මහා නිධානය වැනි වැඩසටහනෙන් DIMOඇග්‍රිබිස්නස්හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය කෘෂිකර්මාන්තය තුළ කෘෂි යන්ත්‍රකරණය වේගවත් කිරීම දිරිගන්වයි. එසේම මෙවැනි වැඩසටහන් හරහා ලබාදෙන වටිනා ත්‍යාගවලින් කෘෂි යන්ත්‍රෝපකරණ හිමිකරුවන්ගේ ජීවන තත්වය තවදුරටත් නංවාලීම DIMO  ඇග්‍රිබිස්නස්හි මූලික අරමුණයි.
Agri Machinery Prestige Awards 2024/25  සම්මාන උළෙල Monarch Imperial  හෝටලයේ දී පැවැත්වුණු අතර මෙහිදී DIMOඇග්‍රිබිස්නස් කෘෂි යන්ත්‍රෝපකරණ අංශය විසින් වෙළෙඳපොළට සපයන Mahindra, Swaraj tractors, Vikyno two wheel tractors, Bison boat tractors, LOVOL හාවස්ටර් අලෙවි, සේවා සහ අමතර කොටස් වල වෙළෙඳ නියෝජිත මහතුන් මුළු දිවයිනම නියෝජනය කරමින් මෙම සම්මාන උළෙලට සහභාගී විය. මෙහිදී අලෙවි, සේවා සහ අමතර කොටස් අංශවල වැඩිම අලෙවියක් කරන ලද නියෝජිත මහතුන් ප්‍රාදේශීය සහ ජාතික වශයෙන් සම්මානයට පාත්‍රවිය. 135කට අධික DIMO  ඇග්‍රිබිස්නස් කෘෂි යන්ත්‍රෝපකරණ අංශය සතු වෙළෙඳ නියෝජිත ජාලය රටේ කෘෂි යාන්ත්‍රීකරණය සඳහා වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබයි. සේවා අංශයේ ජාතික මට්ටමේ හොඳම වෙළෙඳ නියෝජිතයා ලෙස වව්නියාවේ MF Tractor Works  හි එන්. පුවනේෂ්වරන්  මහතාත්, අමතර කොටස් අංශයේ සහ අලෙවි අංශයේ ජයග්‍රාහකයා ලෙස අනුරාධපුරයේ AVP Motors   හි එන්. පී. එල්. ගුණවර්ධන මහතාත් සම්මානයට පාත්‍ර විය. මෙවර සම්මාන උළෙලේ  නැගී එන වෙළෙඳ නියෝජිතයා තේරීම හා දීර්ඝ කාලයක් සමාගම සමග රැඳී සිටි වෙළෙඳ නියෝජිතයන් ඇගයීම ද සිදුකෙරිණි.

 



අදහස් (0)

DIMO ඇග්‍රිබිස්නස් LOVOL පංච මහා නිධානයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site