
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට කොට්ටාව වෙළෙඳ නගරයට ගිය ගමනේ දී විදුලි උපාංග වෙළෙඳාමේ නියුතු SOUTHERN ELECTRICAL වෙළෙඳ ආයතනයේ හිමිකරුවන ජී.ඒ.චන්ද්‍රතිලක මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q මේ දවස්වල බිස්නස් කොහොමද?
මේ දවස්වල නම් බිස්නස් එකක් ඇත්තෙම නැති තරම්. ගිය වසරට සාපේක්ෂව ගත්තහම මේ වසරේ බිස්නස් හොඳටම කඩාවැටිලා තියෙන්නේ.
Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
අපි වසර 45ක විතර කාලයක ඉඳන් තමයි මෙම ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය කරන විදුලි උපාංග පිටකොටුවෙන් තොග වශයෙන් මිලදීගෙන ඇවිත් තමයි දීර්ඝ කාලයක ඉඳන් මෙම ව්‍යපාරය කරගෙන යන්නේ.
දැන් දැන් ව්‍යාපාර කටයුතු හොඳටම කඩා වැටිලා තියෙන්නේ. පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගන්න අවශ්‍යයි. එහෙත් ඔවුන්ට භාණ්ඩ මිලදී ගන්න අතේ මිටේ සල්ලි නැහැ. මේ වෙද්දී භාණ්ඩවල මිලේ වැඩිවීමකුත් තියෙනවා. ඒ මිල ගණන් පාරිභෝගිකයාට දරන්න අපහසුයි. පාරිභෝගිකයා අතේ සල්ලි තියෙනවා නම් භාණ්ඩ මිල වැඩි වුණත්කමක් නැහැ. ආර්ථික ප්‍රශ්න තමයි බිස්නස් කඩා වැටෙන්න මූලිකම හේතුව.
ඒ වගේම රටේ බිස්නස් එකක් රඳාපවතින්න නම් පොඩි මිනිස්සු අතේ සල්ලි ගැවසෙන්න ඕනේ. පොඩි මනුස්සයා අතේ මුදල් නොමැති නිසා අපිට බිස්නස් එකක් නැහැ. ලොකු මිනිස්සු අතට මුදල් ලැබුණාට අපිට බිස්නස් එකක් හැදෙන්නේ නැහැ. මේකත් බිස්නස් කඩා වැටෙන්න හේතුවෙලා තියෙනවා.
ඊට අමතරව පාරිභෝගිකයාට භාණ්ඩයක් මිලදී ගන්න මේ වෙද්දී අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා. එනිසා අපේ වෙළෙඳසැලටම ඇවිත් භාණ්ඩ මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම භාණ්ඩයක් මිලදී ගැනීමේ දී භාණ්ඩයේ ගුණාත්මක බවට වඩා භාණ්ඩයේ මිල සම්බන්ධයෙන් සැලකිලිමත්වන නිසා පාරිභෝගිකයෝ භාණ්ඩයක් ලාබම තැනින් මිලදී ගන්න පුරුදුවෙලා තියෙන්නේ. දෛනිකව බිස්නස් එකක් පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා කිසිදු ලාබයක් නොබලාම ගන්න මුදලටම භාණ්ඩ විකුණන්න සිදුවෙලා තියෙන්නේ.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිස්නස් හොඳටම කඩාවැටිලා තියෙන්නේ