රැකියාවලට රට යන පිරිස මුල් මාස හතරේදී පහළ ගිහින්
මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 89,132 ක් රැකියා සඳහා විදේශ ගතව ඇති බවත්, එය පසුගිය වසරේ පළමු මාස හතරට සාපේක්ෂව සියයට 9.1 ක පහළ යාමක් බවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා අනාවරණය කළේය. පළමු මාස 4 තුළ රැකියා සඳහා විදේශගත වූ පිරිස මාසික සාමාන්‍යයක් ලෙස 22,238 කි.